28 C
Colombo
Saturday, July 27, 2024

කන්න නැතුව මළේ පොලිස් අස්සයෝ 7 ක් නෙවෙයි 1 ක්

- Advertisement -

පොලිස් ආශ්වාරෝහක කොට්ඨාශය සතුව වටිනාකමින් ඉහළ අශ්වයින් 07 දෙනෙක් ආහාර නොමැතිව මියගොස් ඇති බවට පළවන මාධ්‍ය වාර්තා අසත්‍යය බව එම කොට්ඨාශය පවසනවා.

පසුගියදා මාධ්‍ය වාර්තා කර තිබුණේ ඇමෙරිකානු ඩොලර් 35 ආසන්න වටිනාකමින් යුත් අශ්වයන් මෙලෙස මියගොස් ඇති බවයි.

කෙසේ වෙතත් පසුගිය මාස තුනකදී අශ්වයින් තිදෙනෙක් මියගොස් ඇති බවයි පොලිස් ආශ්වාරෝහක කොට්ඨාශයේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කළේ.

ඉන් අශ්වයින් දෙදෙනෙක් අසනීප තත්ත්වයක් හේතුවෙන් මියගොස් ඇති බවයි එම කොට්ඨාශයේ ප්‍රකාශකයෙක් කියා සිටියේ.

කෙසේ වෙතත් එක අශ්වයෙක් පෝෂණ ගැටළුවක් හේතුවෙන් මියගොස් ඇති බවයි සඳහන් වන්නේ.

මේ අශ්වයින් සඳහා ලබාදෙන ඇතැම් ආහාර විදෙස් රටවලින් ආනයනය කරන අතර පසුගිය සමයේ ඇති වූ ආර්ථික අර්බුධය හමුවේ එම ආහාර මෙරටට ආනයනය කර නොමැති බව වාර්තා වනවා.

RECENT ARTICLES - SINHALA

රනිල් බැසිල් හමුවෙදි මොකද වුණේ?

ජනාධිපති රනිල් වික්‍රමසිංහ හා බැසිල් රාජපක්ෂ අතර සාකච්ඡාවක් පසුගිය බ්‍රහස්පතින්දා (25) පැවත්වුණා. මෙහිදී ජනාධිපති අපේක්ෂකත්වය පිලිබදව හා ගොඩ නැගෙන්නට නියමිත සන්ධානය පිලිබදව දීර්ඝ ලෙස සාකච්ඡා...

ජනාධිපතිවරණය පැවැත්වීම ගැන චන්ග් සතුටින්

මැතිවරණ කොමිසම විසින් සැප්තැම්බර් 21 වැනිදා මෙරට ජනාධිපතිවරණය පැවැත්වීමට කටයුතු කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානපති ජුලී චන්ග් සිය ප්‍රසාදය පළකර තිබෙනවා. එහිදී ප්‍රජාතන්ත්‍රවාදය සඳහා...

අපි අපේක්ෂකයෙක් ඉදිරිපත් කරන්නේ නෑ – සුමන්තිරන්

ජනාධිපතිවරණය සඳහා ඉලංකෙයි තමිල් අරසු කච්චි (ITAK) පක්ෂය අපේක්ෂකයකු ඉදිරිපත් නොකරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් මහතා පවසනවා. එහෙත් ඉදිරි දින කිහිපයේ දී ජනාධිපතිවරණයේ ප්‍රධාන...

POPULAR ARTICLES

අසාදු ලේඛනයට යන වාහන

පරිසරයට අහිතකර දුම් පිටවන වාහන 93ක් පමණ මේ වසර තුළ අසාදු ලේඛන ගත කර ඇති බව වායු විමෝචන භාරකාර අරමුදල පවසනවා. එහි අධ්‍යක්ෂ දසුන් ගමගේ...

අනුරගේ ප්‍රකාශයට හරින්ගෙන් පිළිතුරු ලිපියක්

පසුගිය දිනක ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා විසින් හරීන් ප්‍රනාන්දු සහ මනූෂ නානයක්කාර මහතාගේ විදෙස් ගමන් සදහා මුදල් වැය වූ ආකාරය...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව ඩොලරයේ අගයෙහි සුළු වෙනසක් සිදුව තිබෙනවා. ඒ අනුව ඩොලරයේ...