28.1 C
Colombo
Friday, April 26, 2024

මුළු රාජ්‍ය සේවයම කැඳෙව්වත් බස්වල යන්න ඕනෙ ආසන ගානට – දිළුම් ගෙන් අපූරු නියෝගයක්

- Advertisement -

ආසන ගණන ඉක්මවා මගීන් ගෙනයන බස් රථවල රියදුරන් සහ කොන්දොස්තරවරුන් අද (04) දින සිට අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන බව ප්‍රවාහන සේවා රාජ්‍ය අමාත්‍ය දිළුම් අමුණුගම මහතා පවසනවා.

නිරෝධායන පනතට පටහැණිව බස්‍ රථ විශාල ගණනක් කටයුතු කිරීම හේතුවෙන් මෙම පියවර ගන්නැයි පොලිස්පතිවරයාට දැනුම් දුන් බවයි රාජ්‍ය අමාත්‍යවරයා පවසන්නේ.

ඒ අනුව, සියලුම බස් රථ සෝදිසි කර ආසන සංඛ්‍යාවට වඩා මගීන් ප්‍රවාහනය කරන පුද්ගලයන් අත් අඩංගුවට ගෙන නීතිය හමුවට ඉදිරිපත් කිරීම දිවයින පුරා ක්‍රියාත්මක බවයි ඔහු වැඩිදුරටත් පවසන්නේ.

කෙසේවෙතත්, සියලුම රාජ්‍ය සේවකයින්ව සාමාන්‍ය පරිදි සේවයට කැඳවා ඇති බැවින් සහ මෙරට පොදු ප්‍රවාහන සේවය ඉල්ලුමට ප්‍රමාණවත් නොවන බව රාජ්‍ය අමාත්‍යවරයා හොඳාකාරවම දන්නා බැවින් ඔහුගේ මෙම නියෝගය අර්ථ ශූණ්‍ය බවයි ජනතාව පවසන්නේ.

RECENT ARTICLES - SINHALA

එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ විමර්ශන කඩිනමින් අවසන් කරන ලෙස දැනුම්දිමක්

එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනි ගැනීමේ සිද්ධියට අදාළ විමර්ශන කටයුතු කඩිනමින් අවසන් කරන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම්දී තිබෙනවා. කෙසේවෙතත් ඊයේ (25) නඩුව...

වතු කම්කරු වැටුප් වැඩි කිරීමේ සාකච්ඡා අසාර්ථකයි

වතු හාම්පුතුන්ගේ සංගමයේ සාමාජිකයින් නොපැමිණීම හේතුවෙන් වතු කම්කරු වැටුප් වැඩි කිරීම සඳහා පැවැති දෙවැනි සාකච්ඡා වටයද අසාර්ථක වී තිබෙනවා. පසුගිය 10 වැනිදා වතු වෘත්තීය සමිති...

ආගමන විගමන දෙපාර්තමේන්තුවෙන් විශේෂ දැනුම්දීමක්

ආගමන විගමන දෙපාර්තමේන්තුව විසින් ජනතාව වෙත විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා. මාර්ගගත වීසා අයදුම් කිරීමේදී http://www.immigration gov.lk වෙබ් අඩවියේ e visa සබැඳිය පමණක් භාවිත කරන...

POPULAR ARTICLES

ජාතික ගීය අක්‍රමවත්ව ගායනා කළැයි උමාරාට වැඩවරදියි

ජාත්‍යන්තර තරඟාවලියකදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වා ඇති ආකාරයට පටහැනිව ජාතික ගීය ගායනා කිරීම සම්බන්ධව නීතිමය පියවර ගන්නා බව ස්වදේශ කටයුතු අමාත්‍යංශය...

ඩොලරය පහළට

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 295.43ක් ලෙස...

අරගලයේ වෙනස අපි පටන් ගන්න සුදානම්-නාමල්

අරගල සමයේ සටන් පාඨය බවට පත්වූ ක්‍රම වෙනසක් ඇති කිරීම සිය පක්ෂය තුළින්ම ආරම්භ කිරීමට සූදානම් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු...