29 C
Colombo
Sunday, June 4, 2023

ඔක්සිජන් මත යැපෙන කොරෝනා රෝගීන් 441% ක වාර්තාගත ප්‍රතිශතයකින් ඉහළට – GMOA

- Advertisement -

කොවිඩ්-19 රෝගීන් සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව මේ වන විට දකුණු ආසියානු රටවල් අතර තුන්වන ස්ථානයට පත්ව ඇති අතර ඔක්සිජන් මත යැපෙන කොවිඩ්-19 සංඛ්‍යාව 441% ක වාර්තා ගත ප්‍රතිශතයකින් ඉහළ ගොස් ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ විධායක කමිටු සාමාජික වෛද්‍ය ප්‍රසාද් කොළඹගේ මහතා පවසයි.

පැතිර යන නව කොවිඩ්-19 ප්‍රභේදයේ අන්තරායදායක බව තහවුරු කරමින් දෛනික මරණ සංඛ්‍යාව 50 කට ආසන්න සංඛ්‍යාවක් දක්වා ඉහළ ගොස් ඇති බව ද ඔහු පෙන්වා දෙන්නේය.

මෙහි භයානකම තත්ත්වය වන්නේ අප්‍රේල් මැයි මාස දෙකක කාල සීමාවේදී ඔක්සිජන් මත යැපීමේ අනුපාතය 441% දක්වා ඉහළ ගොස් තිබීම බව එම සංගමය පවසයි.

වෛරසය පැතිරීම පාලනය කිරීම සඳහා ගමන් සීමාවන් පනවා තිබුණද, රෝගයේ බරපතලකම අඩු වී නොමැති බව එමඟින් තහවුරු වන්නේ යැයි වෛද්‍ය කොළඹගේ මහතා ප්‍රකාශ කරන ලදී.

කොවිඩ්-19 ආසාධන සහ සංකුලතා දැඩි ලෙස ඉහළ යමින් පවතින බැවින් සංචරණ සීමා ඉවත් කළ ද නිදහස අනිසි ලෙස භාවිත නොකරන ලෙස ද එසේ නොවුණහොත් විශාල ව්‍යසනයක් ඇති වීම වැළක්විය නොහැකි බව ද ඒ මහතා පෙන්වා දුන්නේය.

RECENT ARTICLES - SINHALA

කෝටි 35ක මැණික සොරකම් කළ පුද්ගලයා අත්අඩංගුවට

මීගොඩ ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකුගේ නිවසකින් සොරකම් කරන ලද රුපියල් කෝටි 35 ක් පමණ වටිනා බව කියන මැණිකක් සහ රුපියල් ලක්ෂ 27 ක් පමණ...

දිස්ත්‍රික්ක තුනකට අවදානම් නිවේදන

පවතින අයහපත් කාලගුණය හේතුවෙන් දිස්ත්‍රික්ක තුනකට නායයෑමේ අවදානම් නිවේදන නිකුත් කර තිබෙනවා. ඒ අනුව බදුල්ල, ගාල්ල සහ  කලුතර...

හොරුන්ගෙන් යැපෙන ජනාධිපති හොරු අල්ලන්නේ නෑ – සජිත්

හොරුන්ගෙන් යැපෙන නායකයෙකුට හොරු ඇල්ලීම සිදුකල නොහැකි බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. ඒ, උදාවක ඇරඹුම වැඩසටහන යටතේ තිස්සමහාරාම...

RECENT ARTICLES - ENGLISH

Breaking: Litro gas prices reduced

0
Prices of Litro domestic LP gas cylinders will.be reduced with effect from midnight today (4), the Litro Chairman said.

Odisha train accident: Coromandel express train collides with goods train, many feared dead

0
In a major train accident in Odisha, an express train collided with a goods train in which many are now feared dead.

Khalid and Salama to visit SL today

0
Khalid Al Ameri, a renowned Emirati blogger, columnist, and motivational speaker, is making headlines once again with his upcoming trip to Sri...