28 C
Colombo
Saturday, July 27, 2024

වැඩියෙන් මුදල් අය කළ පෞද්ගලික රෝහල් අධ්‍යක්ෂවරුන්ට නොතීසි

- Advertisement -

නේවාසිකව ප්‍රතිකාර ලැබු රෝගීයකුගෙන් උපරීම මිලට වඩා වැඩිමිල ගණන් යොදා මුදල් අයකිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින කොළඹ ප්‍රධාන පෙළේ පෞද්ගලික රෝහලක අධක්‍ෂවරුන්ට ලබන 21 වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙස නියම කරමින් නොතිසි නිකුත් කිරීම අත්හිටුවන්නැයි එම රෝහල වෙනුවෙන් කළ ඉල්ලීම ඉවත දැමු මාලිගාකන්ද මහේස්ත්‍රාත් ලෝචනි අබේවික්‍රම වීරසිංහ මහත්මිය අදාළ පෞද්ගලික රෝහලේ අධක්‍ෂවරුන්ට මෙන්ම ජාතික ඖධෂ නියාමන අධිකාරියටද එදින අධිකරණයේ පෙනී සිටින ලෙස නියම කරමින් නොතිසි නිකුත් කර තිබෙනවා.

නියමිත නඩු දිනයට පෙර පැමිණීල්ල හෝ අගතියට පත් පාර්ශවය නොමැති දිනයක මෝසමක් මාර්ගයෙන් ආයතනයේ නියෝජිතයකු අධිකරණය ඉදිරිපත් වු අවස්ථාවේදී වැඩබලන මහෙස්ත්‍රාත්වරිය දුන් නියෝගය නෛතික දෝෂ සහිත බව සඳහන් කළ මහෙස්ත්‍රාත්වරිය, යුක්තිය ඉෂ්ඨවීම පිණීස සහ ඒකපාර්ශවීය නොවු තීන්දුවක් දීම සඳහා නොතිසි නිකුත් කිරීමට තම අධිකරණයට අභිමතානුසාරි බලයක් ඇති බවද අවධාරණය කළා.

බලයලත් නියෝජිතවරයකු වන කැලුම් ගිමේන්ත්‍ර ජයසුරිය නමැත්තාට බලය දී ඇත්තේ රෝහල වෙනුවෙන් පෙනී සිටීමට මිස එහි අධ්‍යක්‍ෂවරුන් පෙනී සිටීමට නොවන බව අවධාරණය කරමින් මීට පෙර දිනයක ප්‍රධාන පෙළේ පෞද්ගලික රෝහලේ අධ්‍යක්‍ෂවරුන් 10 දෙනාට යළිත් වරක් නොතිසි නිකුත් කිරීම අභියෝගයට ලක් කර නීතීඥ ජීවන්ත ජයතිලක මහතා කළ ඉල්ලීම ප්‍රතික්‍ෂෙප කරමින් මහෙස්ත්‍රාත්වරිය එසේ අවධාරණය කරනු ලැබුවා.

ඒ අනුව, මෙලෙස නොතිසි නිකුත් කරන ලද්දේ කොළඹ ප්‍රධාන පෙළේ පෞද්ගලික රෝහලක අධක්‍ෂවරුන් වන විශාල් බාලී, අශෝක පතිරගේ, අන්තූර් නාන්ද් තදානි, මංජුල කරුණාරත්න, සුදර්ශන් අහංගම, හැරිස් ප්‍රේමරත්න, සිවකුමාර් සෙල්ලයියා, හරේෂ් කුමාර් කයිමාල් අජිත් කරුණාරත්න සහ අදාළ පෞද්ගලික රෝහලේ සේවිකාවක් වන බී.ඩී. සඳතිසරු නමැත්තන්ටයි.

RECENT ARTICLES - SINHALA

අපි අපේක්ෂකයෙක් ඉදිරිපත් කරන්නේ නෑ – සුමන්තිරන්

ජනාධිපතිවරණය සඳහා ඉලංකෙයි තමිල් අරසු කච්චි (ITAK) පක්ෂය අපේක්ෂකයකු ඉදිරිපත් නොකරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් මහතා පවසනවා. එහෙත් ඉදිරි දින කිහිපයේ දී ජනාධිපතිවරණයේ ප්‍රධාන...

අනුරගෙන් දේශබන්දුට අභියෝගයක්

දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පති ලෙස ඉදිරියේ දී යම්කිසි රාජකාරි කටයුත්තක් සිදුකළහොත් ඒ සම්බන්ධයෙන් අවශ්‍ය නීතිමය පියවර ගන්නා බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර...

මැතිවරණ නීතියට හිස නමා ත්‍රීරෝද රථයට ගොඩ වුණ මෛත්‍රී (වීඩියෝ)

නිදහස් පක්ශයේ ආසන සංවිධායකවරුන්ගේ හමුවක් අද (26) දින අතුරුගිරිය පෝරේ විජේදාස රාජපක්ශ මහතාගේ මැතිවරණ මෙහෙයුම් කාර්යාලයේ පැවැත්වුණා. මේ සදහා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ත්‍රීරෝද...

POPULAR ARTICLES

අසාදු ලේඛනයට යන වාහන

පරිසරයට අහිතකර දුම් පිටවන වාහන 93ක් පමණ මේ වසර තුළ අසාදු ලේඛන ගත කර ඇති බව වායු විමෝචන භාරකාර අරමුදල පවසනවා. එහි අධ්‍යක්ෂ දසුන් ගමගේ...

අනුරගේ ප්‍රකාශයට හරින්ගෙන් පිළිතුරු ලිපියක්

0
පසුගිය දිනක ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා විසින් හරීන් ප්‍රනාන්දු සහ මනූෂ නානයක්කාර මහතාගේ විදෙස් ගමන් සදහා මුදල් වැය වූ ආකාරය...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව ඩොලරයේ අගයෙහි සුළු වෙනසක් සිදුව තිබෙනවා. ඒ අනුව ඩොලරයේ...