පාර්ලිමේන්තු කටයුතු හදිසියේ කල් තබා තිබෙනවා.
කථා කිරීමට නියමිතව සිටි මන්ත්‍රීවරුන් සභාගර්භය තුළ නොසිටීම හේතුවෙන් පාර්ලිමේන්තුවේ කටයුතු මෙලෙස තාවකාලිකව සවස 4 දක්වා කල්තබා ඇති බවයි වාර්තා වෙන්නේ.
බැංකු සංශෝධන පනත් කෙටුම්පත දෙවන වර කියවීමේ විවාදය අද (02) පැවැත්වීමට නියමිතව තිබුණා.
කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනත යටතේ වන නියෝග, එකතු කළ අගය මත බදු පනත යටතේ වන නියමනයන් සහ ආනයන හා අපනයන පාලන පනත යටතේ වන රෙගුලාසි ද අද විවාදයට ගැනීමට නියමිතව තිබෙනවා.