32 C
Colombo
Sunday, June 4, 2023

ආයුර්වේද ප්‍රතිකාර ලබන එකම කොරෝනා රෝගියෙක්වත් මිය ගිහින් නැහැ – සිසිර

- Advertisement -

ආයුර්වේද ප්‍රතිකාර ලබන එකම කොවිඩ් 19 ආසාදිත රෝගියෙක් හෝ මෙතක් මිය ගොස් නැති බව දේශීය වෙදකම් ප්‍රවර්ධන, ග්‍රාමීය හා ආයුර්වේද රෝහල් සංවර්ධන හා ප්‍රජා සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මහතා පවසයි.

ඒ, අද (27) කොළඹදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

මේ වන විට ආයුර්වේද රෝහල් තුළ කොවිඩ් 19 ආසාදිත රෝගීන් සඳහා දේශීය වෛද්‍ය ප්‍රතිකාර කිරීමට ඉඩ ලබා දී තිබෙන අතර මධ්‍යම රජයට අයත් සියලුම් රෝහල් මෙන්ම ශික්ෂණ රෝහල් තුළද එම ප්‍රතිකාර සිදුකරන බවයි රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ.

”මෙහිදී දේශීය චිකිත්සක ක්‍රම සම්බන්ධයෙන් කාර්ය සාධක කණ්ඩායමක් පත් කර තිබෙනවා. දිනෙන් දින එමඟින් නව ඖෂධ ඉදරිපත් වෙමින් තිබෙනවා. වෙළෙඳ පොළෙනුත් දැන් දේශීය ඖෂධ ලබා ගැනීමට හැකියි. මධ්‍යම රජයට අයත් ආයුර්වේද රෝහල්, ශික්ෂණ රෝහල් ඇතුළුව කොවිඩ් ආසාදිත රෝගීන් සඳහා ප්‍රතිකාර ලබා දෙමින් තිබෙනවා. විශේෂයෙන් බස්නාහිර පළාත් සභාවට අයත් රෝහල්වලින් තමයි අපට එම සහය ලැබෙන්නේ නැත්තේ.”

මේ වන විට බටහිර ප්‍රතිකාර කරන රෝහල්වල පවා දේශීය ඖෂධ ලබාදීම සිදුවෙන අතර මේ කාලය තුළ දේශීය වෛද්‍ය ක්‍රමයේ පුනර්ජීවනයක් ලබා ඇති බවද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කරන ලදි.

RECENT ARTICLES - SINHALA

දිස්ත්‍රික්ක තුනකට අවදානම් නිවේදන

පවතින අයහපත් කාලගුණය හේතුවෙන් දිස්ත්‍රික්ක තුනකට නායයෑමේ අවදානම් නිවේදන නිකුත් කර තිබෙනවා. ඒ අනුව බදුල්ල, ගාල්ල සහ  කලුතර...

හොරුන්ගෙන් යැපෙන ජනාධිපති හොරු අල්ලන්නේ නෑ- සජිත්

හොරුන්ගෙන් යැපෙන නායකයෙකුට හොරු ඇල්ලීම සිදුකල නොහැකි බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. ඒ, උදාවක ඇරඹුම වැඩසටහන යටතේ තිස්සමහාරාම...

සිසුන් 31කට යාපනය විශ්වවිද්‍යාලය තහනම් වෙයි

යාපනය විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලබන සිසුන් 31 දෙනෙකුට එම විශ්වවිද්‍යාලයට ඇතුළුවීම තාවකාලිකව තහනම් කර තිබෙනවා. ඒ, එම විශ්වවිද්‍යාලයේ කළමනාකරණ අධ්‍යයන...

RECENT ARTICLES - ENGLISH

Risk notices for three districts

0
Landslide warnings have been issued in three districts due to inclement weather. According to the National Building Research Organization,...

Jaffna University bans 31 students

A total of 31 students studying at the University of Jaffna have been temporarily barred from entering the university.

A President who dependents on thieves will not catch thieves – Sajith

Leader of the Opposition Sajith Premadasa says that a leader dependent on thieves cannot catch thieves. This was at...