29 C
Colombo
Saturday, July 27, 2024

පානීය ජලය බෙදාගැනීම සම්බන්ධයෙන් පකිස්තානයේ ප්‍රාන්ත දෙකක් අතර අර්බුදයක්

- Advertisement -

පානීය ජලය බෙදාගැනීම සම්බන්ධයෙන් පකිස්තානයේ ප්‍රාන්ත දෙකක් අතර අර්බුදයක් හටගෙන ඇතැයි එරට මාධ්‍ය වාර්තා කරයි.

මෙම අර්බුදය හටගෙන ඇත්තේ සින්ද් සහ පන්ජාබ් ප්‍රාන්ත දෙක අතරයි.

මෙම ප්‍රාන්ත දෙකට ප්‍රධාන වශයෙන්ම පානීය ජලය සපයනු ලබන්නේ ඉන්දු ගංගාව මගිනුයි.

එම ගංගාව උපයෝගී කරගෙන තනා ඇති ඇල මාර්ග හරහා ගඟෙහි ජලය විවිධ ප්‍රාන්තවල වැසියන්ගේ පානීය ජල අවශ්‍යතා සපුරා ගැනීම සදහා බෙදාහැරේ.

කෙසේවෙතත් ජලපාලන බලධාරීන් නියමිත රීතීන් උල්ලංඝනය කරමින් පංජාබ් ප්‍රාන්තයට නියමිත ප්‍රමාණයට වඩා ජලය බෙදාහැර ඇති බව එර⁣ට මාධ්‍ය වාර්තා කර තිබේ.

මේ හේතුවෙන් සින්ද් සහ පංජාබ් ප්‍රාන්තවල පාලකයන් සහ බලධාරීන් ජලය බෙදාහැරීම සම්බන්ධයෙන් ආරවුලකට මැදිවී සිටින බව එම වාර්තාවල වැඩිදුරටත් සදහන් වේ.

RECENT ARTICLES - SINHALA

නිට්ටඹුවේ බිහිසුණු අනතුරක්. අයෙක් මරුට

නිට්ටඹුව - තිහාරිය ප්‍රදේශයේදී අද (27) උදෑසන නුවර සිට කොළඹ දෙසට ධාවනය වූ ජීප් රථයක් මාර්ගය අයිනේ ගමන් කරමින් සිටි පුද්ගලයෙකුගේ ගැටී අනතුරක් සිදුව...

මිල ප්‍රදර්ශනය නොකළොත් වැඩ වරදී

ග්‍රෑම් 450ක පාන් ගෙඩියක මිල රුපියල් 10කින් අඩු කිරීමට පියවර ගැනීමත් සමඟ මිල ප්‍රදර්ශනය නොකරන වෙළෙඳසැල් හිමියන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට පියවර ගන්නා බව...

විකල්ප ඡන්ද මධ්‍යස්ථානවලදී ඡන්දය භාවිත කිරීමට අවසර

ජනාධිපතිවරණයේදී නියමිත ඡන්ද මධ්‍යස්ථානය හැර වෙනත් ස්ථානයකදී ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා ඉල්ලුම් කළ හැකි බව ජාතික මැතිවරණ කොමිෂන් සභාව පවසනවා. අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරමින්...

POPULAR ARTICLES

අසාදු ලේඛනයට යන වාහන

පරිසරයට අහිතකර දුම් පිටවන වාහන 93ක් පමණ මේ වසර තුළ අසාදු ලේඛන ගත කර ඇති බව වායු විමෝචන භාරකාර අරමුදල පවසනවා. එහි අධ්‍යක්ෂ දසුන් ගමගේ...

අනුරගේ ප්‍රකාශයට හරින්ගෙන් පිළිතුරු ලිපියක්

පසුගිය දිනක ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා විසින් හරීන් ප්‍රනාන්දු සහ මනූෂ නානයක්කාර මහතාගේ විදෙස් ගමන් සදහා මුදල් වැය වූ ආකාරය...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව ඩොලරයේ අගයෙහි සුළු වෙනසක් සිදුව තිබෙනවා. ඒ අනුව ඩොලරයේ...