29 C
Colombo
Sunday, October 1, 2023

ලෝකයේ පිළිගත් හොදම එන්නත් භාවිතා කරන රට අපේ රටයි – නාමල්

- Advertisement -

ලෝකයේ තිබෙන හොදම කොරෝනා එන්නත් වර්ග භාවිතා කරමින් ඉතා කඩිනමින් එන්නත්කරනය කරන රට බවට ශ්‍රී ලංකාව පරිවර්තනය වෙමින් තිබෙන බව අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පවසනවා.

ඒ, ඊයේ (17) ඇල්ල ප්‍රදේශයේ සංචාරක ක්ෂේත්‍රයේ නියුතු වූවන්ට කොවීඩ් 19 එන්නත ලබාදීමේ කටයුතු නිරීක්ෂණයෙන් අනතුරුව දින මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

මෙහිදී අදහස් දැක්වූ අමාත්‍ය නාමල් රාජපක්ෂ,

“විශේෂයෙන්ම ජනාධිපති වරයාගේ උපදෙස් පරිදි සෑම දිස්ත්‍රික්කයකම එන්නත් කරන වැඩසටහන සාර්ථකව ක්‍රියාත්මක වෙනවා. දකුණු ආසියාවේ වේගයෙන්ම එන්නත්කරණය කළ රට බවට ශ්‍රී ලංකාව අද පරිවර්තනය වෙලා තිබෙනවා. අනික් පැත්තෙන් ලෝකයේ දැනට පිළිගත් හොදම එන්නත් වර්ග භාවිතා කරන රට බවට අපේ රට පරිවර්තනය වෙලා තිබෙනවා. මෙම එන්නත් ඉතා ඉක්මනින් එන්නත්කරණය කිරීමට යොදා ගන්නා රට බවටත් ශ්‍රී ලංකාව පත් වෙලා තිබෙනවා.

ඒ අනුව මේ වසංගත තත්ත්වයේ ව්‍යාප්තිය පාලනය කරනවා වගේම නැවත වතාවක් ජන ජීවිතය ආර්ථිකය දරුවන්ගේ අධ්‍යාපනය සමාජ ජීවිතය සාමාන්‍යකරණය කිරීම සදහා රජය පැත්තෙන් ගත යුතු සියලුම ක්‍රියාමාර්ග ගනිමින් ඉන්නවා.”

RECENT ARTICLES - SINHALA

ගෑස් මිලත් ඉහළට?

මෙවර ගෑස් මිල සංශෝධනය ඔක්තෝබර් මස 4 වන දින ප්‍රකාශයට පත් කරන බව ලිට්‍රෝ සමාගම පවසනවා. එහි ප්‍රකාශකයෙකු සඳහන් කළේ, ලෝක වෙළෙඳපොළේ ගෑස් මිල ගණන්වලට...

ඉන්ධන මිල ගැන තීරණයක් හෙට

මිල සූත්‍රයට අනුව මෙවර ඉන්ධන මිල සංශෝධනය හෙට (02) මධ්‍යම රාත්‍රියේ සිට සිදුකිරීමට නියමිතව තිබෙනවා. විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය සඳහන් කළේ මිල සංශෝධනය හෙට රාත්‍රියේ...

මල්වතු නායක හිමියන් ලෙස පෙනී සිටිමින් ලක්ෂ ගණනින් මුදල් වංචා කළ පුද්ගලයෙක් අත්ඩංගුවට

දුරකථන ඇමතුම් ඔස්සේ මල්වතු මහා නායක හිමියන් ලෙස පෙනී සිට පිටරට රැකියාවලට යවන බව පවසමින් ලක්ෂ ගණනින් මුදල් වංචාවන් සිදු කළ පුද්ගලයකු නුවරඑළිය පොලිසිය...

POPULAR ARTICLES

ඉන්දියාව තුළ ආන්දෝලනයක් වූ විවාහය

උතුරු පන්ජාබ් ප්‍රාන්තයේ සමලිංගික යුවලකගේ විවාහ මංගලය්‍යක් හේතුවෙන් ඉන්දියාව තුළ විශාල ආන්දෝලනයක් හට ගෙන තිබෙනවා. විදෙස් මාධ්‍ය පවසන්නේ, සමලිංගික විවාහ නීතිගත කිරීම පිළිබඳ ඉන්දීය ශේෂ්ඨාධිකරණය...

ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයට නියෝගයක්

ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ පුරප්පාඩු 4,718 ක් පිරවීමට අදාළව අධ්‍යාපන අමාත්‍යාංශය ගත් පියවර වහා ක්‍රියාත්මක කරන්නැයි, ශ්‍රේෂ්ඨාධිකරණය අද(27) නියෝග කර තිබෙනවා ඒ අදාළ බඳවා ගැනිම්වලට...

චීනය නිසා එකතු වූ මහින්ද,මෛත්‍රී,ගෝඨා

මහජන චීන සමූහාණ්ඩුවේ 74 වන ජාතික දින උත්සවය ඊයේ (28) කොළඹ ෂැන්ග්‍රීලා හෝටලයේදී පැවැත්වුණා. මෙම අවස්ථාවට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, හිටපු...