30 C
Colombo
Friday, May 17, 2024

අසර්බයිජාන්-ආර්මේනියා ගැටුම උත්සන්න කිරීමට පාකිස්තානය සහ චීනය එක්ව කටයුතු කරන බවට චෝදනා

- Advertisement -

චීනයේ විශේෂ පරිපාලන කලාපයක් වන මැකාඕ සිට ආර්මේනියාවේ යෙරෙවන් වෙත ළඟා වූ රහසිගත හමුදා ගුවන් යානයක් සම්බන්ධයෙන් අසර්බයිජාන් රජය විමර්ශනය කරමින් සිටින බව වාර්තා වේ.

මේ සම්බන්ධයෙන් අසර්බයිජානය වඩාත් කුපිත කර ඇති බව පෙනෙන්නේ පකිස්තානය එම ගුවන් ගමන සඳහා පහසුකම් සැලසීමයි.

ආර්මේනියාව සඳහා ආයුධ රැගත් හමුදා ගුවන් යානය යෙරෙවන් බලා යන අතරතුර කරච්චි ගුවන් තොටුපළට ගොඩ බස්සවා ඇතැයි විශ්වාස කෙරේ.

අසර්බයිජානය පාකිස්තානයේ සිය තානාපතිවරයා හරහා මෙම ගැටලුව සම්බන්ධයෙන් ඉස්ලාමාබාද් වෙතින් පැහැදිලි කිරීමක් ඉල්ලා ඇති බව ද වාර්තා වේ.

අසර්බයිජාන් බලධාරීන් සැක කරන්නේ ප්‍රධාන වශයෙන් මාර්ගය තෝරාගෙන ඇත්තේ වෙනත් මාර්ග ඔවුන්ගේ නිරීක්ෂණයට ලක්ව ඇති බැවින් බව ද පැවසේ.

කාශ්මීරය වැනි මතභේදාත්මක ප්‍රශ්නයකදී පවා පාකිස්තානයට දිගු කලක් සහාය දුන් අසර්බයිජානයට, චීනය විසින් සිදු කල එම පියවරට පාකිස්තානය විසින් පහසුකම් සැපයීම නිසා විශේෂයෙන් කම්පනයට පත් කර ඇති බව වි‍දෙස් වාර්තා වැඩිදුරටත් සදහන් කරයි.

එම ප්‍රශ්නය සොයා බලා විස්තර සහිතව අසර්බයිජානය වෙත දැනුම් දෙන බවට පාකිස්ථානය සහතික වී ඇතත් ඔවුන් චීනය සමඟ පවත්වාගෙන යන අසමාන සබඳතා සලකා බලන විට, අසර්බයිජානයට ඉස්ලාමාබාද් වෙතින් අර්ථවත් පිළිතුරක් බලාපොරොත්තු විය නොහැකි බවට ද වාර්තා පළවී තිබේ.

2021 මැයි 12 සිට ආර්මේනියාව සහ අසර්බයිජානයේ හමුදා භටයෝ දේශසීමා ගැටුමක යෙදී සිටිති.

RECENT ARTICLES - SINHALA

මත්ද්‍රව්‍ය විනාශ කරන්න අධිබලැති උඳුනක්

මත්ද්‍රව්‍ය විනාශ කිරීම සඳහා පුත්තලම වනාතවිල්ලුව ප්‍රදේශයේ අධිබලැති උඳුනක් ස්ථාපිත කර තිබෙනවා. පොලිස් මූලස්ථානය නිවේදනය කළේ, පසුගිය කාල සීමාවේ අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය තොග විනාශ කිරීමට...

සාම්පූර් සිද්ධියට අත්අඩංගුවට ගත් සිව්දෙනාට ඇප

මියගිය ඥාතීන් සිහිකර කැඳ බෙදා දීමේ සිද්ධියක් මූලික කරගමින් පසුගියදා සාම්පූර් ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත්  සිව් දෙනා රුපියල් ලක්ෂයක ශරීර ඇපයක් මත මුදා හැර තිබෙනවා. මෝසමක්...

නව රථවාහන සැලැස්මක් ගැන පොලීසියෙන් නිවේදනයක්

රණවිරු දින සැමරුම් උත්සවය වෙනුවෙන් රථ වාහන ගමනාගමනය සීමා කිරීම සම්බන්ධයෙන් පොලීසිය නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එළඹෙන 19 වන ඉරිදා දින සවස පාර්ලිමේන්තු ක්‍රීඩාංගණයේ දී...

POPULAR ARTICLES

අනුර කුමාර ජවිපෙ සාමාජිකයෙක් බව කියන්න බැහැ, ඔහු මටත් වඩා බාලයි – කමල් අද්දරආරච්චි

71 කැරැල්ලේදී සිදුවූ ඇතැම් සිදුවීම් සහ ඉන් පසුව ජනතා විමුක්ති පෙරමුණේ ගිණුමට බැර කරමින් සිදුකළ ඇතැම් අපරාධ සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණට චෝදනා එල්ල කිරීම...

මහනුවර ඇසළ පෙරහැරට බාධාවක්

මහනුවර ඇසළ පෙරහර සමයේම සබරගමුව මහ සමන් දේවාලයේ පෙරහැර යෙදීම හේතුවෙන් අලි ඇතුන් සහභාගී කරවීමේ ගැටලුවක් මතුව ඇති බව හීලෑ අලි ඇතුන් හිමිකරුවන්ගේ සංගමය...

කුලී කාමරවලට පනින්නත් දේශබන්දුගෙන් සුදානමක්

දිවයින පුරා ඇති නිවාස සහ කාමර කුලියට ගෙන පදිංචිව සිටින අය පිළිබඳව සොයා පොලිසිය විසින් මෙහෙයුමක් ආරම්භ කර තිබෙන බව වාර්තා වෙනවා.නිවෙස් සහ කාමරවල...