24 C
Colombo
Tuesday, January 21, 2025

පාකිස්ථාන ජාතිකයන් නවදෙනකුට කොළඹ මහාධිකරණයෙන් වසර දහයක සිරදඬුවමක්

- Advertisement -

විශාල මත්ද්‍රව්‍ය තොගයක් ප්‍රවාහනය කිරීමේ චෝදනාව මත 2020 වසරේදී අත්අඩංගුවට ගත් පාකිස්ථාන ජාතිකයන් නවදෙනකුට කොළඹ මහාධිකරණය වසර දහයක සිරදඬුවමක් නියම කර තිබෙනවා.

2020 ජනවාරි 01 වැනිදා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය සහ නාවික හමුදාව එක්ව සිදුකළ වැටළීමකදී සැකකාර මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 581යි ග්‍රෑම් 34ක් සහ අයිස් කිලෝග්‍රෑම් 614 ක් සන්තකයේ තබාගෙන සිටි පකිස්ථාන ජාතිකයන් 9 දෙනකු අත්අඩංගුවට ගෙන තිබුණා.

2021 සැප්තැම්බර් 28 වැනි දින රජයේ රස පරීක්ෂකගේ වාර්තාවලට අනුව එම මත්ද්‍රව්‍ය තොගය කෙටමින් කිලෝග්‍රෑම් 491ක් සහ මෙතම්ෆෙටමින් කිලෝග්‍රෑම් 471ක් ලෙස තීරණය වි තිබෙනවා.

2024 මැයි 6 වැනි දින කොළඹ මහාධිකරණය හමුවේ නඩුව කැඳවූ අවස්ථාවේදී විත්තිකරු වරද පිළිගැනීමෙන් අනතුරුව වසර 10ක සිර දඬුවම් නියම වි තිබෙන බවට වාර්තා වනවා.

RECENT ARTICLES - SINHALA

ජනපති අනුර සහභාගිවන සිරස ‘සටන’ සජීවීව නරඹන්න

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහභාගි වන 'පරණ පුරුදු සටන' වැඩසටහන අද (21) පස්වරු 10.30 සිට සිරස TV නාළිකාව ඔස්සේ සජීවීව විකාශය වනවා. එම වැඩසටහන...

රියදුරන්ට පොලීසියෙන් දැනුම්දීමක්

මහනුවර මහියංගණය ප්‍රධාන මාර්ගය මහනුවර පොලිස් වසමේ තැන්නේකුඹුර හන්දියෙන් හා හසලක පොලිස් වසමේ පාලම් හන්දියෙන් රාත්‍රී කාලයේදී වසා දැමීම නිසා රියදුරන්ට භාවිත කළ හැකි...

අලුත් පත්කිරීම් 3කට කැබිනට් අනුමැතිය

රාජ්‍ය සේවයේ ඉහළ තනතුරු 3ක් සඳහා නව පත්කිරීම් සිදුකිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැති හිමිව තිබෙනවා. ඒ අනුව, සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ධුරය සඳහා ශ්‍රී...

POPULAR ARTICLES

තුර්කියේ හෝටලයක ඇති වූ ගින්නකින් මියගිය සංඛ්‍යාව ඉහළට

තුර්කියේ හෝටලයක ඇති වූ ගින්නක් හේතුවෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 66 දක්වා ඉහළ ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. එම මාධ්‍ය වාර්තා කර ඇත්තේ තවත්...