29 C
Colombo
Saturday, July 27, 2024

සාරා ගැන සාක්ෂි නෑ; ඕවා ඕපාදූප..! – සරත්

- Advertisement -

කටුවාපිටිය දේවස්ථානයට බෝම්බ ප්‍රහාරය එල්ල කළ මරාගෙන මැරුණු හස්තූන් නැමති ත්‍රස්ථවාදියාගේ බිරිඳ වූ සාරා ජෙස්මින් නොහොත් පුලස්ථිනී මහේන්ද්‍රන් නමැත්තිය නමැත්තිය ජීවතුන් අතර සිටින බවට හෝ පාස්කු ප්‍රහාරය එල්ල කළ ත්‍රස්තාවාදියෙකුට බුද්ධි අංශ සමග සම්බන්ධතා තිබුණු බවට හෝ කිසිදු සාක්ෂියක් හමුවී නොමැති බවත් බොහෝවිට ඒවා ඕපාදූප වියහැකි බවත් මහජන ආරක්ෂාව පිළිබඳ රාජ්‍ය අමාත්‍ය සරත් වීරසේකර පවසයි.

අමාත්‍ය සරත් වීරසේකර මේ බව පැවසුවේ පෙරේදා (18) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවක් අමතමින්.

“සාරා කියන කාන්තාව ජීවත්වෙලා ඉන්නවාද නැද්ද කියන එක සම්බන්ධව තාම ස්ථිර නැහැ. මොකද ඇය ජීවත්වෙලා ඉන්නවා කියලා කියපු සාක්ෂි සියල්ලක්ම පරස්පර විරෝධීයි සාවද්‍යයි කියලා ඔප්පුවෙලා තියෙනවා. ඒ හින්දා දැනට ඒ DNA අපි පරීක්ෂා කළා දෙපාරක්. තව පාරක් නැවත වරක් මළසිරුරු ගොඩ අරගෙන පරීක්ෂා කරන්න නීතිමය සහාය ඉල්ලලා තියෙනවා. ඉතිං සාරා ජීවත් වෙනවා කියන එක ගැන කිසිම නිත්‍ය තොරතුරක් තාම සනාථ වෙලා නෑ. 

දෙවැනි එක තමයි සහරාන්ගෙ බිරිඳ හාදියාව සීඅයිඩී එකෙන් මං හිතන්නෙ දවස් ගණනාවක්ම ඇයගෙන් ප්‍රශ්න කරලා තියෙනවා, ඇයගෙන් තොරතුරු ලබාගෙන තියෙනවා, අර බෝම්බය තිබ්බ ත්‍රස්තවාදියා සමග බුද්ධි නිලධාරීන් හිටි බවට මට නම් කිසිම සාක්ෂියක් නෑ. ඒක බොහෝවෙලාවට ඔය මිනිස්සු කියන ඕපාදූප එකක් වෙන්න ඇති. නමුත් ඒවායෙ තියෙනවා නම් ඔහුවත් දැනට අපි කටයුතු කරලා ඇති. මොකද මේකෙ කිසිම සැකකරුවෙක්ව හංගන්න මේ රජයට කිසිම වුවමනාවක් නෑ”

RECENT ARTICLES - SINHALA

නිට්ටඹුවේ බිහිසුණු අනතුරක්. අයෙක් මරුට

නිට්ටඹුව - තිහාරිය ප්‍රදේශයේදී අද (27) උදෑසන නුවර සිට කොළඹ දෙසට ධාවනය වූ ජීප් රථයක් මාර්ගය අයිනේ ගමන් කරමින් සිටි පුද්ගලයෙකුගේ ගැටී අනතුරක් සිදුව...

මිල ප්‍රදර්ශනය නොකළොත් වැඩ වරදී

ග්‍රෑම් 450ක පාන් ගෙඩියක මිල රුපියල් 10කින් අඩු කිරීමට පියවර ගැනීමත් සමඟ මිල ප්‍රදර්ශනය නොකරන වෙළෙඳසැල් හිමියන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට පියවර ගන්නා බව...

විකල්ප ඡන්ද මධ්‍යස්ථානවලදී ඡන්දය භාවිත කිරීමට අවසර

ජනාධිපතිවරණයේදී නියමිත ඡන්ද මධ්‍යස්ථානය හැර වෙනත් ස්ථානයකදී ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා ඉල්ලුම් කළ හැකි බව ජාතික මැතිවරණ කොමිෂන් සභාව පවසනවා. අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරමින්...

POPULAR ARTICLES

අසාදු ලේඛනයට යන වාහන

පරිසරයට අහිතකර දුම් පිටවන වාහන 93ක් පමණ මේ වසර තුළ අසාදු ලේඛන ගත කර ඇති බව වායු විමෝචන භාරකාර අරමුදල පවසනවා. එහි අධ්‍යක්ෂ දසුන් ගමගේ...

අනුරගේ ප්‍රකාශයට හරින්ගෙන් පිළිතුරු ලිපියක්

පසුගිය දිනක ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා විසින් හරීන් ප්‍රනාන්දු සහ මනූෂ නානයක්කාර මහතාගේ විදෙස් ගමන් සදහා මුදල් වැය වූ ආකාරය...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව ඩොලරයේ අගයෙහි සුළු වෙනසක් සිදුව තිබෙනවා. ඒ අනුව ඩොලරයේ...