33 C
Colombo
Friday, May 3, 2024

ජනාධිපතිගේ විනාඩි 69 කතාවෙ කොතනකවත් පාසල් දරුවො ගැන නෑ..!

- Advertisement -

ජනාධිපතිවරයා ජාතිය අමතා සිදුකළ විනාඩි 69ක කතාව තුල මේ වන විට පාසල් දරුවන් මුහුණ දී සිටින කම්පනය සම්බන්ධයෙන් එකඳු වචනයක් හෝ සඳහන් නොවූ බව ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික බිමල් රත්නායක මහතා පෙන්වා දෙනවා.

කොවිඩ් වසංගතය නිසා වඩ වඩාත් දුර්වල වූ රටේ අධ්‍යාපන පද්ධතිය කෙරෙහිත් දරුවන් කෙරෙහිත් ජනපතිවරයා දක්වන්නේ කෙබඳු අසංවේදීතාවක්ද යන්න ඒ හරහා නිරූපණය වන බවයි ඔහු පවසන්නේ.

බිමල් රත්නයක මහතා මේ බව කියා සිටියේ ඊයේ (27) පැවති ”අධ්‍යාපනයේ ප්‍රශ්න සහ අපේ උත්තර” නැමති ඔන්ලයින් සම්මන්ත්‍රණය අමතමින්.

මෙරට දරුවන්ගේ අනාගතය සම්බන්ධයෙන් බලාපොරොත්තු සහගතව පැවති කන්නංගර අධ්‍යාපන ප්‍රතිපත්තිය මේ වන විට ප්‍රායෝගිකව ක්‍රියාත්මක කර නොහැකි තත්වයක් මතුව ඇති බවද කොවිඩ් 19 ව්‍යාප්තිය හේතුවෙන් මාස දාහතරහමාරක පමණ කාලයක් පාසල් වස තැබීම හරහා ඇරඹි Online අධ්‍යාපන ක්‍රමයේ ප්‍රතිඵලයන් ගැනද බිමල් රත්නායක මහතා කරුණු දක්වා සිටිනවා.

ඇති හැකි අයට පමණක් නොවද නැති බැරි අයටද අධ්‍යාපනය හිමි කරදීම නිදහස් අධ්‍යාපන ක්‍රමයේ බලාපොරොත්තුව වූවද මේ වන විට ජංගම දුරකථන, ලැප්ටොප් පරිඝණක සහ අන්තර්ජාල සබඳතා වෙනුවෙන් මුදල් වැය කිරීමට නොහැකි දරුවන්ගේ අධ්‍යාපනය දැඩි අර්බුදයකට පත්ව ඇති බවත් මේ නිසා දරුවන් දැඩි මානසික ආතතියකට මුහුණ දී සිටින බවත් ඒ මහතා පෙන්වා දෙනවා.

එම සම්පූර්ණ කතාව පහළින්.

RECENT ARTICLES - SINHALA

ID 2ක් හදන්න ව්‍යාජ ලේඛන දුන් පුද්ගලයෙක් පොලීසිය සොයයි

ජාතික හැඳුනුම්පත් දෙකක් සකස් කිරීම සඳහා ව්‍යාජ ලේඛන ඉදිරිපත් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකකරුවෙක් අත්අඩංගුවට ගැනීමට පොලීසිය මහජන සහාය අපේක්ෂා කරන බව නිවේදනයක් නිකුත් කරමින්...

ලාල් කාන්ත සමාජවාදය අතහැරලා නම් සතුටුයි – පාඨලී

ලාල් කාන්ත මහතා සමාජවාදය අතහැරීම පිළිබඳව සතුටට පත් වන බව එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසනවා. කොළඹදී පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී...

කොළඹ ඇතුළු ප්‍රදේශ රැසක වෙරළාසන්න ජනතාවට නිවේදනයක්

කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් මුහුදු රළ උස ප්‍රමාණය ඉහළ යාම පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඇම්බර් වර්ණයෙන් යුතු එම නිවේදනයේ දැක්වෙන්නේ කල්පිටිය සිට කොළඹ,...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද පෑලියගොඩ එළවළු තොග මිල මෙන්න

අද (30) දිනයේ දී පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණයේ එළවළු කිලෝවක තොග මිල මෙලෙස සඳහන්ව තිබුණා. කැරට් රු 150, බෝංචි රු 200, ලීක්ස් රු 150, බීට්...

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම්දීමක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීම සඳහා අවශ්‍ය සියලු කටයුතු මේ වන විට සූදානම් කර ඇති අතර වර්ෂාවත් සමඟ හදිසි ආපදා තත්ත්වයන්...