තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පනත යටතේ මහනුවර මහ නගර සභාවෙන් තොරතුරු ඉල්ලා සිටි පුරවැසියකුට තොරතුරු ලබා නොදුන් නගර සභාවේ උසස් පරිපාලන නිලයන් දරණ රාජ්‍ය නිලධාරින් දෙදෙනකුට නොතීසි නිකුත් කර ඇති බවට පුවතක් ‘ලංකාදීප’ වාර්තා කරනවා.
තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පිළිබඳ කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් ඩී. සී. දිසානායක මහතා විසින් අදාළ නිලධාරීන් දෙදෙනා වෙත නොතීසී නිකුත් කර තිබෙනවා.
මහනුවර මහ නගර සභාවේ සේවයේ නියුතු මෙම නිලධාරීන් සම්බන්ධයෙන් 2023 ජූනි 6 වැනිදා ලබාදී ඇති තීරණය පරිදි පොදු අධිකාරිය ක්‍රියාත්මක කිරීම පැහැර හැර ඇති බවට තොරතුරු දැනගැනීමේ කොමිෂන් සභාවට ලැබී ඇති අභියාචකගේ පැමිණිල්ලේ සඳහන් වෙනවා.
ඒ අනුව, මේ සම්බන්ධයෙන් විමසීමක් සිදු කෙරෙන බවට තොරතුරු කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා අදාළ නිලධාරීන් දෙදෙනා වෙත ලිඛිතව දැනුම් දී තිබෙනවා.