29 C
Colombo
Saturday, July 27, 2024

පල්ලේගම හිමියන්ගෙන් ආණ්ඩුවට දෝස්මුරයක්

- Advertisement -

ආණ්ඩුවට වැරැදි පෙන්වා දුන් විට ඒවා නිවැරැදි කරනොගන්නේ නම් එය දේශපාලන නායකයන්ගේ වරදක් යැයි රුවන්වැලි සෑ චෛත්‍ය රාමාධිපති පල්ලේගම හේමරතන හිමියෝ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු පළාත් සභා මන්ත්‍රීවරුන්ට අවවාද කර ඇත.

හේමරතන හිමියන් මෙසේ චෝදනාත්මකව ප්‍රකාශයක් කර ඇත්තේ ආණ්ඩුව පිහිටුවීම සඳහා සහාය දුන් භික්ෂූන් වහන්සේලා පවා ආණ්ඩුව විවේචනය කරමින් සිටින බවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් පිරිසක් උන්වහන්සේ හමුවේ කනස්සල්ල පළ කළ අවස්ථාවේය.

ඕනෑම අයකුට කතා කිරීමේ නිදහස ඇතැයි ද වරදක් පෙන්වා දුන් විට එය නිවැරැදි කරගැනීම නායකයන්ගේ වගකීමක් යැයි ද පෙන්වා දී ඇති රුවන්වැලි සෑ චෛත්‍ය රාමාධිපති පල්ලේගම හේමරතන හිමියෝ එය එසේ නොවන්නේ නම් විවේචනවලට පදනම් වන කරුණු ඇත්ත යැයි පිළිගැනීමට තමන්වහන්සේට ද සිදුවනු ඇතැයි අවධාරණය කර ඇත.

පළාත් සභාවල අවශ්‍යතාව අවධාරණය කිරීම සඳහා භික්ෂූන් වහන්සේලා හමුවී කරුණු දැක්වීමට ගිය අවස්ථාවේ මෙම අවවාද කිරීම් සිදුව ඇත.

RECENT ARTICLES - SINHALA

නිට්ටඹුවේ බිහිසුණු අනතුරක්. අයෙක් මරුට

නිට්ටඹුව - තිහාරිය ප්‍රදේශයේදී අද (27) උදෑසන නුවර සිට කොළඹ දෙසට ධාවනය වූ ජීප් රථයක් මාර්ගය අයිනේ ගමන් කරමින් සිටි පුද්ගලයෙකුගේ ගැටී අනතුරක් සිදුව...

මිල ප්‍රදර්ශනය නොකළොත් වැඩ වරදී

ග්‍රෑම් 450ක පාන් ගෙඩියක මිල රුපියල් 10කින් අඩු කිරීමට පියවර ගැනීමත් සමඟ මිල ප්‍රදර්ශනය නොකරන වෙළෙඳසැල් හිමියන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට පියවර ගන්නා බව...

විකල්ප ඡන්ද මධ්‍යස්ථානවලදී ඡන්දය භාවිත කිරීමට අවසර

ජනාධිපතිවරණයේදී නියමිත ඡන්ද මධ්‍යස්ථානය හැර වෙනත් ස්ථානයකදී ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා ඉල්ලුම් කළ හැකි බව ජාතික මැතිවරණ කොමිෂන් සභාව පවසනවා. අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරමින්...

POPULAR ARTICLES

අසාදු ලේඛනයට යන වාහන

පරිසරයට අහිතකර දුම් පිටවන වාහන 93ක් පමණ මේ වසර තුළ අසාදු ලේඛන ගත කර ඇති බව වායු විමෝචන භාරකාර අරමුදල පවසනවා. එහි අධ්‍යක්ෂ දසුන් ගමගේ...

අනුරගේ ප්‍රකාශයට හරින්ගෙන් පිළිතුරු ලිපියක්

පසුගිය දිනක ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා විසින් හරීන් ප්‍රනාන්දු සහ මනූෂ නානයක්කාර මහතාගේ විදෙස් ගමන් සදහා මුදල් වැය වූ ආකාරය...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව ඩොලරයේ අගයෙහි සුළු වෙනසක් සිදුව තිබෙනවා. ඒ අනුව ඩොලරයේ...