25 C
Colombo
Sunday, May 19, 2024

පකිස්ථානයේ එකම අධිකරණයෙන් එකම නඩුවට තීන්දු 2ක්

- Advertisement -

ලාහෝර් මහාධිකරණය (LHC) ‍20 වසරක බදු පදනම මත ගොවිතැන් සඳහා පකිස්ථාන හමුදාවට ඉඩම් පැවරීම තහනම් කරන ලද එම අධිකරණයේම නියෝගය අත්හිටුවා ඇති බව පකිස්ථානය පදනම් කරගත් Geo News වාර්තා කරයි.

මහාධිකරණ විනිසුරුවරයෙක් විසින් ලබා දුන් තීන්දුවක් අවලංගු කරන ලෙස ඉල්ලා පන්ජාබ් රජය විසින් ගොනු කරන ලද පෙත්සම විභාග කිරීමෙන් පසු ද්විපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් මෙම තීන්දුව ප්‍රකාශයට පත් කරන ලදී.

කෘෂිකාර්මික ප්‍රතිපත්ති නියාමනය කිරීම අධිකරණයේ කාර්යයක් නොවන බව පන්ජාබ් රජය සඳහන් කළේය.

ජූනි මස මුලදී, ලාහෝර් මහාධිකරණය, සන්නද්ධ හමුදාවන්ට ගොවිතැනෙහි යෙදීමට ව්‍යවස්ථාපිත සහ නීත්‍යානුකූල බලයක් නොමැති බව නිරීක්ෂණය කරමින් ගොවිතැන සඳහා පාකිස්තාන හමුදාවට නීතිවිරෝධී ලෙස ඉඩම් බදු දී ඇති බව ප්‍රකාශ කළේය.

පන්ජාබ් භාරකාර රජයට ඩම් වෙන් කිරීමට ව්‍යවස්ථාපිත වරමක් නොමැති බව ද විනිසුරුවරයා තීන්දු කර තිබුණි.

පන්ජාබ් රජය විසින් භක්කාර්, කුෂාබ් සහ සහිවාල් යන දිස්ත්‍රික්ක තුනේ ඉඩම් අක්කර 45,267 කට අධික ප්‍රමාණයක් හමුදාවට කෘෂිකාර්මික ව්‍යාපෘතියක් සඳහා වෙන් කරන ලෙස දැනුම් දී ඇති බව Geo News පවසයි.

RECENT ARTICLES - SINHALA

ඇල්ල – වැල්ලවාය මාර්ග පරීක්ෂා කරන්න කණ්ඩායමක්

නායයාම් සක්‍රීය වූ ප්‍රදේශ නිරීක්ෂණය සඳහා ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ විශේෂ කණ්ඩායමක්, අද (19) ඇල්ල - වැල්ලවාය මාර්ගයේ මලිත්තගොල්ල ප්‍රදේශය බලා පිටත්ව යාමට නියමිත...

පවුලක්ම මරා මුදල් කොල්ලකාලා

සිය බිරිඳගේ බාප්පා, පුංචි සහ ඔවුන් දෙපලගේ දරුවා ඝාතනය කර මුදල් හා රන් භාණ්ඩ සොරාගත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට නාල්ල පොලීසිය සමත්ව තිබෙනවා. අද (19) අළුයම...

ජාතික රණවිරු සැමරුම අදයි.විශේෂ රථ වාහන සැලැස්මක්

ජාතික රණවිරු දින සැමරුම් උත්සවය අද (19) පස්වරු 04ට බත්තරමුල්ල පාර්ලිමේන්තු ක්‍රීඩාංගණයේ රණවිරු ස්මාරකය අභියසදී අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතයි. ‍මේ අතර...

POPULAR ARTICLES

අනුර කුමාර ජවිපෙ සාමාජිකයෙක් බව කියන්න බැහැ, ඔහු මටත් වඩා බාලයි – කමල් අද්දරආරච්චි

71 කැරැල්ලේදී සිදුවූ ඇතැම් සිදුවීම් සහ ඉන් පසුව ජනතා විමුක්ති පෙරමුණේ ගිණුමට බැර කරමින් සිදුකළ ඇතැම් අපරාධ සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණට චෝදනා එල්ල කිරීම...

දෙහිවල බිහිසුණු අනතුරක්

දෙහිවල මුහුදු මාර්ගයේ ඊයේ (17) රාත්‍රී 7ට පමණ රිය අනතුරක් සිදුව තිබෙනවා. මේ හේතුවෙන් වාහන 5කට පමණ අලාභ හානි සිදුව ඇති බවයි වාර්තා වන්නේ. කොළඹ සිට...

ජ්‍යේෂ්ඨ පුරවැසියන්ගේ බැංකු තැන්පතු ගැන තීරණයක්

ජ්‍යේෂ්ඨ පුරවැසි ගිණුම්වල පොලිය ඉහළ නැංවීම පිළිබඳ සොයා බැලීමේ කමිටු වාර්තාව ලබන සතියේ ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා...