29 C
Colombo
Sunday, June 4, 2023

පකිස්තානයේ සිරකරුවන්ගෙන් විශේෂ ඉල්ලීමක්

- Advertisement -

පකිස්තානයේ සිරකරුවන් සහ ඔවුන්ගේ අයිතිවාසිකම් රැකගැනීමේ සංවිධාන එරට රජයට විශේෂ ඉල්ලීමක් ඉදිරිපත් කර තිබේ.

ඒ සැකකාර රැදවියන්ට සහ වරදකරැවන්ව සිරදඩුවම් විදින සිරකරුවන්ට හිමි අයිතිවාසිකම් පැහැදිළිව හදුනාගෙන ඒවා තහවුරු කරන ලෙසයි.

දඩුවම් නියම වූ සිරකරුවන්ට මෙන් නොව සැකපිට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින රැදවියන්ට වි⁣ශේෂ අයිතිවාසිකම් හිමිවිය යුතු බවත් ඔවුන් නීතිය විසින් වරදකරුවන් කරන තුරු නිවැරදිකරුවන් බවත් එම සංවිධාන පෙන්වා දී තිබේ.

බ්‍රිතාන්‍යය යුගයේ පැරණි නීති අනුව යමින් සැකකරුවන්ටත්, සිරකරුවන්⁣ටත් එක ලෙස සැලකීම හරහා දෙපාර්ශවයටම එරෙහිව සිදුවන අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම්වලට වහා විසදුම් ලැබිය යුතු බව එම සංවිධාන වැඩිදුරටත් අවධාරණය කර ඇත.

නඩු ප්‍රමාදය නිසා රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින රැදවියන්ට අසාධාරණයක් සිදුව ඇති බවත් නීතිය මගින් වරදකරුවන් කරන තෙක් සැකකරුවන් පමණක් වන ඔවුන්ට මූලික අයිතිවාසිකම් සහ මූලික පහසුකම් භුක්ති විදිය හැකි ජීවිතයක් පැවතිය යුතු බවත් එම සංවිධාන අවධාරණය කර තිබේ.

RECENT ARTICLES - SINHALA

දිස්ත්‍රික්ක තුනකට අවදානම් නිවේදන

පවතින අයහපත් කාලගුණය හේතුවෙන් දිස්ත්‍රික්ක තුනකට නායයෑමේ අවදානම් නිවේදන නිකුත් කර තිබෙනවා. ඒ අනුව බදුල්ල, ගාල්ල සහ  කලුතර...

හොරුන්ගෙන් යැපෙන ජනාධිපති හොරු අල්ලන්නේ නෑ- සජිත්

හොරුන්ගෙන් යැපෙන නායකයෙකුට හොරු ඇල්ලීම සිදුකල නොහැකි බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. ඒ, උදාවක ඇරඹුම වැඩසටහන යටතේ තිස්සමහාරාම...

සිසුන් 31කට යාපනය විශ්වවිද්‍යාලය තහනම් වෙයි

යාපනය විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලබන සිසුන් 31 දෙනෙකුට එම විශ්වවිද්‍යාලයට ඇතුළුවීම තාවකාලිකව තහනම් කර තිබෙනවා. ඒ, එම විශ්වවිද්‍යාලයේ කළමනාකරණ අධ්‍යයන...

RECENT ARTICLES - ENGLISH

Excellent win for Sri Lanka

Sri Lanka defeated Afghanistan by 132 runs in 42.1 overs in the second one-day international against Afghanistan. Afghanistan were...

Risk notices for three districts

0
Landslide warnings have been issued in three districts due to inclement weather. According to the National Building Research Organization,...

Jaffna University bans 31 students

A total of 31 students studying at the University of Jaffna have been temporarily barred from entering the university.