27 C
Colombo
Saturday, June 10, 2023

ගම්මන්පිළට එරෙහි විශ්වාසභංගය පරාජය වේ

- Advertisement -

බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිළ මහතාට එරෙහිව විපක්ෂය විසින් ඉදිරිපත් කළ විශ්වාසභංග යෝජනාව වැඩි ඡන්ද 91කින් පරාජය කිරීමට රජය සමත් විය.

මෙහිදී විශ්වාසභංගයට පක්ෂව ඡන්ද 61ක් සහ විපක්ෂව ඡන්ද 152ක් ලැබිණි.

මෙහිදී විශ්වාසභංගය පරාජය උදෙසා ඡන්දය ලබා නොදෙන බවට මින් පෙර ප්‍රකාශ කළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සිය මතය වෙනස් කර තිබීම විශේෂත්වයක්.

මෙහිදී විපක්ෂයේ මන්ත්‍රීවරුන් වන හරීන් ප්‍රනාන්දු, චමින්ද විජේසිරි සහ හේෂා විතානගේ යන මන්ත්‍රීවරුන් ඡන්දය ලබාදීමට පැමිණ සිටියේ නෑ.

එමෙන්ම, විජේදාස රාජපක්ෂ මෙන්ම අමාත්‍ය චමල් රාජපක්ෂ මහතාද ඡන්දය ලබාදීමට පැමිණ සිටියේ නෑ.

මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ ප්‍රශ්න කර සිටි අතර එහිදී ආණ්ඩුපක්ෂයෙන් ප්‍රතිචාර ලෙස දැක්වුණේ අමාත්‍ය චමල් රාජපක්ෂ මේ වනවිට නිරෝධායනයේ පසුවන බවයි.

ඉන්ධන මිල ඉහළදැමීමට විරෝධය පළකරමින් බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතාට එරෙහිව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් 43 දෙනෙකුගේ අත්සනින් යුතුව එම විශ්වාසභංග යෝජනාව ඉදිරිපත්කර තිබූ අතර එය ජුනි මස 26 වනදා කථානායකවරයා වෙත භාරදෙනු ලැබීය.

RECENT ARTICLES - SINHALA

ජංගම දුරකථන සහ උපාංග වල මිල 20% කින් අඩු වන ලකුණු?

ජංගම දුරකථන සහ උපාංග වල මිල සියයට 20 කින් පමණ අඩු කිරීමට තීරණය කර ඇති බව ශ්‍රී ලංකා ජංගම දුරකථන ආනයන සහ...

කිරින්ද වෙරළේදී තරුණියන් දෙදෙනෙකු රළ පහරට හසුවෙයි

කිරින්ද විහාරය ආසන්නයේදී මුහුදු රළ පහරට හසුවීමෙන් තරුණියක් අතුරුදහන්ව තවත් තරුණියක් මියගොස් තිබෙනවා. අද (09) උදෑසන කාලයේදී තරුණියන් තිදෙනෙකු...

විදේශගත ශ්‍රමිකයින්ගෙන් ඩොලර් මිලියන 480 ක්

මැයි මාසයේදී විදේශගත ශ්‍රමිකයන් මෙරටට ඩොලර් මිලියන 480 කට වැඩි මුදල් ප්‍රමාණයක් එවා ඇති බව කම්කරු හා විදේශ කටයුතු අමාත්‍යාංශය පවසනවා.

RECENT ARTICLES - ENGLISH

Consideration of ‘Casino Bill’ postponed until regulatory authority established

0
Consideration of Betting and Gaming Taxes (Amendment) Bill postponed until timeline for establishing regulatory authority is worked out, the Committee on Public...

Ajith Prasanna sentenced another six months RI

0
Major (Retired) Ajith Prasanna has been sentenced to six months of rigorous imprisonment by the Court of Appeal. This...

Danushka Gunathilaka to stand trial accused of raping woman in Sydney

0
Cricketer Danushka Gunathilaka will stand trial accused of raping a woman while in Sydney for the T20 World Cup.