පසුගිය උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල ලබන මාසය ඇතුළත නිකුත් කරන බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා.
එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, මේ වනවිට ප්‍රතිඵල ලේඛන නැවත පරීක්ෂා කිරීම් ආරම්භ කර ඇති බවයි.
කෙසේවෙතත් විශේෂ අවශ්‍යතා ඇති විභාග අපේක්ෂකයින්ගේ පිළිතුරු පත්‍ර ඇගයීම් තවදුරටත් සිදු කෙරෙන බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළා.
පසුගිය ජනවාරි මස 4 වන දා සිට 30 වන දා උසස් පෙළ විභාගය පැවැත්වූ අතර විභාගය සඳහා පෙනි සිටි අපේක්ෂකයින් සංඛ්‍යාව 342,883ක්.