28 C
Colombo
Saturday, April 19, 2025

දුම්රිය ධාවනය ගැන දැනුම්දීමක්

- Advertisement -

දුම්රිය ධාවනය අද (11) දිනයේ සිට සාමාන්‍ය පරිදි සිදුකරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.

ලොකොමොටිව් ඔපරේටින් ඉංජිනේරු සංගමය විසින් ආරම්භ කර තිබූ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය ඊයේ (10) පස්වරුවේ අවසන් කිරීමට පියවර ගනු ලැබුවා.

උසස් වීම් ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් දුම්රිය රියදුරන් පසුගිය 06වන දින සිට වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් ආරම්භ කර තිබූ අතර ඊයේ පැවති සාකච්ඡාවකින් අනතුරුව දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා විසින් ලබාදුන් ලිඛිත පොරොන්දුවකට අනුව එම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය අවසන් කෙරුණා.

ඒ අනුව අද උදෑසන සිට සාමාන්‍ය පරිදි දුම්රිය ධාවනය සිදුවන බව දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී එන්.ජේ ඉඳිපොලගේ මහතා සඳහන් කළා.

මේ අතර දුම්රිය සේවය ප්‍රතිව්‍යුහගතකරණයට එරෙහිව ඉදිරියේ දී දැඩි ක්‍රියාමාර්ග ගන්නා බව දුම්රිය වෘත්තීය සමිති සන්ධානය පවසනවා.

එහි සම කැඳවුම්කරු එස්.පී විතානගේ මහතා පැවසුවේ, දුම්රිය ප්‍රතිව්‍යුහගත කිරීමට රජය ගෙන වැඩපිළිවෙළ පරාජයට පත්කරන බවයි.

මේ අතර ජාතික සම්පත් විකිණීමට එරෙහිව අත්සන් 1,000,000ක් ලබාගෙන ශ්‍රේෂ්ඨාධිකරණයට යෑමට තමන් සූදානම් බව වෘත්තිකයන්ගේ ජාතික පෙරමුණ පවසනවා.

එහි සභාපති ඉංජිනේරු කපිල පෙරේරා මහතා සඳහන් කළේ, හෙට (12) දිනයේ මෙම වැඩසටහන දිවයින පුරා ක්‍රියාත්මක කරන බවයි.

RECENT ARTICLES - SINHALA

ආණ්ඩුවට අපි නිකන් ඉන්න දෙන්නේ නැහැ – නාමල්

රාජපක්ෂලා විසින් උගන්ඩාවේ සඟවාගෙන සිටි මුදල් මෙන්ම විදේශ රටවල සඟවාගෙන සිටි මුදල් රැගෙන එන තාක් සහ රාජපක්ෂ පවුලට අයත් බව කියන විදේශ රටවල තිබෙන...

මනම්පිටියේ වෙඩි තැබීමක්

මනම්පිටිය ප්‍රදේශයේ දේවස්ථානයක් ආසන්නයේ මීට සුළු මොහොතකට පෙර වෙඩි තැබීමක් සිදුව තිබෙනවා. වෙඩි තැබීමෙන් කිසිවෙකුටත් හානියක් සිදුව නොමැති අතර සිද්ධිය සම්බන්ධව මනම්පිටිය පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු...

පිල්ලයාන්ගේ රියදුරු ලෙස කටයුතු කළ අයෙක් CID අත්අඩංගුවට

හිටපු රාජ්‍ය අමාත්‍ය සිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන්ගේ රියදුරු ලෙස කටයුතු කළ පුද්ගලයෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ නැගෙනහිර විශ්ව විද්‍යාලයේ හිටපු...

POPULAR ARTICLES

ආසියානු යොවුන් මලල ක්‍රීඩා ශූරතාවලියෙන් ලංකාවට පදක්කම් 2ක්

වයස අවුරුදු 18න් පහළ ආසියානු යොවුන් මලල ක්‍රීඩා ශූරතාවලියේ අද (18) පැවති තරගයකින් රන් පදක්කමක් දිනාගැනීමට තරුෂි අභිෂේකා සමත් වුණා. කාන්තා මීටර් 800 තරගය...