28 C
Colombo
Saturday, July 27, 2024

නවසීලන්තයෙන් ලකුණු 580ක දැවැන්ත ලකුණු පුවරුවක්

- Advertisement -

ශ්‍රී ලංකාව සමග දෙවන ටෙස්ට් තරගයේ පළමු ඉනිම ක්‍රීඩා කළ නවසීලන්තය කඩුලු 4ක් පමණක් දැවී ලකුණු 580ක් රැස් කර ගෙන සිටියදී සිය ඉනිම අත්හිටවනු ලැබුවා.

එහිදී කේන් විලියම්සන් සහ හෙන්රි නිකලස් ද්විත්ව ශතක ලබා ගත්තා.

කේන් පන්දු 296කින් ලකුණු 215ක් ලබා ගත් අතර නිකලස් පන්දු 240කින් නොදැවී ලකුණු 200ක් රැස් කළා.

නවසීලන්තය වෙනුවෙන් ටෙස්ට් ඉනිමක ක්‍රීඩකයින් දෙදෙනෙක් ද්විත්ව ශතක රැස් කළ පළමු අවස්ථාව මෙයයි.

පන්දු යැවීමේ දී කසුන් රාජිත ලකුණු 126 කට කඩුලු 2ක් දවා ගත්තා.

නවසීලන්තය අද දිනය ආරම්භ කරන විට කඩුලු 2ක් දැවී ලකුණු 155ක් ලබා ගෙන සිටියා.

ඒ අනුව අද දිනයේ පන්දුවාර 75ක් තුල ලකුණු 425ක් රැස් කර ගැනීම කැපී පෙනන කරුණක්.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කරමින් සිටින ශ්‍රී ලංකා කණ්ඩායම කිසිවෙකු නොදැවී ලකුණු 6ක් ලබා ගෙන සිටිනවා.

අද දිනට යැවීමට ඉතිරිව ඇති පන්දුවාර ගණන 17ක්.

RECENT ARTICLES - SINHALA

ජනාධිපතිවරණය පැවැත්වීම ගැන චන්ග් සතුටින්

මැතිවරණ කොමිසම විසින් සැප්තැම්බර් 21 වැනිදා මෙරට ජනාධිපතිවරණය පැවැත්වීමට කටයුතු කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානපති ජුලී චන්ග් සිය ප්‍රසාදය පළකර තිබෙනවා. එහිදී ප්‍රජාතන්ත්‍රවාදය සඳහා...

අපි අපේක්ෂකයෙක් ඉදිරිපත් කරන්නේ නෑ – සුමන්තිරන්

ජනාධිපතිවරණය සඳහා ඉලංකෙයි තමිල් අරසු කච්චි (ITAK) පක්ෂය අපේක්ෂකයකු ඉදිරිපත් නොකරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් මහතා පවසනවා. එහෙත් ඉදිරි දින කිහිපයේ දී ජනාධිපතිවරණයේ ප්‍රධාන...

අනුරගෙන් දේශබන්දුට අභියෝගයක්

දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පති ලෙස ඉදිරියේ දී යම්කිසි රාජකාරි කටයුත්තක් සිදුකළහොත් ඒ සම්බන්ධයෙන් අවශ්‍ය නීතිමය පියවර ගන්නා බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර...

POPULAR ARTICLES

අසාදු ලේඛනයට යන වාහන

පරිසරයට අහිතකර දුම් පිටවන වාහන 93ක් පමණ මේ වසර තුළ අසාදු ලේඛන ගත කර ඇති බව වායු විමෝචන භාරකාර අරමුදල පවසනවා. එහි අධ්‍යක්ෂ දසුන් ගමගේ...

අනුරගේ ප්‍රකාශයට හරින්ගෙන් පිළිතුරු ලිපියක්

0
පසුගිය දිනක ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා විසින් හරීන් ප්‍රනාන්දු සහ මනූෂ නානයක්කාර මහතාගේ විදෙස් ගමන් සදහා මුදල් වැය වූ ආකාරය...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව ඩොලරයේ අගයෙහි සුළු වෙනසක් සිදුව තිබෙනවා. ඒ අනුව ඩොලරයේ...