28 C
Colombo
Saturday, July 27, 2024

විභාග දෙපාර්තමේන්තුවෙන් දැනුම්දීමක්

- Advertisement -

2024 වර්ෂය තුළ පැවැත්වීමට නියමිත පාසල් විභාග හා ඒවා පැවැත්වෙන දිනයන් විභාග දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශයට පත්කර තිබෙනවා.

ඒ අනුව 2023 වර්ෂයට අදාළව පැවැත්වීමට නියමිතව තිබූ අපොස සාමාන්‍ය පෙළ විභාගය 2024 මැයි 6 වනදා සිට මැයි 15 දක්වා පැවැත්වෙනවා.

2024 වර්ෂයට අදාළ 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය 2024 සැප්තැම්බර් 15 වන ඉරිදා පැවැත්වෙනු ඇති.

විභාග කොමසාරිස් අමිත් ජයසුන්දර මහතා නිවේදනය කරන්නේ 2024 අපොස උසස් පෙළ විභාගය 2024 නොවැම්බර් මස 25 සිට 2024 දෙසැම්බර් මස 20 දක්වා පැවැත්වෙන බවයි.

මේ අතර 2024 වර්ෂයට අයත් අපොස සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීමට යෝජිත දිනයන් ඉදිරියේ දී දැනුම්දෙනු ඇති.

RECENT ARTICLES - SINHALA

ජනාධිපතිවරණය පැවැත්වීම ගැන චන්ග් සතුටින්

මැතිවරණ කොමිසම විසින් සැප්තැම්බර් 21 වැනිදා මෙරට ජනාධිපතිවරණය පැවැත්වීමට කටයුතු කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානපති ජුලී චන්ග් සිය ප්‍රසාදය පළකර තිබෙනවා. එහිදී ප්‍රජාතන්ත්‍රවාදය සඳහා...

අපි අපේක්ෂකයෙක් ඉදිරිපත් කරන්නේ නෑ – සුමන්තිරන්

ජනාධිපතිවරණය සඳහා ඉලංකෙයි තමිල් අරසු කච්චි (ITAK) පක්ෂය අපේක්ෂකයකු ඉදිරිපත් නොකරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් මහතා පවසනවා. එහෙත් ඉදිරි දින කිහිපයේ දී ජනාධිපතිවරණයේ ප්‍රධාන...

අනුරගෙන් දේශබන්දුට අභියෝගයක්

දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පති ලෙස ඉදිරියේ දී යම්කිසි රාජකාරි කටයුත්තක් සිදුකළහොත් ඒ සම්බන්ධයෙන් අවශ්‍ය නීතිමය පියවර ගන්නා බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර...

POPULAR ARTICLES

අසාදු ලේඛනයට යන වාහන

පරිසරයට අහිතකර දුම් පිටවන වාහන 93ක් පමණ මේ වසර තුළ අසාදු ලේඛන ගත කර ඇති බව වායු විමෝචන භාරකාර අරමුදල පවසනවා. එහි අධ්‍යක්ෂ දසුන් ගමගේ...

අනුරගේ ප්‍රකාශයට හරින්ගෙන් පිළිතුරු ලිපියක්

0
පසුගිය දිනක ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා විසින් හරීන් ප්‍රනාන්දු සහ මනූෂ නානයක්කාර මහතාගේ විදෙස් ගමන් සදහා මුදල් වැය වූ ආකාරය...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව ඩොලරයේ අගයෙහි සුළු වෙනසක් සිදුව තිබෙනවා. ඒ අනුව ඩොලරයේ...