මෙරටට පැමිණෙන විදේශිකයන් සඳහා ඔන්ලයින් වීසා නිකුත්කිරීම සම්බන්ධයෙන් වූ සාකච්ඡාව සඳහා පෙර දැනුම්දී තිබියදී මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ සහ ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අද පැමිණ තිබුණේ නැහැ.
මේ සම්බන්ධයෙන් රජයේ මුදල් කාරක සභාවේ දැඩි අප්‍රසාදය පළ වි තිබෙනවා.
රජයේ මුදල් පිළිබද කාරක සභාව අද එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා ප්‍රධානත්වයෙන් අද (14) පාර්ලිමේන්තුවේ දී රැස්වුණා.
මීට පෙර මෙම කමිටුව රැස්වූ අවස්ථාවේ දී මෙම අමාත්‍යාංශය සහ දෙපාර්තමේන්තුවේ නිළධාරීන් අද දින කමිටුවට පැමිණීමට එකඟතාවක් පළකර තිබෙනවා.
කෙසේවෙතත් ඊයේ සවස දැනුම්දීමක් සිදුකරමින් කමිටුව හමුවට පැමිණීමට නොහැකි බව මහජන ආරක්ෂක අමාත්‍යංශය සහ ආගමන හා විගමන දෙපාර්තමේන්තුව පවසා තිබුණද මෙහිදී නිදහසට දක්වා ඇති කරුණ අනුමත කළ නොහැකි බව හර්ෂ ද සිල්වා මහතා වැඩිදුරටත් පෙන්වා දුන්නා.
මේ නිසා මෙම අමාත්‍යාංශය සහ දෙපාර්තමේන්තුව නැවත දිනක කාරක සභාවට කැඳවා ශ්‍රී ලංකාවට පැමිණෙන විදේශිකයන් සඳහා වීසා අයදුම්පත් ඔන්ලයින් ක්‍රමයට ඉදිරිපත් කිරීමේ බලයලත් නියෝජිතයා ලෙස GBS-IVS සහ VFS Global සමාගම් පත් කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට තීරණය කෙරුණා