28 C
Colombo
Saturday, May 18, 2024

ශ්‍රී ලංකාවට තවදුරටත් මූල්‍ය ආධාර දෙන්නේ නැහැ – ඉන්දියාව

- Advertisement -

ශ්‍රී ලංකාවට තවදුරටත් මූල්‍ය ආධාර ලබාදීමට අදහස් නොකරන බවට ඉන්දියාව පවසන බව රොයිටර් පුවත් සේවය වාර්තා කරනවා.

ඉන්දියාව පවසන්නේ මෙම වසර තුළදී පමණක් මේ දක්වා ඉන්දියාව විසින් ශ්‍රී ලංකාවට ඩොලර් බිලියන 4කට ආසන්න මුදලක් ලබාදී ඇති බවයි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) සමග ඇති කරගත් මූලික ණය ගිවිසුමකින් පසු ශ්‍රී ලංකාවේ අර්බුදකාරී ආර්ථිකය ස්ථාවරවීමට පටන් ගන්නා බැවින් ඉන්දියාව මෙම ස්ථාවරය ගත් බව රොයිටර්ස් පුවත් සේවය පවසනවා.

ඒ අනුව ශ්‍රී ලංකාව ඉන්දියාවෙන් ඉල්ලුම්කර ඇති ඩොලර් බිලියනයක නව විනිමය හුවමාරු ණය මුදල සහ ඉන්ධන ලබාගැනීමට ඉල්ලුම්කර ඇති ඩොලර් මිලියන 500ක ණය මුදල නොලැබෙන තත්ත්වයක් මතුව ඇතැයි රොයිටර්ස් පුවත් සේවය වැඩිදුරටත් වාර්තා කරනවා.

පසුගිය මැයි සහ ජුලි අතර කාලසීමාවට වඩා දැන් මෙරට තත්ත්වයේ යම් ප්‍රකෘතිමත්වීමක් දක්නට ලැබෙන බවද එම වාර්තා මගින් පෙන්වා දී තිබෙනවා.

ඉන්දියාව මේ වනවිට මේ වසරේදී ඩොලර් බිලියන 3.8ක මූල්‍යධාර ලබාදී ඇති බවත් දැන් ඒ සියල්ල තීරණය වෙන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මත බවත් ඉන්දීය රජයේ ආරංචි මාර්ග උපුටා දක්වමින් රොයිටර්ස් පුවත් සේවය වාර්තා කරනවා.

මෙරට ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ සාකච්ඡා සඳහා ජපානය සහ චීනය සමග ඉන්දියාවටද ආරාධනා කරනු ඇති අතර එවැනි සමුළුවක් මේ වසර තුළ දකුණු කොරියාවේ පැවැත්වීමට ඉඩ ඇතැයි රොයිටර්ස් වැඩිදුරටත් සදහන් කරනවා.

RECENT ARTICLES - SINHALA

‍රෝමේන් විලිස්ට වාරණ නියෝගයක්

නව පරපුරේ ජනප්‍රිය ගායන ශිල්පිනියක වන රොමේන් විලිස් හට කොළඹ වාණිජ මහාධිකරණය වාරණ නියෝගයක් නිකුත් කර තිබෙනවා. ඒ ඇය විසින් මෑතකදී නිකුත් කරන ලද “ඒ...

මැල්සිරිපුර පොලිසියෙන් පාසල් සිසුවෙක්ට අමානුෂික ප්‍රහාරයක්

නිවසකින් වායු රයිෆලයක් සහ ජංගම දුරකථනයක් සොරාගත් බව පවසමින් ගමේ පාසල් සිසුවකු ඇතුළු දෙදෙනෙක් මැල්සිරිපුර පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. එලෙස අත්අඩංගුවට ගත් තිදෙනාගෙන් පාසල්...

කාවිංග පෙරේරා රනිල්ගේ දෑත ශක්තිමත් කරන්න ගිහින්

ජනප්‍රිය රංගන ශිල්පී කාවිංග පෙරේරා එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකත්වය ලබාගෙන තිබෙනවා. ඒ අද (18) උදෑසන සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවති එක්සත් ජාතික පක්ෂයේ තරුණ වෘත්තීය වේදින්ගේ...

POPULAR ARTICLES

අනුර කුමාර ජවිපෙ සාමාජිකයෙක් බව කියන්න බැහැ, ඔහු මටත් වඩා බාලයි – කමල් අද්දරආරච්චි

71 කැරැල්ලේදී සිදුවූ ඇතැම් සිදුවීම් සහ ඉන් පසුව ජනතා විමුක්ති පෙරමුණේ ගිණුමට බැර කරමින් සිදුකළ ඇතැම් අපරාධ සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණට චෝදනා එල්ල කිරීම...

මහනුවර ඇසළ පෙරහැරට බාධාවක්

මහනුවර ඇසළ පෙරහර සමයේම සබරගමුව මහ සමන් දේවාලයේ පෙරහැර යෙදීම හේතුවෙන් අලි ඇතුන් සහභාගී කරවීමේ ගැටලුවක් මතුව ඇති බව හීලෑ අලි ඇතුන් හිමිකරුවන්ගේ සංගමය...

ලාල් කාන්ත ඇතුළු විරෝධතාකරුවන් පිරිසකට තහනම් නියෝගයක්

මාළිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයෙන් වෘත්තිය සමිති නායකයින් කිහිපදෙනෙකු ඇතුළු පිරිසකට තහනම් නියෝගයක් නිකුත් කර තිබෙනවා. කේ ඩී ලාල්කාන්ත, මහින්ද ජයසිංහ, රන්ජන් ජයලාල් ඇතුළු විරෝධතාකරුවන් පිරිසකට එරෙහිව...