28 C
Colombo
Saturday, July 27, 2024

රටින් බැහැරව සිටින ක්‍රියාකාරීන් දඩයම් කරන බවට පකිස්තානයට චෝදනාවක්

- Advertisement -

තර්ජන හේතුවෙන් රටින් බැහැරව වෙනත් රටවල ජීවත්වන විරුද්ධවාදීන් සහ මානව හිමිකම් ක්‍රියාකාරිකයන්ට විවිධ හිරිහැර සහ තර්ජන කරන බවට පකිස්තානයට චෝදනාවක් එල්ල වී තිබේ.

එරට මානව හිමිකම් ක්‍රියාකාරිකයන් සහ සිවිල් සංවිධාන චෝදනා කරන්නේ ආණ්ඩුවට සහ ආරක්ෂක අංශවලට සම්බන්ධ පිරිස් මෙම⁣ හැසිරීම්වලට වගකිය යුතු බවයි.

බ්‍රිතාන්‍යය, ඇමරිකාව සහ කැනඩාව යන රටවල පිටුවහල්ව ජීවත්වන මානව හිමිකම් ක්‍රියාකාරිකයන් සහ ජනමාධ්‍යවේදීන් කිහිපදෙනෙකුම පසුගිය මාස කිහිපය තුළ විවිධ කුලී අපරාධකරුවන් විසින් තර්ජනයට ලක්කර ඇති බවත්, ඔවුන් ඝාතනය කිරීමේ ප්‍රයත්නයන් පවා දියත්ව ඇති බවත් මෙහිදී හෙළිවී තිබේ.

මේ සම්බන්ධයෙන් බ්‍රිතාන්‍යය තුළ නඩු විභාගයක් පවා ආරම්භ වී ඇති බව අදාළ ක්‍රියාකාරීහු සහ සංවිධාන පෙන්වා දෙති.

මේ අතර පසුගිය වසරේදී කැනඩාවේදී සහ ස්විඩනයේදී පිළිවෙළින් බලුච් ක්‍රියාකාරිනියක වන කරීමා බලුච් සහ ජනමාධ්‍යවේදීයෙකු වූ සජිඩ් හුසේන් අභිරහස් ලෙස මරණයට පත්වූ අතර ඒවාද සැකසහිත ක්‍රියා බව මෙම පාර්ශවවල අදහසයි.

RECENT ARTICLES - SINHALA

අපි අපේක්ෂකයෙක් ඉදිරිපත් කරන්නේ නෑ – සුමන්තිරන්

ජනාධිපතිවරණය සඳහා ඉලංකෙයි තමිල් අරසු කච්චි (ITAK) පක්ෂය අපේක්ෂකයකු ඉදිරිපත් නොකරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් මහතා පවසනවා. එහෙත් ඉදිරි දින කිහිපයේ දී ජනාධිපතිවරණයේ ප්‍රධාන...

අනුරගෙන් දේශබන්දුට අභියෝගයක්

දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පති ලෙස ඉදිරියේ දී යම්කිසි රාජකාරි කටයුත්තක් සිදුකළහොත් ඒ සම්බන්ධයෙන් අවශ්‍ය නීතිමය පියවර ගන්නා බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර...

මැතිවරණ නීතියට හිස නමා ත්‍රීරෝද රථයට ගොඩ වුණ මෛත්‍රී (වීඩියෝ)

නිදහස් පක්ශයේ ආසන සංවිධායකවරුන්ගේ හමුවක් අද (26) දින අතුරුගිරිය පෝරේ විජේදාස රාජපක්ශ මහතාගේ මැතිවරණ මෙහෙයුම් කාර්යාලයේ පැවැත්වුණා. මේ සදහා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ත්‍රීරෝද...

POPULAR ARTICLES

අසාදු ලේඛනයට යන වාහන

පරිසරයට අහිතකර දුම් පිටවන වාහන 93ක් පමණ මේ වසර තුළ අසාදු ලේඛන ගත කර ඇති බව වායු විමෝචන භාරකාර අරමුදල පවසනවා. එහි අධ්‍යක්ෂ දසුන් ගමගේ...

අනුරගේ ප්‍රකාශයට හරින්ගෙන් පිළිතුරු ලිපියක්

0
පසුගිය දිනක ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා විසින් හරීන් ප්‍රනාන්දු සහ මනූෂ නානයක්කාර මහතාගේ විදෙස් ගමන් සදහා මුදල් වැය වූ ආකාරය...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව ඩොලරයේ අගයෙහි සුළු වෙනසක් සිදුව තිබෙනවා. ඒ අනුව ඩොලරයේ...