26 C
Colombo
Friday, May 17, 2024

ව්‍යාජ දුරකථන ඇමතුම් ගැන PHI සංගමයෙන් දැනුම්දීමක්

- Advertisement -

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් බව පවසමින් ව්‍යාපාරිකයින්ට දුරකථන ඇමතුම් ලබා දී මුදල් ලබා ගැනීමේ ජාවාරමක් පවතින බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසනවා.

එහි සභාපති උපුල් රෝහණ මහතා සඳහන් කළේ, මේ සම්බන්ධයෙන් පසුගිය දින කිහිපය තුළ විශාල වශයෙන් පැමිණිලි ලැබී ඇති බවයි.

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් බව පවසමින් දුරකථන ඇමතුම් ලබාදෙන පුද්ගලයින්ට මුදල් ලබාදීමෙන් වළකින ලෙස උපුල් රෝහණ මහතා ව්‍යාපාරිකයින්ගෙන් ඉල්ලීමක් කරනවා.

“තරු පන්තියේ හෝටල්වලට පවා දුරකථන ඇමතුම් දීලා කොට්ඨාසභාර මහජන පරීක්ෂකවරු ලෙස අඟවමින් මුදල් ඉල්ලා සිටිනවා. ඇතැම් ව්‍යාපාරිකයින් රැවටිලා මුදල් බැංකු ගත කළ අවස්ථා රැසක් තියෙනවා. මෑත කාලයේ විශාල පැමිණිලි සංඛ්‍යාවක් පොලිස් ස්ථානවලට ලැබිලා තියෙනවා. ව්‍යාපාරිකයින්ට කියන්නේ දුරකථන ඇමතුමක් දීලා ඔබගේ ආහාර පරියන්ත ආයතනයට බලපත්‍ර ලබාදීමට, නීතිමය ක්‍රියාමාර්ග නොගෙන සිටීමට හෝ එවැනි ඕනෑම කටයුත්තක් අනීතිකව සිදුකිරීමට මුදල් ඉල්ලා සිටී නම් ඔබ කළ යුත්තේ ළඟම පොලීසියට පැමිණිලි කරන්න.”

RECENT ARTICLES - SINHALA

වර්ජනය නිසා 150,000කගේ උපාධිය අවසන් කිරීම කල් ගිහින්

විශ්වවිද්‍යාල අනධ්‍යන වෘත්තීය සමිති ආරම්භ කර ඇති අඛණ්ඩ වැඩවර්ජනය හේතුවෙන් විශ්වවිද්‍යාලවල උපාධි අපේක්ෂකයින්ගේ විභාග සියල්ල කල් දැමීමට සිදුව ඇති බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව...

ආබාධිත සිසුවෙක්ට විභාග දෙපාර්තමේන්තුවෙන් කළ අසාධාරණය (වීඩියෝ)

උපතින්ම ආබාධිත වීම හේතුවෙන් රෝද පුටුවෙන් එකොළොස් වසරක් පාසලට පැමිණි සිසුවෙකුට හා මෙතොදියස් විද්‍යාලයේ විශයන් හතරක් පමණක් ලිවිමට සිටි සිසුවියකට අ.පො.ස. සාමාන්‍ය පෙළ...

ඇල්ල – වැල්ලවාය මාර්ගය විවෘත කෙරේ

තාවකාලිකව වසා දැමූ ඇල්ල - වැල්ලවාය මාර්ගය නැවත ගමනාගමනය සඳහා විවෘත කර තිබෙනවා. පොලීසියේ පූර්ණ අධීක්ෂණය යටතේ දැඩි සුපරික්ෂාවෙන් අදාළ මාර්ගයේ ගමනාගමන කටයුතුවල නිරතවන ලෙස...

POPULAR ARTICLES

අනුර කුමාර ජවිපෙ සාමාජිකයෙක් බව කියන්න බැහැ, ඔහු මටත් වඩා බාලයි – කමල් අද්දරආරච්චි

71 කැරැල්ලේදී සිදුවූ ඇතැම් සිදුවීම් සහ ඉන් පසුව ජනතා විමුක්ති පෙරමුණේ ගිණුමට බැර කරමින් සිදුකළ ඇතැම් අපරාධ සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණට චෝදනා එල්ල කිරීම...

කුලී කාමරවලට පනින්නත් දේශබන්දුගෙන් සුදානමක්

දිවයින පුරා ඇති නිවාස සහ කාමර කුලියට ගෙන පදිංචිව සිටින අය පිළිබඳව සොයා පොලිසිය විසින් මෙහෙයුමක් ආරම්භ කර තිබෙන බව වාර්තා වෙනවා.නිවෙස් සහ කාමරවල...

මහනුවර ඇසළ පෙරහැරට බාධාවක්

මහනුවර ඇසළ පෙරහර සමයේම සබරගමුව මහ සමන් දේවාලයේ පෙරහැර යෙදීම හේතුවෙන් අලි ඇතුන් සහභාගී කරවීමේ ගැටලුවක් මතුව ඇති බව හීලෑ අලි ඇතුන් හිමිකරුවන්ගේ සංගමය...