29 C
Colombo
Saturday, July 27, 2024

ඔලිම්පික් කමිටු හිටපු මාධ්‍ය කළමනාකරු රිමාන්ඩ්

- Advertisement -

අධිකරණය මගින් නිකුත් කර තිබූ විදෙස් ගමන් තහනමක් උල්ලංඝනය කරමින් කටුනායක ගුවන් තොටුපලෙන් රහසිගතව විදෙස් ගතවීමට තැත් කළ බව පැවසෙන ශ්‍රී ලංකා ජාතික ඔලිම්පික් කමිටුවේ හිටපු මාධ්‍ය කළමනාකරු ගෝභිනාත් සිවරාජා ජුනි මස 5 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිලණ ගමගේ අද (27) නියෝග කළා.

ජාතික ඔලිම්පික් කමිටුවේ සිදුව ඇති බව කියන මූල්‍ය වංචාවකට අදාලව අධිකරණය මගින් සැකකරුගේ විදෙස් ගමන් තහනම් කර තිබියදී සැකකාර පුද්ගලයා කටුනායක ගුවන් තොටුපළින් රහසිගතව විදෙස්ගත වීමට තැත් කිරීමේදී කොළඹ වංචා විමර්ශන කාර්යාංශය මගින් ඔහුව අත්අඩංගුවට ගත් බව එම කාර්යාංශය වැඩිදුරටත් කරුණු දක්වමින් අධිකරණයට පවසා තිබෙනවා.

ක්‍රීඩා කටයුතුවලට චීන සමාගමකින් මුදල් ලබාගෙන වංචා කළේ යැයි සැකකෙරෙන ගොබිනාත් සිවරාජා ඩාන්ස් ස්පෝර්ට් ශ්‍රී ලංකා නමැති ක්‍රීඩා සංගමයේ ලේකම්වරයා ලෙස පෙනී සිට ඇති බවද ක්‍රීඩා කටයතු වලට යැයි පවසමින් මුදල් ලබාගෙන වංචා සිදු කර ඇති බවත්,එම මූල්‍ය වංචා සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනයන්ට අදාළව අධිකරණය මගින් සැකකරුට විදේශ ගමන් තහනමක් නිකුත් කර ඇති බවත්, සැකකරු සම්බන්ධයෙන් විමර්ශන අවසන් නොමැති බැවින් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසත් පොලිසිය කරුණු ඉදිරිපත් කරමින් ඉල්ලා සිටි තිබුණා.

එම කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා සැකකරු රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කළා.

RECENT ARTICLES - SINHALA

මෛත්‍රිගෙන් දයාසිරියට අභියෝගයක්

ඉදිරි අගෝස්තු 08 වන දින සමගි ජන බලවේගය සමග එක් වීමට දයාසිරි ජයසේකර ඇතුළු පිරිසක් මේ වන විටත් ගිවිසුම්ගත වී සිටින අතර ඒ සම්බන්ධයෙන්...

අගමැති හදන්නේ විධායකයයි අධිකරණයයි අතර ගැටුමක් හදන්න-ඉරාන්

පොලිස්පතිවරයාට ශ්‍රේෂ්ඨාධිකරණ ලබාදුන්න නියෝගය පිළිනොගන්නා බව අගමැතිවරයා පාර්ලිමේන්තුවේදි සිදුකළ ප්‍රකාශය සම්පුර්ණයෙන් ප්‍රතික්ෂේප කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න මහතා පවසනවා. මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ ඊයේ...

නිට්ටඹුවේ බිහිසුණු අනතුරක්. අයෙක් මරුට

නිට්ටඹුව - තිහාරිය ප්‍රදේශයේදී අද (27) උදෑසන නුවර සිට කොළඹ දෙසට ධාවනය වූ ජීප් රථයක් මාර්ගය අයිනේ ගමන් කරමින් සිටි පුද්ගලයෙකුගේ ගැටී අනතුරක් සිදුව...

POPULAR ARTICLES

අසාදු ලේඛනයට යන වාහන

පරිසරයට අහිතකර දුම් පිටවන වාහන 93ක් පමණ මේ වසර තුළ අසාදු ලේඛන ගත කර ඇති බව වායු විමෝචන භාරකාර අරමුදල පවසනවා. එහි අධ්‍යක්ෂ දසුන් ගමගේ...

අනුරගේ ප්‍රකාශයට හරින්ගෙන් පිළිතුරු ලිපියක්

පසුගිය දිනක ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා විසින් හරීන් ප්‍රනාන්දු සහ මනූෂ නානයක්කාර මහතාගේ විදෙස් ගමන් සදහා මුදල් වැය වූ ආකාරය...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව ඩොලරයේ අගයෙහි සුළු වෙනසක් සිදුව තිබෙනවා. ඒ අනුව ඩොලරයේ...