26 C
Colombo
Monday, April 29, 2024

නියඟය මැද නොරොච්චෝලේ යළි කැඩෙයි – දිගු කාලීන විසඳුම කොතැනද?

- Advertisement -

චීනය ඉදිකළ නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරයේ ඒකක තුනෙන් එකක් අගෝස්තු 08 වැනි දින යළි බිඳවැටීමකට ලක්වූ අතර අතර, නියඟය හේතුවෙන් ශ්‍රී ලංකාවේ විශේෂයෙන් ජල විදුලි නිෂ්පාදනයට දැඩි බලපෑම් එල්ල වී ඇති අවස්ථාවක විදුලිය උත්පාදනයට ඒ හරහා දැඩි පීඩනයක් එල්ල වී තිබේ.

ඒ වන විටත් එක් ජනක යන්ත්‍රයක් අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් වසා දමා තිබූ අතර මෙම බිඳවැටීම හේතුවෙන් මේ වන විට බලාගාරයේ එක් ඒකකයක් පමණක් ක්‍රියාත්මක වන අතර බලාගාරයෙන් ජාතික පද්ධතියට එක්කරනුයේ මෙගාවොට් 270ක විදුලි ධාරිතාවක් පමණි.

කෙසේ වුවද දිවයින පුරා අඛණ්ඩ විදුලිය ලබා දෙන බවට විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර සහතික විය.

කෙසේ වෙතත්, කෘෂිකාර්මික කටයුතු සඳහා උඩවලව ජලාශයට ජලය මුදා හැරීම ආරම්භ කිරීම හේතුවෙන් සමනලවැව ජලවිදුලි බලාගාරය මගින් විදුලි උත්පාදනය අගෝස්තු 16 වනදා වන විට අඩාල වන බැවින් අගෝස්තු 15 වනදා සිට අඛණ්ඩ සැපයුමක් සහතික කිරීම සඳහා විදුලිය මිලදී ගත යුතු බව ඔහු මීට පෙර ප්‍රකාශ කළේය.

රටේ බොහෝ ප්‍රදේශ මාස කිහිපයක සිට නියඟයකට මුහුණ දෙන නිසා ගොවීන් තම වගාවට ජලය සොයා ගැනීමට අරගල කරති. සමනලවැව ජලාශයෙන් ජලය නිකුත් කරන ලෙස බලකරමින් හම්බන්තොට ගොවීන් විරෝධතාවයේ ද නිරත වූහ.

මේ අතර, මෙරට විශාලතම ජල විදුලි බලාගාරය වන වික්ටෝරියා ජල විදුලි බලාගාරය උපරිම ධාරිතාවයෙන් විදුලිය උත්පාදනය කළහොත් එහි ධාරිතාව ප්‍රමාණවත් වන්නේ දින 30ක් පමණක් බව විදුලි බල මණ්ඩලය ප්‍රකාශ කළේය.

පසුගිය කාලයේ ගිගාවොට් පැය 01 ට අඩු ධාරිතාවයකින් විදුලිය උත්පාදනය සඳහා ජලය නිකුත් කළ ද නොරොච්චෝලේ බලාගාරයේ එක් ජනන යන්ත්‍රයක් බිඳවැටීම හේතුවෙන් අගෝස්තු 09 වැනිදා සිට ගිගාවොට් පැය 2.5 ක විදුලිය උත්පාදනය සඳහා ජලාශයෙන් ජලය ඝන මීටර් මිලියන 6.5 ක් නිකුත් කෙරෙමින් පවතී.

චීන ණය ආධාර මත ඉදි කෙරුණු නොරොච්චෝලේ බලාගාරය මෙලෙස විටින් විට අක්‍රිය වීම පසුගිය කාලයේ විදුලි බිල වැඩි කිරීමට ද ප්‍රධාන හේතුවක් විය.

චයිනා මැෂිනරි ඇන්ඩ් ඉංජිනියරින් කෝපරේෂන් (සීඑම්ඊසී) විසින් 2014 දී ඉදිකිරීම් අවසන් කරන ලද බලාගාරය 20 වතාවකට වඩා බිඳවැටීම්වලට ලක්ව තිබේ. ඒ සෑම අවස්ථාවකදීම විදුලි බල මණ්ඩලයට සිදු වූයේ පාඩුව විඳ දරා ගැනීමටය. එය හදිසි මිලදී ගැනීමක් හෝ වියළි කාලයේ විදුලිය උත්පාදනය සඳහා ඉතිරි කර ගත් ජලයෙන් විදුලි උත්පාදනය හෝ විදුලි කප්පාදුවක් හෝ මේ සියල්ලම විය හැකිය. ඒ හරහා ලංකා විදුලිබල මණ්ඩලයට සිදු වූයේ දැඩි මූල්‍ය පාඩුවක් විඳ දරා ගැනීමටය.

හිටපු විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී පෙරේරා වරක් චෝදනා කළේ ප්‍රමිතියෙන් තොර සහ යල් පැන ගිය යන්ත්‍ර යොදා ගනිමින් ඉදිකර ඇති මෙම බලාගාරය ජාත්‍යන්තර ප්‍රමිතීන්ට වඩා බෙහෙවින් පහළ මට්ටමක පවතින බවය.

ශ්‍රී ලංකාව දැඩි ආර්ථික අර්බුදයක් තුළ නියඟයකට මුහුණ දී සිටින මොහොතක ලක්විජය ගල් අඟුරු බලාගාරය බිඳ වැටීමෙන් සිදුවන්නේ රටට අඛණ්ඩ විදුලිය සැපයීමේ ප්‍රශ්නය තවත් උග්‍රවීම පමණි.

කලාපීය වශයෙන්, භූතානය සහ මාලදිවයින සමඟ එක්ව 2020 වන විට ශ්‍රී ලංකාව සියයට 100 ක ඉහළම විදුලි සබඳතාවයේ වාර්තාව අත්කර ගෙන ඇත. කෙසේ වෙතත්, ශ්‍රී ලංකාව තුළ අඛණ්ඩ විදුලි සැපයුමක් පවත්වා ගැනීම අභියෝගයට ලක්ව ඇත්තේ විදුලි උත්පාදනය ප්‍රධාන වශයෙන් ආනයනික ඉන්ධන තෙල් සහ ආනයනික ගල් අඟුරු මත යැපීම හේතුවෙන්ය.

නොරොච්චෝලේ නිතර සිදුවන බිඳවැටීම් වළක්වා ගැනීමටත්, ඉන්ධන සහ ගල් අඟුරු ආනයනයේදී විදේශ මුදල් රටින් පිටතට ගලායාමෙන් ඉතිරි කර ගැනීමටත් අඛණ්ඩ විදුලි සැපයුමක් ලබාදීමටත් වසර ගණනාවක් පුරා යෝජනා රැසක් ඉදිරිපත් කර ඇත. පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් භාවිතයෙන් විදුලිය නිපදවීමට ද රට විවිධ ක්‍රමවේද අනුගමනය කර ඇත.

විදුලි බලයෙන් ස්වයංපෝෂිත වීම සහ ඉන් අනතුරුව ඉන්දියාවට විදුලිය අපනයනය කිරීම පිළිබඳව ශ්‍රී ලංකාව තුළ පසුගිය කාලය තුළ බොහෝ කතාබහ ඇති විය. මුළු මහවැලි හැරවුම් වැඩසටහන වසර 30කින් අවසන් කරද්දී ඉන්දියාවට විදුලිය අපනයනය කිරීමේ හැකියාව ගැන එවකට ශ්‍රී ලංකාවේ විදුලිබල හා වාරිමාර්ග ඇමැති මෛත්‍රීපාල සේනානායක මහතා කතා කළේ 1976දීය. ව්‍යාපෘතිය අවසන් වූ නමුත් හේතු ගණනාවක් නිසා කිසිඳු රටකට විදුලිය අපනයනය කිරීමට ශ්‍රී ලංකාවට නොහැකි විය.

ශ්‍රී ලංකාව දූපතක් වීමත් ඉන්දියාව සමඟ දේශසීමා බෙදා නොගැනීමත් දෙරටට විදුලිබලය බෙදාගැනීම පහසු නොවීය. අසල්වැසි භූතානය, බංග්ලාදේශය සහ නේපාලය සමඟ විදුලිය වෙළඳාම් කරන බැවින් ඉන්දියාව දැනටමත් දේශසීමා විදුලි වෙළඳාමේ විශිෂ්ටත්වය පත්ව සිටී. පවතින විදුලි වෙළඳ ගිවිසුම් ද්විපාර්ශ්වික වන අතර සහභාගී වන රටවලට එක හා සමාන ප්‍රතිලාභ අත්කර දී ඇත.

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර විදුලි ජාල සම්බන්ධ කිරීම සඳහා සැලසුම් පළමු වරට යෝජනා කරන ලද්දේ දශකයකට පමණ පෙර, රජයන් 2010 දී ගිවිසුමක් අත්සන් කිරීමත් සමඟ ය. ඒ වන විට මෙම ව්‍යාපෘතිය සඳහා ඉන්දියානු රුපියල් බිලියන 40ක පමණ මුදලක් ඇස්තමේන්තු කළ අතර එමගින් මෙගාවොට් 1000ක් පමණ විදුලිය හුවමාරු කර ගැනීමට පහසුකම් සැලසෙනු ඇතැයි අපේක්ෂා කෙරුණි.

නොරොච්චෝලේ බලාගාරයේ නිරන්තර බිඳවැටීම් සහ වසරේ එක් කාලයක දී ජල විදුලි උත්පාදනය සීමා වීම් හේතුවෙන් අඛණ්ඩ විදුලිය සැපයීම සඳහා ශ්‍රී ලංකා රජයට තාප ඉන්ධන ලබා ගැනීමට නොහැකි වූ බැවින්, ඉන්දියාව සමඟ ඒකාබද්ධ විදුලිබල පද්ධතියකට ඒකාබද්ධ වීමේ ප්‍රතිලාභ මෙරට ආයතනවලට වැටහුණි. මෙය සහජයෙන්ම ඉදිරිපත් වන්නේ රට පුනරාවර්තන විදුලි අර්බුදයෙන් මුදා ගැනීමට ය.

පසුගිය වසරේ අප්‍රේල් මාසයේදී ඉන්දියාව සහ ශ‍්‍රී ලංකාව කියා සිටියේ තම විදුලිබල පද්ධති සම්බන්ධ කිරීම පිළිබඳ සාකච්ඡා යළි ආරම්භ කළ බවයි.

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ජාල සම්බන්ධතාවය සමඟ කලාපීය බලශක්ති ඒකාබද්ධ කිරීම සඳහා ශ්‍රී ලංකා රජය දැන් ප්‍රමුඛත්වය දී ඇති අතර විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පසුගියදා ප්‍රකාශ කළේ මෙය 2030 වන විට ක්‍රියාත්මක කිරීමට නියමිත බවයි.

ජුලි මාසයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ඉන්දීය සංචාරයේදී අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා ද ප්‍රකාශ කළේ නායකයන් දෙපළ සමුද්‍රීය, ගුවන්, බලශක්ති සහ ජනතාව අතර සබඳතා ශක්තිමත් කිරීමටත්, අන්‍යෝන්‍ය සහයෝගීතාව වේගවත් කිරීමටත් එකඟතාවකට එළැඹි බවයි.

මුහුද යට කේබල් සහ තෙල් නල මාර්ගයෙන් විදුලිබල ජාලයන් සම්බන්ධ කිරීමේ ව්‍යාපෘති සඳහා සමස්තයක් වශයෙන් ඩොලර් බිලියන 4 ක් පමණ වැය වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

දකුණු ඉන්දියාවට මේ මොහොතේ අතිරික්ත බලශක්ති උත්පාදනයක් තිබේ. මිල අධික ඩීසල්, ගල් අඟුරු හෝ LNG නැව්ගත කිරීම වෙනුවට, දකුණු ඉන්දියාවෙන් විදුලිය මිලදී ගැනීම ආර්ථික වශයෙන් අර්ථවත් විය හැකිය. එය සිදු නොකළත්, නඩත්තු කටයුතු සඳහා රට තුළ විදුලි ජනක යන්ත්‍ර වසා දැමීමට සිදු වූ විට හෝ ඒ හා සමාන තත්ත්වයන් යටතේ බලශක්ති උත්පාදනයේ ගැටලු ඇති වූ අවස්ථාවල, කේබලයේ පැවැත්ම තාවකාලික විදුලිය මිලදී ගැනීමට අවස්ථාව උදා කරනු ඇත.

RECENT ARTICLES - SINHALA

ගුරු අධ්‍යාපනඥ සේවා නිලධාරීන් අද වර්ජනයක

වැටුප් විෂමතා ගැටලුවට විසඳුම් ඉල්ලා වෘත්තීය සමිති ක්‍රියාර්ගයකට එළැඹීමට තීරණය කළ බව සමස්ත ලංකා ගුරු අධ්‍යාපනඥ සේවා නිලධාරීන්ගේ සංගමය පවසනවා.  එහි ලේකම් ධම්මික මිරිහාන මහතා...

හත්දහසකට හිමිවු පොදු සමාව

නිවාඩු ලබා නොගෙන සේවයට වාර්තා නොකර සිටින යුද හමුදා සාමාජිකයින් 7,000කට අධික පිරිසක් පොදු සමා කාලයේ පළමු සතිය තුළ ඉවත් කර තිබෙනවා. අප්‍රේල් මස 20...

සංවර්ධන නිලධාරීන් හෙට ලෙඩවෙයි

ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් සංවර්ධන නිලධාරීන් හෙට (29) වෘත්තීය සමිති ක්‍රියා මාර්ගයකට එළඹීමට තීරණය කර තිබෙනවා. අද (28) මහනුවර පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් සංවර්ධන...

POPULAR ARTICLES

චොප්පෙගේ පුතා මරදානේ ඩීන්ස් පාර වහලා අවුරුදු උත්සවයක් තියලා

0
කොළඹ ප්‍රධාන මාර්ගයක් වන මරදාන ඩීන්සා පාර සම්පූර්ණයෙන්ම වසා දමා අවුරුදු උත්සවයක් පැවැත්වීමට මැද කොළඹ, සුදුවැල්ල නාගරික කොට්ඨාසයේ එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන සංවිධායක කිත්සිරි...

පොලිසියේ පස්දෙනෙක්ට ජීවිතාන්තය දක්වා සිර දඬුවම්

කන්තලේ භාරතීපුරම් ගම්මානයේදී මීට වසර 26කට පෙර නිරායුධ දෙමළ සිවිල් වැසියන් අටදෙනෙකු භාරතීපුරම් පොලිස් ස්ථානයට රැගෙන විත් සන්නද්ධ කණ්ඩායමක් විසින් වෙඩි තබා මරා දමන...

රනිල් අවුරුදු කුමාරියන්ට තෑගි දෙන්න ගිහිල්ලා

මැද කොළඹ - සුදුවැල්ල බක්මහ උළෙලේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහභාගී වී තිබෙනවා. මෙම වාර්ෂික බක්මහ උළෙල සුදුවැල්ල නාගරික කොට්ඨාසයේ එක්සත්...