29 C
Colombo
Saturday, July 27, 2024

රටින් ගෙන්වන සහල් වලට කාබනික පොහොර යොදලා නෑ. අමාත්‍යවරයා පිළිගනියි (වීඩියෝ)

- Advertisement -

සහල් මෙට්‍රික් ටොන් ලක්ෂයක් ආනයනය කිරීම සඳහා වෙළඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන ඉදිරිපත් කරන ලද යෝජනාවට ඊයේ (22) දිනයේදී කැබිනට් අනුමැතිය හිමිවී තිබෙනවා.

එසේ ආනයනය කරනු ලබන්නේ කාබනික පොහොර යෙදූ සහල් නොවන බවට මේ සම්බන්ධයෙන් අද දින පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් මහින්දානන්ද අළුත්ගමගේ අමාත්‍යවරයා පිළිගනු ලැබුවා.

අමාත්‍යවරයා මෙම අදහස් ප්‍රකාශ කර සිටියේ අමාත්‍යවරයා විසින් සහල් අතිරික්තයක් ඇති බවට ප්‍රකාශ කර තිබියදී මෙසේ සහල් ආනයනය කරන්නේ මන්ද යන්නත් එසේ ආනයනය කරන්නේ කාබනික පොහොර යෙදූ සහල්ද යන්නත් පිළිබඳව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී තුෂාර ඉඳුනිල් මහතා විසින් මතු කළ ප්‍රශ්නයට පිළිතුරු දෙමින්.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය මහින්දානන්ද අළුත්ගමගේ පවසා සිටියේ සහල් මාෆියාව විසින් සහල් තොග සඟවා ඇති නිසා මෙසේ ආනයනය කිරීමට සිදුව ඇති බවත් තවමත් ගතවෙමින් පවතින්නේ යල කන්නය වන බැවින් එසේ ආනයනය කරන සහල් කාබනික පොහොර යෙදූ සහල් වීමේ අවශ්‍යතාවයක් නමැති බවත් ය.


RECENT ARTICLES - SINHALA

මෛත්‍රිගෙන් දයාසිරියට අභියෝගයක්

ඉදිරි අගෝස්තු 08 වන දින සමගි ජන බලවේගය සමග එක් වීමට දයාසිරි ජයසේකර ඇතුළු පිරිසක් මේ වන විටත් ගිවිසුම්ගත වී සිටින අතර ඒ සම්බන්ධයෙන්...

අගමැති හදන්නේ විධායකයයි අධිකරණයයි අතර ගැටුමක් හදන්න-ඉරාන්

පොලිස්පතිවරයාට ශ්‍රේෂ්ඨාධිකරණ ලබාදුන්න නියෝගය පිළිනොගන්නා බව අගමැතිවරයා පාර්ලිමේන්තුවේදි සිදුකළ ප්‍රකාශය සම්පුර්ණයෙන් ප්‍රතික්ෂේප කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න මහතා පවසනවා. මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ ඊයේ...

නිට්ටඹුවේ බිහිසුණු අනතුරක්. අයෙක් මරුට

නිට්ටඹුව - තිහාරිය ප්‍රදේශයේදී අද (27) උදෑසන නුවර සිට කොළඹ දෙසට ධාවනය වූ ජීප් රථයක් මාර්ගය අයිනේ ගමන් කරමින් සිටි පුද්ගලයෙකුගේ ගැටී අනතුරක් සිදුව...

POPULAR ARTICLES

අසාදු ලේඛනයට යන වාහන

පරිසරයට අහිතකර දුම් පිටවන වාහන 93ක් පමණ මේ වසර තුළ අසාදු ලේඛන ගත කර ඇති බව වායු විමෝචන භාරකාර අරමුදල පවසනවා. එහි අධ්‍යක්ෂ දසුන් ගමගේ...

අනුරගේ ප්‍රකාශයට හරින්ගෙන් පිළිතුරු ලිපියක්

පසුගිය දිනක ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා විසින් හරීන් ප්‍රනාන්දු සහ මනූෂ නානයක්කාර මහතාගේ විදෙස් ගමන් සදහා මුදල් වැය වූ ආකාරය...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව ඩොලරයේ අගයෙහි සුළු වෙනසක් සිදුව තිබෙනවා. ඒ අනුව ඩොලරයේ...