32 C
Colombo
Friday, March 31, 2023

නව වසරේ පළමු විවාදය සාප්පු හා කාර්යාල සේවක සංශෝධන පනත

- Advertisement -

නව වසරේ පාර්ලිමේන්තු රැස්වීම් හෙට (05) සිට ආරම්භ කිරීමට සියලු කටයුතු සූදානම් කර ඇත.
ඒ අනුව පාර්ලිමේන්තුවේ සියලු දෙපාර්තමේන්තු සහ කාර්යාල විවෘතව පවතින බවත් මාධ්‍යවේදීන්ට සෞඛ්‍ය ආරක්ෂණ මාර්ගෝපදේශ යටතේ පාර්ලිමේන්තු කටයුතු ආවරණය කිරීමට පහසුකම් සම්පාදනය කර ඇති බවත් මහ ලේකම් ධම්මික දසනායක සඳහන් කරයි.
පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයේ සාමාජිකයන්ගෙන් අහඹු ලෙස තෝරා ගත් අයවලුන් සඳහා පී සී ආර් පරීක්ෂණ ගණනාවක් පසුගිය කාලය පුරාම සිදුකළ අතර ඒ අතරින් කිසිදු කොවිඩ් 19 ආසාදිතයෙකු වාර්තා නොවූ බවත් මහ ලේකම්වරයා තවදුරටත් පැවසීය.
පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී තීරණය කර ඇති පරිදි ජනවාරි(08) වැනිදා දක්වා පාර්ලිමේන්තුව රැස් වේ.
ජනවාරි 05 වැනිදා සාප්පු සහ කාර්යාලීය සේවකයන් පිළිබඳ සංශෝධන පනත් කෙටුම්පත ඇතුලු සංශෝධන පනත් කෙටුම්පත් 04 ක් විවාදයට ගැනෙන අතර, ජනවාරි 06 වැනිදා දණ්ඩ නීති සංග්‍රහයේ සංශෝධන පනත් කෙටුම්පත ඇතුලු සංශෝධන පනත් කෙටුම්පත 03 ක් විවාදයට ගැනේ.
මෙයට අමතරව ජනවාරි 07 වැනිදා බුද්ධිමය දේපළ (සංශෝධන) පනත් කෙටුම්පත දෙවන වර කියවීම සහ ගුවන් තොටුපල බදු ඇතුළු නියෝග 10ක් විවාදයට ගැනීමට නියමිත බවද මහ ලේකම්වරයා පැවසිය.
මේ අතර එළඹෙන ජනවාරි 06 වැනි බදාදා පෙරවරු 10 සිට පෙරවරු 10.30 දක්වා අග්‍රාමාත්‍යවරයාගෙන් ප්‍රශ්න විමසීම සඳහා කාලය වෙන් කර තිබෙන බවද දසනායක මහතා සඳහන් කළේය.

RECENT ARTICLES - SINHALA

අධිවේගී බස් ගාස්තු පහළට

ඉන්ධන මිල පහළ දැමීමට සමගාමීව අධිවේගී බස් ගාස්තු ද සංශෝධනය කර තිබෙනවා. ඒ අනුව, අදාළ ගාස්තු අද (මාර්තු 31)...

ජල සම්පාදන මණ්ඩලය දැඩි මූල්‍ය ගැටලුවක

ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසන්නේ මාස කිහිපයක් ජල බිල්පත් නොගෙවූ පාරිභෝගිකයින් 40,000කට අධික සංඛ්‍යාවක ජල සබඳතා විසන්ධි කිරීමට සිදුව ඇති බවයි.

කොල්ලුපිටියේදී 18 හැවිරිදි සිසුවෙක් පොලිස් නිලධාරියෙක් යටකර පළායයි

කොල්ලුපිටිය මුහුදු මාවත ප්‍රදේශයේ කාල්විල් හන්දියේ රථවාහන රාජකාරීවල යෙදී සිටි    පොලිස් නිලධාරියෙකුව එම ස්ථානය පසුකර ගිය වෑන් රථයක් යටකර පළාගොස් තිබෙනවා.

RECENT ARTICLES - ENGLISH

Smuggling gold: Uebert Angel stripped of diplomatic impunity

0
Zimbabwean President Emmerson Mnangagwa has stripped presidential envoy and ambassador-at-large self-styled Prophet Uebert Angel of his diplomatic status in the aftermath of...

අද ඩොලරය ඉහළට

ශ්‍රී ලංකා  මහ බැංකුව දෛනිකව නිකුත් කරන විනිමය අනුපාතික අනුව එක්සත් ජනපද ඩොලරයේ මිල අද(31)නැවත වැඩි වීමක් සිදුව තිබෙනවා.

Former US president faces criminal charges

0
Donald Trump has become the first former president of the United States to face criminal prosecution, but the charges have not been...