29 C
Colombo
Saturday, July 27, 2024

OSCARS සම්මාන උළෙල උණුසුම් කරමින් විල් ස්මිත්ගෙන් නිවේදක ක්‍රිස් රොක්ට කණේ පහරක් (වීඩියෝ)

- Advertisement -

අමෙරිකාවේ ලොස් ඇන්ජලීස් නුවර, හොලිවුඩ් පුරයේ, ‘ඩොල්බි’ රගහලේදී පැවති 94 වන ඔස්කාර් සම්මාන උළෙල අවසන් වූයේ ලෝකයේම කතාබහට බදුන් වූ සිදුවීමක් සමගින්.

ඒ මෙවර ඔස්කාර් සම්මාන උළෙලේ හොඳම නළුවා බවට පත්වූ විල් ස්මිත් සම්මාන උලෙළේ නිවේදන කටයුතු සිදුකළ ප්‍රහසන නළු ක්‍රිස් රොක්ට කනේ පහරක් ගැසීමයි.

සිදුවීම වන අවස්ථාවේ ඔස්කාර් සම්මාන උළෙල ලොවපුරා සජීවීව විකාශය කෙරුණු බැවින් මෙම කනේ පහර එල්ල කිරීම සජීවීව ලොව පුරා ලක්ෂ සංඛ්‍යාත ප්‍රේක්ෂකයින් පිරිසක් දැකගත්තා.

සුපිරි නළු විල් ස්මිත් සිය බිරිඳ වන ජනප්‍රිය හොලිවුඩ් නිළි ජේඩා පින්කෙට් සමග මෙවර සම්මාන උළෙලට සහභාගි වී සිටියා.

කෙසේ වෙතත් එහිදි සම්මාන උලෙළේ නිවේදන කටයුතු සිදුකළ ප්‍රහසන නළු ක්‍රිස් රොක්, විල් ස්මිත්ගේ බිරිඳ වූ ජේඩාව හාස්‍යයට ලක් කිරීමත් සමඟ මෙම තත්ත්වය ඇතිවුණා.

ජේඩා හිස කෙසේ ගැලවීයෑමේ රෝගී තත්ත්වයකින් පීඩා විඳින අතර, ඇය හිස බූ ගා සිටිම නිවේදක ක්‍රිස් රොක්​ට විහිළුවක්වීම හේතුවෙන් මෙසේ විල් ස්මිත්ගේ කෝප වී තිබුණා.

එහිදි ක්‍රියාත්මක වූ විල් ස්මිත්ගේ වේදිකාවට ගොඩවී නිවේදක ක්‍රිස් රොක්ට දැවැන්ත කම්මුල් පහරක් එල්ල කළා.

ජේඩා පින්කෙට් හිස කෙසේ ගැලවී යෑමේ ‘ඇලොපෙසියා’ නමැති රෝගී තත්ත්වයකින් පෙළෙන්නෙකු බව 2018 වසරේදි හදුනාගෙන තිබු අතර ඇය එය ප්‍රසිද්ධියේ කියා තිබුණා.

එම සිදුවීමෙන් පසු විල් සිමිත් හැගීම්බරව කඳුළු සලන්න වූ බවත්, ප්‍රවීණ මෙන්ම සම්මානීය නළු ඩෙන්සල් වොෂින්ටන් සහ ටයිලර් පෙරී වේදිකාවේ මුල්ලකට වී, විල් සිමිත් සැනසූ බවත් ඇමෙරිකන් මාධ්‍ය වාර්තා කර තිබෙනවා

RECENT ARTICLES - SINHALA

නිට්ටඹුවේ බිහිසුණු අනතුරක්. අයෙක් මරුට

නිට්ටඹුව - තිහාරිය ප්‍රදේශයේදී අද (27) උදෑසන නුවර සිට කොළඹ දෙසට ධාවනය වූ ජීප් රථයක් මාර්ගය අයිනේ ගමන් කරමින් සිටි පුද්ගලයෙකුගේ ගැටී අනතුරක් සිදුව...

මිල ප්‍රදර්ශනය නොකළොත් වැඩ වරදී

ග්‍රෑම් 450ක පාන් ගෙඩියක මිල රුපියල් 10කින් අඩු කිරීමට පියවර ගැනීමත් සමඟ මිල ප්‍රදර්ශනය නොකරන වෙළෙඳසැල් හිමියන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට පියවර ගන්නා බව...

විකල්ප ඡන්ද මධ්‍යස්ථානවලදී ඡන්දය භාවිත කිරීමට අවසර

ජනාධිපතිවරණයේදී නියමිත ඡන්ද මධ්‍යස්ථානය හැර වෙනත් ස්ථානයකදී ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා ඉල්ලුම් කළ හැකි බව ජාතික මැතිවරණ කොමිෂන් සභාව පවසනවා. අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරමින්...

POPULAR ARTICLES

අසාදු ලේඛනයට යන වාහන

පරිසරයට අහිතකර දුම් පිටවන වාහන 93ක් පමණ මේ වසර තුළ අසාදු ලේඛන ගත කර ඇති බව වායු විමෝචන භාරකාර අරමුදල පවසනවා. එහි අධ්‍යක්ෂ දසුන් ගමගේ...

අනුරගේ ප්‍රකාශයට හරින්ගෙන් පිළිතුරු ලිපියක්

පසුගිය දිනක ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා විසින් හරීන් ප්‍රනාන්දු සහ මනූෂ නානයක්කාර මහතාගේ විදෙස් ගමන් සදහා මුදල් වැය වූ ආකාරය...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව ඩොලරයේ අගයෙහි සුළු වෙනසක් සිදුව තිබෙනවා. ඒ අනුව ඩොලරයේ...