31 C
Colombo
Saturday, July 27, 2024

ගම්පහ කොටසක් වසා දැමේ

- Advertisement -

පසුගිය දින කිහිපය තුළ ගම්පහ නගරයේ වෙළෙඳසැල් ආශ්‍රිතව වැඩි වශයෙන් කොවිඩ් ආසාදිතයින් හඳුනා ගැනීමත් සමඟ ගම්පහ නගරයේ වෙළෙඳසැල් පිහිටි ප්‍රදේශයේ කොටසක් වසා තැබීමට තීරණය කළ බව ගම්පහ නගරාධිපති එරංග සේනානායක මහතා සඳහන් කරනවා.

නගරාධිපතිවරයා පවසන්නේ පසුගිය දින හතර තුළ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ 280කට අධික ප්‍රමාණයක් සිදුකර ඇති අතර එයින් 58 දෙනෙක් ආසාදිතයින් ලෙස හඳුනා ගත් බවයි.

එමෙන්ම මේ වන විට ගම්පහ නගර සීමාවෙන් මේ වන විට කොවිඩ් ආසාදිතයින් 233 දෙනෙකු වාර්තාවී තිබෙනවා.

මෙම නිසා සම්පූර්ණ නගරයම වසාදමනවා වෙනුවට එළවළු වෙළෙඳපොළ ආශ්‍රිත කඩ කිහිපයක්, පළතුරු වෙළෙඳ පොළේ කඩ කිහිපයක් මේ වන විට වසා දමා තිබෙනවා.

එමෙන්ම ස්ථාන 5 කදී ගම්පහ ව්‍යාපාරිකයන් 1000 කගේ පමණ PCR පරීක්ෂණ සිදු කිරීමටද තීරණය කර ඇති බවයි නගරාධිපතිවරයා පවසන්නේ.

RECENT ARTICLES - SINHALA

රනිල්ට සහය ගන්න සුසිලුයි සාගලයි මහින්ද හමුවෙලා

වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ඉදිරි ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරෙමුණේ සහය ලබා ගැනීම පිලිබදව සාකච්ඡාවක් අද (27) විජේරාම නිල නිවසේදී පවත්වා තිබෙනවා . ඒ...

දුම්රිය බිංගෙවල් 32ක තත්ව පරික්ෂාවක්

දුම්රිය දෙපාර්තමේන්තුවට අයත් දිවයින පුරා පිහිටි දුම්රිය බිංගෙවල් 48 අතුරින් උඩරට දුම්රිය මාර්ගයේ නාවලපිටිය සිට බදුල්ල දක්වා ඇති දුම්රිය බිංගෙවල් 32ක යෝග්‍යතාව පරික්ෂා කිරීමේ...

ලංකාව ආර්ථික අර්බුදයකට ලක්වෙනවා කියලා කලින්ම දැනගෙන හිටියා – රනිල්

ශ්‍රී ලංකාව ආර්ථික අර්බුදයකට ලක්වන බව තමන් පෙර සිටම දැන සිටි බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. ජනාධිපතිවරයා සඳහන් ක‍ළේ, ඒ බව තමා විසින් ගෝඨාභය...

POPULAR ARTICLES

අසාදු ලේඛනයට යන වාහන

පරිසරයට අහිතකර දුම් පිටවන වාහන 93ක් පමණ මේ වසර තුළ අසාදු ලේඛන ගත කර ඇති බව වායු විමෝචන භාරකාර අරමුදල පවසනවා. එහි අධ්‍යක්ෂ දසුන් ගමගේ...

අනුරගේ ප්‍රකාශයට හරින්ගෙන් පිළිතුරු ලිපියක්

පසුගිය දිනක ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා විසින් හරීන් ප්‍රනාන්දු සහ මනූෂ නානයක්කාර මහතාගේ විදෙස් ගමන් සදහා මුදල් වැය වූ ආකාරය...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව ඩොලරයේ අගයෙහි සුළු වෙනසක් සිදුව තිබෙනවා. ඒ අනුව ඩොලරයේ...