28.9 C
Colombo
Saturday, May 11, 2024

පාකිස්තාන ආර්ථික අර්බුදය දරුණු වෙයි

- Advertisement -

පාකිස්තානයේ හිටපු අගමැති ඉම්රාන් ඛාන් සිකුරාදා ප්‍රකාශ කළේ රට අති ධාවනකාරී උද්ධමනයක් (hyperinflation) කරා ගමන් කරන බවයි.

විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් ඉම්රාන් ඛාන් පැවසුවේ, “විවෘත වෙළඳපොලේ ඩොලරය රුපියල් 308 දක්වා ළඟා වී තිබේ. සියලුම ව්‍යාපාර සහ කර්මාන්ත වසා දමනු ලබන අති ධාවනකාරී උද්ධමනය කරා පාකිස්තානය යන බැවින් අනතුරුදායක සීනු නාද විය යුතුය” යනුවෙනි.

“ඇයි ආණ්ඩුව එක ගණන් ගන්නේ නැත්තේ? මොකද ඔවුන්ගේ ධනය පිටරට ගබඩා කරලා තියෙන්නේ. ඒකෙන් එයාලට වෙනසක් නෑ,” ඔහු වැඩිදුරටත් පැවසීය.

ඉම්රාන් ඛාන් වත්මන් රජයේ ආර්ථික ක්‍රියාකාරිත්වය ඔහුගේම රජය සමඟ සංසන්දනය කළේය. ආර්ථිකය කළමනාකරණය කිරීමට පාකිස්තාන ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යාපාරය (PDM) රජයට ඇති හැකියාව ඔහු විවේචනය කළේය.

මේ අතර පාකිස්තාන ගුවන්විදුලිය දැඩි මූල්‍ය හිඟයකින් පෙළෙන අතර එම නිසා එහි සේවකයන්ට වැටුප් පවා ගෙවීමට නොහැකි වී ඇතැයි වාර්තා වේ.

මාධ්‍ය වාර්තාවලට අනුව සේවකයන්ට අප්‍රේල් මස වැටුප් ලැබී නොමැති අතර මැයි සහ ජුනි මාසවල වැටුප් ද නොලැබෙන තත්ත්වයක් නිර්මාණය වී තිබේ.

මේ අතර, ද එක්ස්ප්‍රස් ට්‍රිබියුන් මෑතකදී වාර්තා කළේ, ස්වෛරී පැහැර හැරීම් වලක්වා ගැනීමේ උත්සාහයක් ලෙස ආනයන මත පනවා ඇති දැඩි සීමා කිරීම් හේතුවෙන්, සේවා අංශයේ සහ කර්මාන්ත අංශයේ කඩා වැටීම හේතුවෙන් පකිස්ථානයේ ආර්ථික වර්ධන වේගය සියයට 0.3 දක්වා පහත වැටුණු බවයි.

RECENT ARTICLES - SINHALA

රුසියා – යුක්‍රේන යුද්ධය මැද තවත් ශ්‍රී ලාංකිකයන් පිරිසක් මිය ගිහින්

රුසියානු - යුක්‍රේන යුද්ධයේ කුලී හමුදාවන්ට එක්වී සිටි ශ්‍රී ලාංකිකයින් 17 දෙනෙකු මියගොස් ඇති බවට තොරතුරු වාර්තා වී තිබෙනවා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ තැනැත්තන් වෙළෙඳාම, ජාවාරම්...

කෘත්‍රීම බුද්ධිය හා බෞද්ධ දර්ශනය අතර සම්බන්ධය හොයන්න බිලියනයක් වෙන්කරනවා-රනිල්

කෘත්‍රීම බුද්ධිය සහ බෞද්ධ දර්ශනය අතර පවතින සම්බන්ධතාවය පිළිබඳ පර්යේෂණ කිරීමට රුපියල් බිලියනයක මුදලක් වෙන්කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. ශ්‍රී ලංකා බෞද්ධ සමිතියට...

ලැට්වියාවට පනින්න ගිය ලංකාවේ පහක් අත්අඩංගුවට

ලැට්වියා දේශසීමාව හරහා නීතිවිරෝධී සංක්‍රමණිකයින් ප්‍රවාහනය කිරීමට උත්සාහ කළ ශ්‍රී ලාංකිකයින් පිරිසක් අත්අඩංගුවට ගෙන ඇති බව විදෙස් වාර්තා පවසනවා. මීට දින කිහිපයකට පමණ පෙර එරට...

POPULAR ARTICLES

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (09) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 293.82ක් ලෙස...

ගාල්ලේ කාන්තාවකගේ මිලියන ගණනක වත්කම් තහනම් කෙරේ

ගාල්ල ප්‍රදේශයේ කාන්තාවක සතු මිලියන ගණනාවක් වටිනා දේපොළ තහනම් කිරීමට පොලීසිය පියවර ගෙන තිබෙනවා. උපයාගත් ආකාරය හෙළිදරව් කිරීමට නොහැකිවීම හේතුවෙන් ගාල්ල කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය...

අද පෑලියගොඩ එළවළු තොග මිල මෙන්න

අද (10) දිනයේ දී පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණයේ එළවළු කිලෝවක තොග මිල මෙලෙස සඳහන්ව තිබුණා. කැරට් රු 150, බෝංචි රු 200, ගෝවා රු 80, ලික්ස්...