ආබාධිත පුද්ගලයන්ට සාමාන්‍ය රියදුරු බලපත්‍රය මෙම මාසයේ සිට නිකුත් කිරීමට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව තීරණය කළ බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් නිශාන්ත අනුරුද්ධ වීරසිංහ මහතා පවසනවා.
මේ අනුව අස්ථි, මස්පිඬු සහ ස්නායු ආබාධ පවතින ඕනෑම ආබාධිතයෙකුට වාහනයක් පැදවිය හැකි නම් එම දෙපාර්තමේන්තුවේ නිර්දේශ මත සාමාන්‍ය රියදුරු බලපත්‍රය නිකුත් කෙරෙනු ඇති.
මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව මෙම තීරණය ගෙන ඇත්තේ ආබාධිත අයට රියදුරු බලපත්‍රය දීමට ඇති බාධා ඉවත්කිරීමේ කමිටුව දුන් නිර්දේශයක් අනුව බවයි ඔහු සඳහන් කළේ.
ආබාධිතයන් සඳහා මීට පෙර රියදුරු බලපත්‍ර නිකුත් කෙරුණේ ඔවුන් වෙනුවෙන් විශේෂයෙන් සැකසුණු වාහන සඳහා පමණක් වන අතර එහිදී එම වාහනවල අංකය ඇතුළත් කර රියදුරු බලපත්‍රය නිකුත් කෙරුණා.