28 C
Colombo
Saturday, April 19, 2025

තවත් පිරමීඩ යෝජනා ක්‍රම 8ක් ගැන මහ බැංකුවෙන් දැනුම්දිමක්

- Advertisement -

පිරමීඩාකාර ක්‍රියාකාරකම්වල යෙදෙන බවට හඳුනාගත් තවත් ආයතන සහ යෙදවුම් 8ක් පිළිබඳව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

අදාළ ආයතන සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කරන මෙන් නීතිපතිවරයාගෙන් ඉල්ලීම් කර ඇති බව මහ බැංකුව විසින් නිකුත් කළ නිවේදනයෙන් සඳහන්.

තමන් වෙත ලැබුණු පැමිණිලිවලට අනුව සිදුකළ විමර්ශනවලදී ආයතන සහ යෙදවුම් 8ක් මහ බැංකු පනතේ 83 ඇ වගන්තිය උල්ලංඝනය කරමින් තහනම් යෝජනා ක්‍රම ක්‍රියාත්මක කර ඇති බවට හඳුනාගෙන තිබෙන බව නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා.

ඒ යටතේ Beecoin App/Sunbird Foundation , Fast Win pvt ltd , Fruugo Oline App /Fruugo Oline pvt ltd ,Genesis Business School /Era Miracle pvt ltf ,Isimaga International pvt ltd,Ledger Block,Qnet/Questnet සහ Ride to Three Freedom pvt ltd යන ආයතන සහ යෙදවුම් එලෙස මහ බැංකු පනතේ වගන්ති උල්ලංඝනය කරමින් පිරමිඩාකාර ව්‍යාපාර සිදුකළ බවට තොරතුරු ලැබී ඇති බව එම නිවේදනයේ දැක්වෙනවා.

තවද මෙසේ නම්කරන ලද පිරමිඩාකාර ආයතනවලට විරුද්ධව, බැංකු පනතේ 83 ඇ වගන්තිය යටතේ අපරාධමය නඩු කටයුතු පැවරීම සළකාබලන මෙන්ති නීතිපතිවරයා වෙත ඉල්ලීම් යොමුකර ඇති බවද ශ්‍රී ලංකා මහබැංකුව පවසනවා.

RECENT ARTICLES - SINHALA

ආණ්ඩුවට අපි නිකන් ඉන්න දෙන්නේ නැහැ – නාමල්

රාජපක්ෂලා විසින් උගන්ඩාවේ සඟවාගෙන සිටි මුදල් මෙන්ම විදේශ රටවල සඟවාගෙන සිටි මුදල් රැගෙන එන තාක් සහ රාජපක්ෂ පවුලට අයත් බව කියන විදේශ රටවල තිබෙන...

මනම්පිටියේ වෙඩි තැබීමක්

මනම්පිටිය ප්‍රදේශයේ දේවස්ථානයක් ආසන්නයේ මීට සුළු මොහොතකට පෙර වෙඩි තැබීමක් සිදුව තිබෙනවා. වෙඩි තැබීමෙන් කිසිවෙකුටත් හානියක් සිදුව නොමැති අතර සිද්ධිය සම්බන්ධව මනම්පිටිය පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු...

පිල්ලයාන්ගේ රියදුරු ලෙස කටයුතු කළ අයෙක් CID අත්අඩංගුවට

හිටපු රාජ්‍ය අමාත්‍ය සිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන්ගේ රියදුරු ලෙස කටයුතු කළ පුද්ගලයෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ නැගෙනහිර විශ්ව විද්‍යාලයේ හිටපු...

POPULAR ARTICLES

ආසියානු යොවුන් මලල ක්‍රීඩා ශූරතාවලියෙන් ලංකාවට පදක්කම් 2ක්

වයස අවුරුදු 18න් පහළ ආසියානු යොවුන් මලල ක්‍රීඩා ශූරතාවලියේ අද (18) පැවති තරගයකින් රන් පදක්කමක් දිනාගැනීමට තරුෂි අභිෂේකා සමත් වුණා. කාන්තා මීටර් 800 තරගය...