31 C
Colombo
Saturday, May 11, 2024

බොලිවුඩ් සිනමාකරුවන් 400කට වැඩි පිරිසකට කාශ්මීරයේ රූගත කිරීම් සඳහා අවසර

- Advertisement -

කාශ්මීරයේ නිල දත්තවලට අනුව පසුගිය වසර දෙක තුළ විවිධ චිත්‍රපට නිෂ්පාදකයින් 406 දෙනෙකුට චිත්‍රපට, වෙබ් කතා මාලා, සංගීත වීඩියෝ සහ වෙනත් රූගත කිරීම සඳහා අවසර ලබා දී ඇති තිබේ.

පන්ජාබි, උර්දු, තෙළිඟු සහ කන්නඩ සිනමාකරුවන් පවා කාශ්මීරයේ ඔවුන්ගේ චිත්‍රපට රූගත කර ඇත.

මෙම චිත්‍රපටවල විවිධ චරිත නිරූපණය කිරීමට කාශ්මීර කලාකරුවන් කිහිප දෙනෙකු ද සම්බන්ධ වී තිබේ.

අමීර් ඛාන් රඟපෑ ලාල් සිං චද්දා, විජේ දේවරකොන්ඩාගේ කුෂි සහ අර්බාස් ඛාන්ගේ ටනාව්, වැනි නිර්මාණ සඳහා බොහෝ කාශ්මීර කලාකරුවන් රංගනයෙන් දායක විය.

රූගත කිරීම් සඳහා සියලුම ස්ථාන විවෘතව තිබුණද, Gulmarg, Pahalgam, Dal Lake, Mughal Gardens, Sonamarg සහ Dodhpathri වඩාත් ඉල්ලුමක් ඇති ස්ථාන වේ.

ජම්මු සහ කාශ්මීර චිත්‍රපට සංවර්ධන කවුන්සිලය විසින් බාධාවකින් තොරව රූගත කිරීම් සඳහා පහසුකම් සැලසීම සඳහා තනි කවුළු යාන්ත්‍රණයක් ද ස්ථාපිත කර ඇත.

අයදුම්පත ලැබී මාසයක් ඇතුළත රූගත කිරීම් සඳහා අවසර ලබා දීම විශේෂත්වයකි.

RECENT ARTICLES - SINHALA

බලංගොඩ බිහිසුණු අනතුරකින් පාස​ල් සිසුවියකට බරපතළ තුවාල

බලංගොඩ වැලිගෙපොළ මාර්ගයේ සිදුවූ රිය අනතුරකින් සාමාන්‍ය පෙළ විභාගය නිමවා නිවස බලා යමින් සිටි සිසුවියක් බරපතළ තුවා ලබා රෝහල්ගත කර තිබෙනවා. මාර්ගයේ ධාවනය වෙමින්...

බස් රථයක් පෙරළී සිදු වූ බිහිසුණු අනතුරකින් 9කට තුවා​ල

ශ්‍රී ලංගමට අයත් බස් රථයක් මයිලපිටිය ප්‍රදේශයේදී මාර්ගයෙන් ඉවතට පැන පෙරලීමෙන් අනතුරක් සිදුව තිබෙනවා. මෙම අනතුර සිදු​වී ඇත්තේ,බස් රථය හගුරන්කෙත සිට මහනුවර බලා ධාවනය වෙමින්...

ගොනා කෝවිලේ රොහා මරන්න පොලීසියෙන් මුදල් ගත්තද?

පාතාල නායකයෙක් වන කුඩු අංජු නැමැත්තාගේ කොන්ත්‍රාත්තුවක් මත ඔහුගේ ප්‍රතිවිරුද්ධ පාතාල නායකයෙක් වූ හැරල්ඩ් රෝහණ ද සිල්වා නොහොත් ගොනා කෝවිලේ රොහා පොලිසිය විසින් ඝාතනය...

POPULAR ARTICLES

ගාල්ලේ කාන්තාවකගේ මිලියන ගණනක වත්කම් තහනම් කෙරේ

ගාල්ල ප්‍රදේශයේ කාන්තාවක සතු මිලියන ගණනාවක් වටිනා දේපොළ තහනම් කිරීමට පොලීසිය පියවර ගෙන තිබෙනවා. උපයාගත් ආකාරය හෙළිදරව් කිරීමට නොහැකිවීම හේතුවෙන් ගාල්ල කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (09) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 293.82ක් ලෙස...

අද පෑලියගොඩ එළවළු තොග මිල මෙන්න

අද (10) දිනයේ දී පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණයේ එළවළු කිලෝවක තොග මිල මෙලෙස සඳහන්ව තිබුණා. කැරට් රු 150, බෝංචි රු 200, ගෝවා රු 80, ලික්ස්...