29 C
Colombo
Saturday, July 27, 2024

අගමැතිගේ ගැසට් පත්‍රය බලරහිත කරමින් ආනයන හා අපනයන පාලක ජනරාල්ගෙන් නියෝගයක්

- Advertisement -

ටයිල් සහ නානකාමර කට්ටල මෙරටට ගෙන්වීම තහනම් කරමින් පනවා තිබුණු ගැසට් නිවේදනය ඉවත් කරමින්, ඒ සදහා අනුමැතිය ලබා දෙන නව ගැසට් නිවේදනයක් ඊයේ (02) දිනයේ දී මුදල් අමාත්‍යවරයා විසින් නිකුත් කරන ලදි.

නමුත්, මුදල් අමාත්‍යවරයා නිකුත් කළ ගැසට් නිවේදනය බල රහිත කෙරෙන උපදෙසක් ආනයන හා අපනයන පාලක ජනරාල් විසින් අද සියළු වාණිජ බැංකු වල ප්‍රධාන විධායක නිලධාරීන් වෙත නිකුත් කර තිබෙනවා.

ඒ අනුව ඊයේ (02) නිකුත් කරන ලද අංක 2213/8 අතිවිශේෂ ගැසට් පත්‍රයේ සඳහන් අංක 03 හා 04 රෙගුලාසි ක්‍රියාවට නැංවීම නැවත දැනුම්දෙන තුරු අත්හිටුවන ලෙස ශ්‍රී ලංකා රේගුවට සහ සියලූම වාණිජ බැංකුවලට දැනුම් දී ඇත.

ඊයේ (02) මුදල් අමාත්‍යවරයා වශයෙන් අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ අත්සනින් යුතුව නිකුත්කර තිබු ගැසට් නිවේදනයක් මගින් සෙරමික්/ටයිල් නිෂ්පාදන ආනයනයට පනවා තිබූ සීමා ලිහිල් කෙරිණි.

RECENT ARTICLES - SINHALA

නිට්ටඹුවේ බිහිසුණු අනතුරක්. අයෙක් මරුට

නිට්ටඹුව - තිහාරිය ප්‍රදේශයේදී අද (27) උදෑසන නුවර සිට කොළඹ දෙසට ධාවනය වූ ජීප් රථයක් මාර්ගය අයිනේ ගමන් කරමින් සිටි පුද්ගලයෙකුගේ ගැටී අනතුරක් සිදුව...

මිල ප්‍රදර්ශනය නොකළොත් වැඩ වරදී

ග්‍රෑම් 450ක පාන් ගෙඩියක මිල රුපියල් 10කින් අඩු කිරීමට පියවර ගැනීමත් සමඟ මිල ප්‍රදර්ශනය නොකරන වෙළෙඳසැල් හිමියන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට පියවර ගන්නා බව...

විකල්ප ඡන්ද මධ්‍යස්ථානවලදී ඡන්දය භාවිත කිරීමට අවසර

ජනාධිපතිවරණයේදී නියමිත ඡන්ද මධ්‍යස්ථානය හැර වෙනත් ස්ථානයකදී ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා ඉල්ලුම් කළ හැකි බව ජාතික මැතිවරණ කොමිෂන් සභාව පවසනවා. අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරමින්...

POPULAR ARTICLES

අසාදු ලේඛනයට යන වාහන

පරිසරයට අහිතකර දුම් පිටවන වාහන 93ක් පමණ මේ වසර තුළ අසාදු ලේඛන ගත කර ඇති බව වායු විමෝචන භාරකාර අරමුදල පවසනවා. එහි අධ්‍යක්ෂ දසුන් ගමගේ...

අනුරගේ ප්‍රකාශයට හරින්ගෙන් පිළිතුරු ලිපියක්

පසුගිය දිනක ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා විසින් හරීන් ප්‍රනාන්දු සහ මනූෂ නානයක්කාර මහතාගේ විදෙස් ගමන් සදහා මුදල් වැය වූ ආකාරය...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව ඩොලරයේ අගයෙහි සුළු වෙනසක් සිදුව තිබෙනවා. ඒ අනුව ඩොලරයේ...