27.8 C
Colombo
Monday, June 23, 2025

උත්සව වලට සල්ලි වියදම් කරපු හැටි ජීවන් තොණ්ඩමන් හංඟලා

- Advertisement -

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පවත්වන ලද “නාම්-200” උත්සවයට අදාළ තොරතුරු ජූලි 03 වැනිදාට පෙර ලබාදෙන ලෙසට තොරතුරු කොමිසම ජීවන් තොණ්ඩමන් අමාත්‍යවරයාගේ අමාත්‍යාංශය වෙත නියෝග කර තිබෙනවා.

ඉන්දීය සම්භවයක් ඇති කඳුකර ජනතාව ශ්‍රී ලංකාවට පැමිණ වසර 200ක් පිරීම නිමිත්තෙන් ජල සම්පාදන හා වැවිලි යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍ය ජීවන් තොණ්ඩමන් මහතා පසුගිය වසරේ නොවැම්බර් 02 වැනිදා “නම් 200” නමින් උත්සවයක් සංවිධානය කරනු ලැබුවා.

ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේ පැවැති මෙම උත්සවයට අග්‍රාමාත්‍ය දිනේස් ගුණවර්ධන, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, ඉන්දීය මුදල් අමාත්‍ය නිර්මලා සීතාරාමන් ඇතුළු පිරිසක් එක්ව සිටියා.

“නාම් 200” උත්සවය සම්බන්ධයෙන් මාධ්‍යවේදී බී.නිරෝෂ් කුමාර් තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ පනත යටතේ විවිධ තොරතුරු ඉල්ලා පසුගිය වසරේ නොවැම්බර් 06 වැනිදා ඉල්ලුම් කර තිබුණා.

එම ඉල්ලීමට අනුව, ජල සම්පාදන හා උද්‍යාන යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍යාංශය තොරතුරුවලින් කොටසක් ලබාදී ඇතත් වැදගත් තොරතුරු රැසක් ලබා නොදීම සම්බන්ධයෙන් තොරතුරු කොමිසමට නැවතත් අභියාචනයක් ඉදිරිපත් කර තිබෙනවා.

ඒ අනුව, ජනවාරි 24 වැනි දින කරන ලද අභියාචනය තොරතුරු කොමිසම හමුවේ ඊයේ (2024.05.15) විභාගයට ගැනුණා.

මෙම විමර්ශනය අතරතුර ජීවන් තොණ්ඩමන්ගේ අමාත්‍යාංශය වෙනුවෙන් අමාත්‍යාංශයේ අතිරේක ලේකම් (සැලසුම්) එම්.එන්.ඩී ගුණරත්න, අමාත්‍යාංශයේ තොරතුරු නිලධාරියා සහ නම් කරන ලද නිලධාරියා සිව් පුද්ගල කොමිසම හමුවේ පෙනී සිටියා.

මෙහිදී, මාධ්‍යවේදී බී.නිරෝෂ් කුමාර් කොමිසමේ අවධානයට යොමු කළේ තොරතුරු දැනගැනීමේ අයිතිය හරහා අසන ලද ප්‍රශ්න 19 න් ප්‍රශ්න 4 කට සම්පූර්ණයෙන් පිළිතුරු නොලැබුණු බවයි.

“නම් 200” උත්සවය සඳහා වියදම් කළ මුදල ලබුණේ කෙසේදැයි තොරතුරු කොමිසම  අමාත්‍යාංශයේ නිලධාරීන්ගෙන් විමසූ විට, ඔවුන් පවසා ඇත්තේ භාණ්ඩාගාරයෙන් ඒ සඳහා මුදල් වෙන් නොකළ නිසා රාජ්‍ය නොවන සංවිධානයක් වන GOPIO මඟින් අදාළ මුදල ලබා ගත් බවයි.

එසේ නම්, අදාළ රාජ්‍ය නොවන සංවිධානයේ (GOPIO)  තොරතුරු නිලධාරියා වෙත මෙම තොරතුරු ඉල්ලීම යොමු නොකරන්නේ ඇයිද යන්න කොමිසම විසින් අමාත්‍යංශ නිලධාරීන්ගෙන් විමසා තිබෙනවා.

එහිදී, මඳ වේලාවක් නිහඬව සිටි අමාත්‍යංශය නිලධාරීන් පවසා ඇත්තේ අදාළ තොරතුරු ඉල්ලීම එම රාජ්‍ය නොවන සංවිධානයේ තොරතුරු නිලධාරියා වෙත යොමු කරන බවයි.

එහිදී, කොමිසම විමසා ඇත්තේ මේ වන විටත් තොරතුරු ඉල්ලීමේ අභියාචනය විභාගයට ගෙන ඇති බැවින් එය දැන් තොරතුරු නිලධාරියාට යොමු කරන්නේ කෙසේද යන්නයි.

කෙසේවෙතත්, තොරතුරු ඉල්ලීමේ ඉල්ලා ඇති පරිදි GOPIO වෙතින් රිසිට්පත් සහ වියදම් ලේඛන සහ චෙක්පත් පිටපත් මාධ්‍යවේදී නිරෝෂ් කුමාර් වෙත ලබා දීමට කටයුතු කරන බව අමාත්‍යංශය නිලධාරීන් කොමිසම හමුවේ පවසා තිබුණා.

මාධ්‍යවේදී බී.නිරෝෂ් කුමාර් මහතා මෙහිදී පෙන්වා දී ඇත්තේ තමා පසුගිය මාස 6ක පමණ කාලයක සිට ඉහත සිද්ධිය සම්බන්ධයෙන් තොරතුරු ලබාගැනීමට උත්සාහ කරන බවයි.

තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ පනත යටතේ ඉල්ලා ඇති එම තොරතුරු ලබා දෙන ලෙස  ජීවන් තොණ්ඩමන් අමාත්‍යවරයාගේ අමාත්‍යාංශයට නියෝග කරන ලෙස ඔහු කොමිසමෙන් ඉල්ලා තිබෙනවා.

ඒ අනුව, ජූලි 03 වැනිදාට පෙර තොරතුරු ලබා දෙන ලෙස කළ සියලුම ඉල්ලීම්වලට පිළිතුරු ලබා දෙන ලෙස තොරතුරු කොමිසම ජීවන් තොණ්ඩමන් මහතාගේ අමාත්‍යාංශයට නියෝග කළා.

RECENT ARTICLES - SINHALA

පිල්ලෙයාන්ට ඇපදීමක් ගැන හිතලාවත් නැහැ-  නීතිපති දෙපාර්තමේන්තුව

නීතිපති දෙපාර්තමේන්තුවේ ඇතැම් නිළධාරීන් ඉලක්ක කරගනිමින් සමාජ මාධ්‍යයේ එල්ල කර තිබෙන අභූත චෝදනා පිළිබදව විමර්ශනයක් අවශ්‍ය බව, නීතිපති පාරින්ද රණසිංහ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම්...

බදුල්ල – දුන්හිද බස් අනතුරට හේතුව මෙන්න

බදුල්ල , මහියංගනය ප්‍රධාන මාර්ගයේ දුන්හිද ප්‍රදේශයේදී අනතුරට ලක්වූ බස් රථය ධාවනය කර ඇත්තේ එම රථයේ රියැදුරු නොව වෙනත් අයෙකු බව විමර්ශනවලදී අනාවරණය වී...

ලංකා විදුලිබල මණ්ඩලයෙන් නිවේදනයක්

බැටරිය සහිත වහළ මත සවිකරන සුර්ය කෝෂ පද්ධති සදහා කරන ගෙවීම් ඉහළ දැමීමට තීරණය කර තිබෙනවා. ලංකා විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක ප්‍රධාන ඉංජිනේරු ධම්මික විමලරත්න...

POPULAR ARTICLES

පිල්ලෙයාන්ට ඇපදීමක් ගැන හිතලාවත් නැහැ-  නීතිපති දෙපාර්තමේන්තුව

නීතිපති දෙපාර්තමේන්තුවේ ඇතැම් නිළධාරීන් ඉලක්ක කරගනිමින් සමාජ මාධ්‍යයේ එල්ල කර තිබෙන අභූත චෝදනා පිළිබදව විමර්ශනයක් අවශ්‍ය බව, නීතිපති පාරින්ද රණසිංහ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම්...

හෝමූස් වසා දැමීමට ඉරාන පාර්ලිමේන්තුවෙන් අනුමැතිය

ඉරාන පාර්ලිමේන්තුව විසින් හෝමූස් සමුද්‍ර සන්ධිය වසා දැමීමට අද (22) ඡන්දය ප්‍රකාශ කර ඇති බව විදෙස් වාර්තා සඳහන් කරනවා. ඉරානය ඇතුළු මැදපෙරදිග රටවල් තෙල් අපනයනය...

බදුල්ල – දුන්හිද බස් අනතුරට හේතුව මෙන්න

බදුල්ල , මහියංගනය ප්‍රධාන මාර්ගයේ දුන්හිද ප්‍රදේශයේදී අනතුරට ලක්වූ බස් රථය ධාවනය කර ඇත්තේ එම රථයේ රියැදුරු නොව වෙනත් අයෙකු බව විමර්ශනවලදී අනාවරණය වී...