25 C
Colombo
Saturday, December 9, 2023

ප්‍රමාද වූ රියදුරු බලපත්‍ර ගැන දැනුම් දීමක්

- Advertisement -

ප්‍රමාදවී ඇති රියදුරු බලපත්‍ර කඩිනමින් නිකුත් කිරීමට වැඩපිළිවෙළක් සකස් කර ඇති බව කැබිනට් ප්‍රකාශක බන්දුල ගුණවර්ධන මහතා පවසනවා.

ඔහු මේ බව සඳහන් කළේ කැබිනට් තීරණ දැනුම්දීම සඳහා අද (21) පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවේදී.

බන්දුල ගුණවර්ධන මහතා එහිදී වැඩිදුරටත් සඳහන් කළේ,

“රියදුරු බලපත්‍ර 10,000කට වඩා වැඩි ප්‍රමාණයක් නිකුත් කරන්න තියෙනවා. ඒ ප්‍රමාදය අපි පිළිගන්නවා. ඒ සඳහා වැඩපිළිවෙළක් සකස් කරලා තියෙනවා.”

“ඒ වගේම ලබන්නා වූ වර්ෂය තුළදී මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් දෙපාර්තමේන්තුව ඊ මෝටරින් සම්පූර්ණයෙන් ඩිජිටල් කරණයට ලක් කිරීමෙන් වංචා දූෂණ අක්‍රමිතාවලින් තොරව කටයුතු කරන්න අවශ්‍ය සියලු කටයුතු කරලා තියෙනවා.”

“ඒ අතර මේ දිනවල එයට විරුද්ධව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් වෙලා තියෙනවා. ශ්‍රේෂ්ඨාධිකරණය විනිසුරුවරුන් මේ කටයුත්ත කඩිනමින් කරන්න… දීර්ඝ කාලයක් බැරි වුණ දේ කිරීම සඳහා අවශ්‍ය අනුමැතිය ලබාදෙයි කියලා බලාපොරොත්තු වෙනවා. ඒ තුළින් හිරවෙලා තියෙන රියදුරු බලපත්‍ර සියල්ල වඩා නවීන තාක්ෂණයෙන් නිකුත්කරන්න අවශ්‍ය වැඩපිළිවෙළ සකස්කරලා තියෙනවා.”

RECENT ARTICLES - SINHALA

අයිසීසීපීආර් යටතේ 44කට අධිචෝදනා ගොනු කරලා

සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ සම්මුති පනත (අයිසීසීපීආර්) යටතේ 2017 වසරේ සිට අත්අඩංගුවට ගත් 219 දෙනකු අතුරෙන් 44 දෙනකුට අධිචෝදනා ගොනු කර ශ්‍රී ලංකා...

ටොන් 4000ක පාවෙන තටාකයේ ඉදිකිරීම ඇරඹේ

ශ්‍රී ලංකා නාවික හමුදාව වෙනුවෙන් ඉදිකරන ටොන් 4000ක පාවෙන තටාකයේ ඉදිකිරීම් ආරම්භ කිරීමේ උත්සවය ගෝවාහිදී අද (08) පැවැත්වුණා. නාවික හමුදා මාධ්‍ය ඒකකය සඳහන් කළේ මෙම...

බදුල්ල – කොළඹ මාර්ගයේ උඩුවර ප්‍රදේශය නායයයි

බදුල්ල කොළඹ ප්‍රධාන මාර්ගයේ උඩුවර 6 කණුව ප්‍රදේශයේ මාර්ගය අද (8) පස්වරුවේ නායයාමට ලක්වීමෙන් උඩුවර 6 කනුව ප්‍රදේශයේ මාර්ගයේ රථ වාහන ධාවනය එක් මංතීරුවකට...

POPULAR ARTICLES

ලංකා විදුලිබල මණ්ඩලයෙන් විශේෂ නිවේදනයක් 

විදුලි පාරිභෝගිකයන් ලක්ෂ 50කට රතු බිල් යැවීම සම්බන්ධයෙන් පළවූ මාධ්‍ය වාර්තා සම්බන්ධයෙන් ලංකා විදුලිබල මණ්ඩලය විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එහි සඳහන්ව ඇත්තේ, විදුලිය පාරිභෝජනය...

පුත්තලමේ සනත් නිශාන්තගෙන් විශේෂ ප්‍රකාශයක්

තමන්ට පැනවූ පාර්ලිමේන්තු තහනම සම්බන්ධයෙන් අද (08) පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදු කිරීමට නියමිත බව රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා පවසනවා. දින 14 කාලයක් සඳහා තමන්ට...

අද ඇමෙරිකානු ඩොලරයේ අගය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (07) නිකුත් කරන ලද මුදල් විනිමය අනුපාත වාර්තාවට අනුව ඊයේ දිනයට සාපේක්ෂව අද දින එක්සත් ජනපද ඩොලරයේ විකුණුම්...