සමාජ මාධ්‍ය ඔස්සේ තම දුක්ගැනවිල්ලක් ඉදිරිපත් කළ ගුරුවරියකට එරෙහිව අධ්‍යාපන බලධාරීන් විනය ක්‍රියා මාර්ග ගැනීම සම්බන්ධයෙන් ලංකා ගුරු සංගමය තම විරෝධය පළ කර ඇත.
ලංකා ගුරු සංගමය අදාල සිදු වීම සම්බන්ධයෙන් කරුණු පවසමින් ශ්‍රී ජයවර්ධනපුර කලාප අධ්‍යාපන කාර්යාලයේ අධ්‍යක්ෂවරිය වෙත ලිපියක් යොමු කරමින් පෙන්වා දී ඇත්තේ සමාජ මාධ්‍ය ඔස්සේ තම දුක්ගැනවිල්ල ඉදිරිපත් කළ ගුරුවරියගෙන් නිදහසට කරුණු විමසා ලිපියක් යොමු කිරීම නීත්‍යානුකූල නොවන බවයි.
ලංකා ගුරු සංගමය පවසන පරිදි බප/ජය/බුවනෙකබා විද්‍යාලයේ සේවයේ නියුතු ශ්‍රී ලංකා ගුරු සේවයේ නිලධාරිණියක වන ඩබ්.ජී.ආර්. සුභාෂිණී චූලරත්න වෙත 2020 දෙසැම්බර් 02 දින ශ්‍රී ජයවර්ධනපුර කලාප අධ්‍යාපන කාර්යාලයේ අධ්‍යක්ෂ නිර්මලා කේ. ඒකනායකගේ අත්සනින් ලිපියක් යොමු කර ඇත.

එම ලිපියේ සදහන් වී ඇත්තේ අදාළ ගුරුතුමියට ආයතන සංග්‍රහයේ විධි විධානවලට අනුකූල නොවී කටයුතු කිරීම සම්බන්ධයෙන් විනයානුකූලව කටයුතු නොකිරීමට හේතු ඇත්නම් මෙම ලිපිය ලැබී දින 14 ක් ඇතුළත තමා වෙත කරුණු ඉදිරිපත් කරන ලෙසය.
කෙසේ වෙතත් මේ පිළිබඳව අදහස් දක්වමින් ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසෆ් ස්ටාලින් පවසන්නේ මේ ආකාරයෙන් සාමාජ මාධ්‍ය ඔස්සේ තම දුක්ගැනවිල්ල ඉදිරිපත් කළ ගුරුවරියගෙන් මෙසේ නිදහසට කරුණු විමසා ලිපියක් යොමු කිරීම නීත්‍යානුකූල නොවන බවත් කලාප අධ්‍යාපන කාර්යාලයේ අධ්‍යක්ෂවරියගේ අදාල ලිපිය ලිපිය ඉවත් කර ගැනීම කටයුතු කරන ලෙසත්ය.

රාජකාරියේ යෙදී සිටියදී තමන්ට මුහුණපෑමට සිදු වූ තත්වයක් සම්බන්ධයෙන් තම දුක්ගැනවිල්ල සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රකාශ කළ කොළඹ මහානාම විද්‍යාලයේ ගුරුවරියක වූ සමන්ති පැලකැටියට අධ්‍යාපන අමාත්‍යාංශය විසින් විනයානුකූල ක්‍රියාමාර්ග ගැනීමට එරෙහිව ලංකා ගුරු සංගමයේ ද මැදිහත්වීමෙන් 2012 වසරේ ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ගොනු කළ ආකාරය පෙන්වා දී ඇත.
තවද ත්‍රිපුද්ගල විනිශ්චය මණ්ඩලයක් මගින් 2018 ජනවාරි 28 දින එම පෙත්සම සම්බන්ධයෙන් ලබාදෙන ලද තීරණය මගින් රාජ්‍ය සේවකයන්ට මාධ්‍ය ඔස්සේ තම දුක්ගැනවිලි ඉදිරිපත් කිරීමට ඇති අයිතිය ශ්‍රේෂ්ඨාධිකරණය මගින් තහවුරු කර ඇති බවත් ඒ මහතා පෙන්වා දී ඇත.
තවද එම ගුරුතුමිය ශ්‍රී ජයවර්ධනපුර කලාප අධ්‍යාපන කාර්යාලයට ඇගේ රාජකාරි කටයුත්තක් සඳහා 2020.11.11 දින පැමිණ භාරදුන් ලිපිගොනුව 2020.11.25 දින නැවත ගොස් සොයබැලූ අවස්ථාවේදී ගේට්ටුව අසල බිල්ඩිමේ මේසය මතම තිබූ බව ඇය තම ෆේස්බුක් පිටුවේ සටහන් කර ඇත්තේ ශ්‍රී ජයවර්ධනපුර කලාප අධ්‍යාපන කාර්යාලයේ අධ්‍යක්ෂවරිය සමාජ මාධ්‍ය ඔස්සේද දැනුවත් කළ බවත් පෙන්වා දී ඇත.