අග්‍රාමාත්‍ය අතිරේක ලේකම් වරයෙකු සහ ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායකවරයාගේ ලේකම්වරයා කොවිඩ්වෛ 19 ආසාදනය වී ඇති බව වාර්තා වේ.
ඒ හේතුවෙන් පාර්ලිමේන්තුවේ ප්‍රධාන සංවිධායක කාර්යාලය හා මන්ත්‍රී සේවා කාර්යාලය සම්පූර්ණයෙන්ම වසා දමා ඇත.
පාර්ලිමේන්තුවේ පක්ෂ නායකයින්ගේ රැස්වීමද කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට තිබුණ ද එය ද කල් දමා ඇති අතර අත්‍යවශ්‍ය කරුණකට හැර වෙනත් කිසිදු කාරණයකට පාර්ලිමේන්තු සංකීර්ණයට බාහිර පුද්ගලයන් ඇතුළු වීම තහනම් කර ඇත.