කොවිඩ් 19 වෛරසය ආසාදනය වී රෝහල් ගතව සිටි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ ජලනි ප්‍රේමදාස මහත්මිය සුවය ලබා අද රෝහලෙන් පිටව ගියා.
ඉන් අනතුරුව ඔවුන් දෙදෙනා කොළඹ හුනුපිටිය ගංගාරාම විහාරස්ථානය වෙත පැමිණ ආගමික වතාවත්වලට සහභාගිවී මහා සංඝරත්නයේ ආශිර්වාද ලබාගෙන තිබුණා.
මහාචාර්ය පූජ්‍යපාද අගලකඩ සිරිසුමන නාහිමි, පූජ්‍යපාද තීනියාවල පාලිත හිමි, පූජ්‍ය උග්ගොඩ ධම්මින්ද හිමි, ගංගාරාම විහාරස්ථානයේ පූජ්‍ය අස්සජි හිමි ප්‍රමුඛ මහා සංඝරත්නය විපක්ෂනායකවරයා ප්‍රමුඛ සියලු රට වැසියන්ට ආශිර්වාද පතා සෙත් පිරිත් සජ්ජායනාවක්ද පවත්වා තිබෙනවා.





“මටත් බිරිදටත් කොවිඩ් හැදුනේ එන්නත නොගත් නිසා” – සජිත් ප්‍රේමදාස
වීඩියෝ පහතින්,