27 C
Colombo
Saturday, June 10, 2023

ඔලිම්පික් අටවන දිනය – දවසේ සුවිශේෂ සිදුවීම්

- Advertisement -

මිහිමත වේගවත්ම කතුන් තිදෙනා ජැමෙයිකාවෙන්

කාන්තා මීටර් 100 ඉසව්ව නව ඔලිම්පික් වාර්තාවක් සමග ජයගන්නට ජැමෙයිකාවේ Elaine Thompson-Herah සමත් වුණා. ඇය වාර්තා කළ කාලය තත්ත්පර 10.61ක්. එලෙයින් අතින් බිඳහෙලුණේ 1988 වසරේදී ඇමෙරිකාවේ Florence Griffith විසින් තැබූ වාර්තාවයි.

ටෝකියෝ ඔලිම්පික් හි ඇගේ තරග නිමි කාලයට අනුව එලෙයින් සැලකෙන්නේ ලොව දෙවැනියට වේගවත්ම කාන්තාව ලෙසයි.

2016 රියෝ ඔලිම්පික් උළෙලේ මීටර් 100 හා මීටර් 200 ඉසව් දෙකම ජයගත්තේ ද එලෙයින් විසින්.

මීටර් 100 කාන්තා ඉසව්වේ රිදී පදක්කම ජැමෙයිකාවේ Shelly-Ann Fraser-Pryce (10.74) දිනා ගනිද්දී ලෝකඩ පදක්කම ද ජැමෙයිකාවේ Shericka Jackson (10.76) දිනා ගත්තා.

ෂෙලී ඈන් 2008 බීජිං සහ 2008 ලන්ඩන් ඔලිම්පික් උළෙලවලදී මීටර් 100 ඉසව්වේ රන් පදක්කම් දිනාගත් අතර 2016 රියෝ ඔලිම්පික් උළෙලේදී ලෝකඩ පදක්කමත් දිනාගත්තා.

යුපුන්ගේ ඔලිම්පික් සිහිනය බොඳවෙයි

මීටර් 100 පිරිමි ඉසව්වේ මූලික වටයේ තරගයකට එක්වූ යුපුන් අබේකෝන්ට හිමි වුයේ හයවන ස්ථානයයි. ඔහුගේ තරග නිමි කාලය වූයේ තත්ත්පර 10.32ක්. ඒ අනුව යුපුන්ගේ ඔලිම්පික් බලාපොරොත්තුව බිඳ වැටුණා.

4 × 400 මිශ්‍ර ඉසව්වේ රන් පදක්කම පෝලන්තයට

ඔලිම්පික් උළෙලේ සඳහා මෙවර පළමුවරට හඳුන්වා දුන් 4 × 400 ඉසව්වේ රන් පදක්කම දිනා ගැනීමට විනාඩි 3යි තත්ත්පර 9.87කින් තරගය නිමා කළ පෝලන්ත කණ්ඩායම සමත් වුණා.

එම ඉසව්වේ රිදී පදක්කම ඩොමිනිකන් ජනරජයටත් ලෝකඩ පදක්කම ඇමෙරිකාවටත් හිමි වුණා..

පැයකදී රන් පදක්කම් දෙකක් දිනූ පිහිනුම් ශූරිය

චීනයේ Zhang Yufei ටෝකියෝ ඔලිම්පික් පිහිනුම් තටාකයේදී වාර්තාගත කාලයන් සමගින් පැයක් තුල රන් පදක්කම් දෙකක් දිනාගැනීමට සමත් වුණා.

විසිපස් හැවිරිදි ඇය පළමු රන් පදක්කම මීටර් 200 සමනල ආර ඉසව්වෙන් දිනා ගත්තේ නව ඔලිම්පික් වාර්තාවක්ද සමගින්.

ඇය දෙවැනි රන් පදක්කම දිනා ගත්තේ 4×200 නිදහස් ආර ඉසව්වෙන් ලෝක වාර්තාවක් බිහිකරමින්. එහි තරග නිම කාලය විනාඩි 7යි තත්ත්පර 40.33ක් ලෙස දැක්වුණා. මීට පෙර එම ඉසව්වේ ලෝක වාර්තාව විනාඩි 7යි තත්ත්පර 41.50 ලෙස ඕස්ට්‍රේලියාව සතුව තිබුණා.

විශේෂත්වය වන්නේ සිය සමනල ආර ඉසව්ව අවසන් වනතුරු තමන් 4 ×200 කණ්ඩායමේ සාමාජිකයෙක් බව නොදැන සිටීමයි.

තරගයෙන් අනතුරුව කණ්ඩායමේ සෙසු සගයින් පැවසුවේ ඇය තමන් සමග එක්වන බව දැන සිටියද කේවල ඉසව්ව අවසන් වනතුරු එය රහසක් ලෙස තබා ගන්නැයි පුහුණුකරු උපදෙස් දුන් බවයි.

පිහිනුම් තටාකයේ තවත් වාර්තා

පිරිමි මීටර් 100 සමනල ආර ඉසව්ව තත්ත්පර 49.45 කින් නිමා කරමින් ලෝක වාර්තාවක් සමග ජයගත් ඇමෙරිකාවේ Caeleb Dressel මෙවර ඔලිම්පික් උළෙලේ තෙවැනි රන් පදක්කමත් දිනා ගත්තා.

ඇමෙරිකාවේ Katie Ledecky තුන්වන වරටත් ඔලිම්පික් උළෙලකදී මීටර් 800 නිදහස් ආර ඉසව්වේ රන් පදක්කම දිනා ගැනීමට සමත් වුණා.

පිහිනුම් ක්‍රීඩාව සඳහා ද මිශ්‍ර සහය ඉසව්වක් මෙවර ඔලිම්පික් උළෙලේදී පළමුවරට හඳුන්වා දී තිබුණා.

ඒ අනුව මීටර් 4 ×100 මිශ්‍ර සහය ඉසව්වේ රන් පදක්කම ලෝක වාර්තාවක් සමග ජයගත්තේ මහා බ්‍රිතාන්‍ය කණ්ඩායමයි.

ඒ අනුව බ්‍රිතාන්‍යය වසර 113ක⁣ට පසු පළමුවරට ඔලිම්පික් උළෙලකදී පිහිනුම් ඉසව්වෙන් රන් පදක්කම් 4ක් දිනා ගැනීමට සමත් වුණා

චීනය තවදුරටත් පෙරමුණේ

ටෝකියෝ ඔලිම්පික් උළෙලේ නවවන දිනය නිමා වනවිට රන් පදක්කම් 21ක් සමගින් පදක්කම් සටහනේ පළමු ස්ථානයේ තවදුරටත් රැඳී සිටින්නේ චීනයයි.
ජපානය රන් පදක්කම් 17ක් දිනා ගනිමින් දෙවන ස්ථානයේ රැඳී සිට්නවා. මෙය ඔලිම්පික් උළෙලක ජපානය දිනූ වැඩිම රන් පදක්කම් සංඛ්‍යාවයි.

ඇමෙරිකාව පදක්කම් සටහනේ තුන්වන ස්ථානයේ රැඳී සිටින්නේ රන් පදක්කම් 16ක් සමගින්.

රුසියානු ඔලිම්පික් කමිටුව රන් පදක්කම් 11ක් සහ ඕස්ට්‍රේලියාව රන් පදක්කම් 10ක් දිනාගෙන පිලිවෙලින් සිව්වන හා පස්වන ස්ථානයන්ගේ රැඳී සිටිනවා.

මේවනවිට රටවල් 76ක් ටෝකියෝ ඔලිම්පික් උළෙලේදී කුමන හෝ පදක්කමක් දිනාගෙන සිටිනවා. ඒ අතරින් රන් පදක්කම් දිනාගෙන ඇති රටවල් ගණන 49ක්.

RECENT ARTICLES - SINHALA

ජංගම දුරකථන සහ උපාංග වල මිල 20% කින් අඩු වන ලකුණු?

ජංගම දුරකථන සහ උපාංග වල මිල සියයට 20 කින් පමණ අඩු කිරීමට තීරණය කර ඇති බව ශ්‍රී ලංකා ජංගම දුරකථන ආනයන සහ...

කිරින්ද වෙරළේදී තරුණියන් දෙදෙනෙකු රළ පහරට හසුවෙයි

කිරින්ද විහාරය ආසන්නයේදී මුහුදු රළ පහරට හසුවීමෙන් තරුණියක් අතුරුදහන්ව තවත් තරුණියක් මියගොස් තිබෙනවා. අද (09) උදෑසන කාලයේදී තරුණියන් තිදෙනෙකු...

විදේශගත ශ්‍රමිකයින්ගෙන් ඩොලර් මිලියන 480 ක්

මැයි මාසයේදී විදේශගත ශ්‍රමිකයන් මෙරටට ඩොලර් මිලියන 480 කට වැඩි මුදල් ප්‍රමාණයක් එවා ඇති බව කම්කරු හා විදේශ කටයුතු අමාත්‍යාංශය පවසනවා.

RECENT ARTICLES - ENGLISH

Consideration of ‘Casino Bill’ postponed until regulatory authority established

0
Consideration of Betting and Gaming Taxes (Amendment) Bill postponed until timeline for establishing regulatory authority is worked out, the Committee on Public...

Ajith Prasanna sentenced another six months RI

0
Major (Retired) Ajith Prasanna has been sentenced to six months of rigorous imprisonment by the Court of Appeal. This...

Danushka Gunathilaka to stand trial accused of raping woman in Sydney

0
Cricketer Danushka Gunathilaka will stand trial accused of raping a woman while in Sydney for the T20 World Cup.