31 C
Colombo
Saturday, July 27, 2024

සෞඛ්‍ය අංශවලින් දැනුම් දීමක්

- Advertisement -

උත්සව සමයේ සෞඛ්‍ය කාර්ය මණ්ඩලවල පූර්ණ කැපවීම හා දායකත්වය යටතේ රෝගී සත්කාරක සේවා කාර්යක්ෂමව හා අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා පියවර ගෙන ඇති බව සෞඛ්‍ය ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා පවසනවා.

උත්සව සමයේ හදිසි අනතුරු, ආහාර විෂවීම් මෙන්ම බෝ නොවන රෝගවලට (දියවැඩියාව, හෘද ආශ්‍රිත රෝග) ගොදුරුවන ප්‍රමාණය ඉහළ යාම සාමාන්‍ය තත්ත්වයක්.

එමනිසා මෙම රෝගීන්ට කිසිදු ප්‍රමාදයකින් තොරව ප්‍රතිකාර සේවාවන් පවත්වා ගෙන යාමට ද සෞඛ්‍ය අමාත්‍යාවරයාගේ උපදෙස් පරිදි අවශ්‍ය සියලු පියවර ගෙන ඇති බව සෞඛ්‍ය ලේකම්වරයා පෙන්වා දෙනවා.

එමෙන්ම හදිසි ප්‍රතිකාර සේවාවන් වලදී අත්‍යවශ්‍ය ගිලන් රථ සේවාවන් ද පැය විසි හතර පුරාම විශේෂ අවධානය යටතේ මෙහෙයවීමට ද කටයුතු යොදා තිබෙනවා.

උත්සව සමයේ ශ්‍රී ලංකාව තුළ සංවිධානය කරනු ලබන ක්‍රීඩා ඉසව් වලදී අනතුරු සිදුවීම සහ බරපතල වෛද්‍ය තත්ත්වයන් ඇතිවීම වැළැක්වීම සදහා වන මාර්ගෝපදේශ මාලාවක් ද පසුගියදා සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතාගේ ප්‍රධානත්වයෙන් එළිදක්වනු ලැබුවා.

RECENT ARTICLES - SINHALA

රනිල්ට සහය ගන්න සුසිලුයි සාගලයි මහින්ද හමුවෙලා

වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ඉදිරි ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරෙමුණේ සහය ලබා ගැනීම පිලිබදව සාකච්ඡාවක් අද (27) විජේරාම නිල නිවසේදී පවත්වා තිබෙනවා . ඒ...

දුම්රිය බිංගෙවල් 32ක තත්ව පරික්ෂාවක්

දුම්රිය දෙපාර්තමේන්තුවට අයත් දිවයින පුරා පිහිටි දුම්රිය බිංගෙවල් 48 අතුරින් උඩරට දුම්රිය මාර්ගයේ නාවලපිටිය සිට බදුල්ල දක්වා ඇති දුම්රිය බිංගෙවල් 32ක යෝග්‍යතාව පරික්ෂා කිරීමේ...

ලංකාව ආර්ථික අර්බුදයකට ලක්වෙනවා කියලා කලින්ම දැනගෙන හිටියා – රනිල්

ශ්‍රී ලංකාව ආර්ථික අර්බුදයකට ලක්වන බව තමන් පෙර සිටම දැන සිටි බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. ජනාධිපතිවරයා සඳහන් ක‍ළේ, ඒ බව තමා විසින් ගෝඨාභය...

POPULAR ARTICLES

අසාදු ලේඛනයට යන වාහන

පරිසරයට අහිතකර දුම් පිටවන වාහන 93ක් පමණ මේ වසර තුළ අසාදු ලේඛන ගත කර ඇති බව වායු විමෝචන භාරකාර අරමුදල පවසනවා. එහි අධ්‍යක්ෂ දසුන් ගමගේ...

අනුරගේ ප්‍රකාශයට හරින්ගෙන් පිළිතුරු ලිපියක්

පසුගිය දිනක ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා විසින් හරීන් ප්‍රනාන්දු සහ මනූෂ නානයක්කාර මහතාගේ විදෙස් ගමන් සදහා මුදල් වැය වූ ආකාරය...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව ඩොලරයේ අගයෙහි සුළු වෙනසක් සිදුව තිබෙනවා. ඒ අනුව ඩොලරයේ...