28 C
Colombo
Saturday, July 27, 2024

අවුරුද්දට ගමට යන්න දුම්රිය 2ක් පමණයි..!

- Advertisement -

අලුත් අවුරුද්ද සඳහා ප්‍රධාන නගරවල සිට ජනතාවට ගම්බිම්වලට යෑම සඳහා මෙවර විශේෂ දුම්රිය දෙකක් පමණක්ධාවනය කිරීමට කටයුතු කරන බව දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (ගමනාගමන) ගාමිණී සෙනෙවිරත්න මහතා පවසනවා.

විශේෂ දුම්රිය සේවා මෙවර විශාල ලෙස ක්‍රියාත්මක නොකළදමගී අවශ්‍යතා මත දුරගමන් සේවා දුම්රියවලට අමතර මැදිරි එකතු කිරීමට සැලසුම් කර තිබෙන බවයි ඒ මහතා පවසන්නේ

මීට අමතරව සාමාන්‍ය පරිදි ධාවනය වන දුම්රියන් ඒ ආකාරයටම ධාවනය වන බවත් ඔහු පවසා සිටිනවා.

විශේෂ දුම්රිය දෙක අනිද්දා (08) සිට කොළඹ කොටුවේ සිට බදුල්ල දක්වාත්, කොළඹ කොටුවේ සිට යාපනය දක්වාත් ධාවනය කරන බවත් ඔහු ප්‍රකාශ කර සිටිනවා.

දුම්රිය නියාමකයන්ගේ හා රියදුරන්ගේ පවතින හිඟය නිසා බොහෝ ප්‍රදේශවලට මෙවර විශේෂ දුම්රිය ධාවනය කළ නොහැකි තත්ත්වයක් ඇති වී තිබෙන බවද ඒ මහතා පවසා සිටි අතර පවතින ඉන්ධන හිඟය නිසා පෞද්ගලික බස් රථත් මෙවර විශේෂ බස් සේවා ක්‍රියාත්මක නොකරන බවත්,ඉන්ධන ලැබෙන ආකාරයට දුරගමන් සේවා බස් රථ ක්‍රියාත්මක වන බවත් බස් සංගම් සඳහන් කරනවා.

RECENT ARTICLES - SINHALA

ජනාධිපතිවරණය පැවැත්වීම ගැන චන්ග් සතුටින්

මැතිවරණ කොමිසම විසින් සැප්තැම්බර් 21 වැනිදා මෙරට ජනාධිපතිවරණය පැවැත්වීමට කටයුතු කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානපති ජුලී චන්ග් සිය ප්‍රසාදය පළකර තිබෙනවා. එහිදී ප්‍රජාතන්ත්‍රවාදය සඳහා...

අපි අපේක්ෂකයෙක් ඉදිරිපත් කරන්නේ නෑ – සුමන්තිරන්

ජනාධිපතිවරණය සඳහා ඉලංකෙයි තමිල් අරසු කච්චි (ITAK) පක්ෂය අපේක්ෂකයකු ඉදිරිපත් නොකරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් මහතා පවසනවා. එහෙත් ඉදිරි දින කිහිපයේ දී ජනාධිපතිවරණයේ ප්‍රධාන...

අනුරගෙන් දේශබන්දුට අභියෝගයක්

දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පති ලෙස ඉදිරියේ දී යම්කිසි රාජකාරි කටයුත්තක් සිදුකළහොත් ඒ සම්බන්ධයෙන් අවශ්‍ය නීතිමය පියවර ගන්නා බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර...

POPULAR ARTICLES

අසාදු ලේඛනයට යන වාහන

පරිසරයට අහිතකර දුම් පිටවන වාහන 93ක් පමණ මේ වසර තුළ අසාදු ලේඛන ගත කර ඇති බව වායු විමෝචන භාරකාර අරමුදල පවසනවා. එහි අධ්‍යක්ෂ දසුන් ගමගේ...

අනුරගේ ප්‍රකාශයට හරින්ගෙන් පිළිතුරු ලිපියක්

0
පසුගිය දිනක ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා විසින් හරීන් ප්‍රනාන්දු සහ මනූෂ නානයක්කාර මහතාගේ විදෙස් ගමන් සදහා මුදල් වැය වූ ආකාරය...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව ඩොලරයේ අගයෙහි සුළු වෙනසක් සිදුව තිබෙනවා. ඒ අනුව ඩොලරයේ...