28 C
Colombo
Saturday, July 27, 2024

තරුණයන් 11 දෙනෙකු අතුරුදන් කිරීමේ නඩුවෙන් වසන්ත කරන්නාගොඩ ඉවත්කිරීමේ ස්ථාවරයට දෙමාපියන්ගේ විරෝධය

- Advertisement -

තරුණයන් 11 දෙනෙකු අතුරුදන් කිරීමේ නඩුවෙන් හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ ඉවත් කිරීමේ ස්ථාවරයට විරෝධය පළකරමින් අතුරුදන් කරන ලද තරුණයන්ගේ මව්වරුන් විසින් නීතිපති සංජය රාජරත්නම් වෙත ලිපියක් යවා තිබේ.

මේ නඩුවට අදාළ ව හිටපු නාවික හමුදාපතිවරයාට එරෙහිව ඉදිරිපත් වූ චෝදනා සම්බන්ධයෙන් ඔහු අත්අඩංගුවට ගන්නා ලෙස කොළඹ, කොටුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් නියෝග කර තිබියදී, එමගින් ඔහුගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වන බව සඳහන් කරමින් ඉහළ අධිකරණයට ගිය බවත්, ප්‍රමාණවත් තරම් සාක්ෂි තිබියදී වුවද ඔහුව අත්අඩංගුවට ගැනීමක් සිදු නොවූ බවත් අදාළ මව්වරුන් විසින් එම ලිපිය මගින් නීතිපතිවරයාට පෙන්වා දී තිබේ.

අතුරුදන් කිරීම නිසා තම දරුවන්ගේ සහ තමන්ගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වීම නොසලකා හැරුණු බව ද ඔවුහු සඳහන් කරති.

එසේම මේ නඩුවට අදාළ චෝදනා පත්‍රය හිටපු නාවික හමුදාපතිවරයාට බාරදීම ප්‍රමාද වූයේ ද ඔහු මගහැරීම නිසා බව පෙන්වා දෙන එම මව්වරුන්, දේශපාලන පළිගැනීම් පිළිබඳව විමර්ශන කළ ජනාධිපති කොමිසම මගින් නිදහස් වීමට ද ඔහු උත්සාහ කළ බව පෙන්වා දෙති. එහෙත් එවකට නීතිපති ධුරයේ කටයුතු කළ දප්පුල ද ලිවේරා විසින් අදාළ කොමිසමට මහාධිකරණයේ කටයුතුවලට සම්බන්ධ වීමට බලයක් නැති බව සඳහන් කිරීම නිසා එය වැළකුණු බව ද එම මව්වරු නීතිපතිවරයාට අවධාරණය කර සිටිති.

මේ නිසා වසර 13ක විමර්ශනවලින් තහවුරු වූ සාක්ෂි මත ලබාදුන් චෝදනා පත්‍රය මෙසේ හදිසියේ ඉවත් කර ගැනීමට ගෙන ඇති ස්ථාවරය බරපතළ ලෙස තමන් වේදනාවට පත්කරන බව ද අතුරුදන් තරුණයන්ගේ මව්වරු අදාළ ලිපිය මගින් නීතිපතිවරයාට අවධාරණය කර සිටිති.

RECENT ARTICLES - SINHALA

රනිල් බැසිල් හමුවෙදි මොකද වුණේ?

ජනාධිපති රනිල් වික්‍රමසිංහ හා බැසිල් රාජපක්ෂ අතර සාකච්ඡාවක් පසුගිය බ්‍රහස්පතින්දා (25) පැවත්වුණා. මෙහිදී ජනාධිපති අපේක්ෂකත්වය පිලිබදව හා ගොඩ නැගෙන්නට නියමිත සන්ධානය පිලිබදව දීර්ඝ ලෙස සාකච්ඡා...

ජනාධිපතිවරණය පැවැත්වීම ගැන චන්ග් සතුටින්

මැතිවරණ කොමිසම විසින් සැප්තැම්බර් 21 වැනිදා මෙරට ජනාධිපතිවරණය පැවැත්වීමට කටයුතු කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානපති ජුලී චන්ග් සිය ප්‍රසාදය පළකර තිබෙනවා. එහිදී ප්‍රජාතන්ත්‍රවාදය සඳහා...

අපි අපේක්ෂකයෙක් ඉදිරිපත් කරන්නේ නෑ – සුමන්තිරන්

ජනාධිපතිවරණය සඳහා ඉලංකෙයි තමිල් අරසු කච්චි (ITAK) පක්ෂය අපේක්ෂකයකු ඉදිරිපත් නොකරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් මහතා පවසනවා. එහෙත් ඉදිරි දින කිහිපයේ දී ජනාධිපතිවරණයේ ප්‍රධාන...

POPULAR ARTICLES

අසාදු ලේඛනයට යන වාහන

පරිසරයට අහිතකර දුම් පිටවන වාහන 93ක් පමණ මේ වසර තුළ අසාදු ලේඛන ගත කර ඇති බව වායු විමෝචන භාරකාර අරමුදල පවසනවා. එහි අධ්‍යක්ෂ දසුන් ගමගේ...

අනුරගේ ප්‍රකාශයට හරින්ගෙන් පිළිතුරු ලිපියක්

0
පසුගිය දිනක ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා විසින් හරීන් ප්‍රනාන්දු සහ මනූෂ නානයක්කාර මහතාගේ විදෙස් ගමන් සදහා මුදල් වැය වූ ආකාරය...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව ඩොලරයේ අගයෙහි සුළු වෙනසක් සිදුව තිබෙනවා. ඒ අනුව ඩොලරයේ...