25.3 C
Colombo
Monday, March 4, 2024

දිස්ත්‍රික්ක නාය යාමේ පළමු අදියරේ නිවේදන නිකුත් කෙරේ

- Advertisement -

දිවයිනේ දිස්ත්‍රික්ක තුනකට නාය යාමේ පළමු අදියරේ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ පසුගිය පැය 24 තුළ ලැබුණු මිලිමීටර් 75කට අධික වර්ෂාපතනය සැලකිල්ලට ගනිමින්.

ඒ අනුව ජාතික ගොඩනැගිලි පර්‍යේෂණ සංවිධානය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටින්නේ තවදුරටත් වර්ෂාව ඇදහැලීම හේතුවෙන් පස් කඳු කඩා වැටීම්, නායයාම්, ගල් පෙරළීම වැනි ස්වභාවික ව්‍යසන ඇතිවිය හැකි බවයි.

මෙම අවදානම් දිස්ත්‍රික්ක 03 ලෙස නම් කර ඇත්තේ බදුල්ල, කෑගල්ල සහ කුරුණෑගලයි.

එම සංවිධානය වැඩිදුරටත් ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ ජලාශ, නායයාම් ස්ථාන හෝ කඳු හෝ දැඩි බෑවුම් සහිත ගල් පිහිටි පසුබිමක ජීවත් වන්නේ නම්, වඩාත් අවධානයෙන් යුතුව කටයුතු කරන ලෙසයි.

RECENT ARTICLES - SINHALA

මේක නාමල්ගෙ වෙලාව නෙමෙයි-රණතුංග මහතා

පොහොට්ටුව ජනාධිපතිවරණයට අපේක්ෂකයකු ඉදිරිපත් කරන්නේ නම් ඔහු වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහට වඩා අති දක්ෂයකු විය යුතු බව ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක, අමාත්‍ය ප්‍රසන්න රණතුංග...

රියදුරු බලපත්‍ර ගන්න අයට දැනුම්දීමක්

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව සපයන සේවාවන් සඳහා ස්වයංක්‍රීය දුරකථන පද්ධතියක් යටතේ සහ වෙබ් අඩවිය වෙත පිවිස සිය අවශ්‍යතා සපුරාගැනීමට අද (04) සිට මහජනතාවට අවස්ථාව...

ජනපතිගෙන් අති විශේෂ ගැසට්ටුවක්

විදුලිබල සහ ඛනිජ තෙල් සැපයුම තවදුරටත් අත්‍යවශ්‍ය සේවාවන් බවට පත් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ජනාධිපතිවරයාගේ නියමය පරිදි ජනාධිපති ලේකම් සමන් ඒකනායක විසින් ඊයේ...

POPULAR ARTICLES

මාර්තු ඉන්ධන මිල ගණන් මෙන්න

මාර්තු මාසය තුළ පවතින ඉන්ධන මිල ගණන් සංශෝධනයකින් තොරව පවත්වාගෙන යාමට රජය තීරණය කර තිබෙනවා. මාසික ඉන්ධන මිල සංශෝධනයට අනුව ඊයේ (29) මධ්‍යම රාත්‍රීයේ...

විභාග දෙපාර්තමේන්තුවෙන් දැනුම්දීමක්

2024 වර්ෂය තුළ පැවැත්වීමට නියමිත පාසල් විභාග හා ඒවා පැවැත්වෙන දිනයන් විභාග දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශයට පත්කර තිබෙනවා. ඒ අනුව 2023 වර්ෂයට අදාළව පැවැත්වීමට නියමිතව තිබූ...

අද ඩොලරය

ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය අද තවදුරටත් ශක්තිමත් වී තිබෙනවා. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (01) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට...