29 C
Colombo
Thursday, June 1, 2023

පකිස්තානයට එරෙහිව ඇමරිකාවේ විරෝධතාවයක්

- Advertisement -

ඇමරිකාවේ වෙසෙන පෂ්තුන් ප්‍රජාව පකිස්තානයට එරෙහිව නිව්යෝර්ක් නගරයේ විරෝධතාවයක් පවත්වා තිබේ.

නගරයේ විරෝධතා රථ පෙළපාලියක් පැවැත්වූ ඔවුන් අනතුරැව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මූලස්ථානය ඉදිරිපිට උද්ඝෝෂණයක් ද පැවැත් වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

පකිස්තානයේ වෙසෙන පෂ්තුන්වරැන්ගේ මානව හිමිකම් උල්ලංඝනය වන බවත් පකිස්තාන රජය පෂ්තුන්වරැන් ආරක්ෂක කිරීමට සහ ඔවුන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට කටයුතු නොකරන බවටත් ඔවුහු මෙහිදී චෝදනා කළහ.

පකිස්තාන හමුදා ඇෆ්ගනිස්තානයේ යුද්දයට සිදුකරන මැදිහත්වීම් නවත්වන ලෙසටද උද්ඝෝෂකයෝ මෙහිදී අවධාරණය කළහ.

පෂ්තුන්වරැ ප්‍රධාන වශයෙන් උතුරැ පකිස්තානය සහ දකුණු ඇෆ්ගනිස්තානය කේන්ද්‍ර කරගෙන විසිරී සිටින අතර ආසන්න වශයෙන් පකිස්තානයේ ජනගහනයෙන් සියයට 15 ක් ද ඇෆ්ගනිස්තානයේ ජනගහනයෙන් සියයට 50 ක් ද නියෝජනය කරති.

පකිස්තානයේ දෙවන විශාලතම ජන කොට්ඨාසය වන ඔවුන් ඇෆ්ගනිස්තානයේ ප්‍රධානතම ජන කොට්ඨාසය වේ.

RECENT ARTICLES - SINHALA

සිරකරුවන් පිරිසකට ජනපති සමාව

පොසොන් පුර පසළොස්වක පොහොය වෙනුවෙන් බන්ධනාගාරගත සිරකරුවන් පිරිසකට ජනාධිපති සමාව පිරිනමා තිබෙනවා. ඒ අනුව පොසොන් පොහොය දින වනවිට බන්ධනාගාරගතව...

IMF නියෝජිත පිරිස වරාය නගරයේ චාරිකාවක

ශ්‍රී ලංකාවේ නිල සංචාරක නිරත ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිත පිරිස අද (01) පෙරවරුවේ වරාය නගරයේ සහ වරාය පර්යන්තවල චාරිකාවකට එක් වී තිබෙනවා.

අබුඩාබි නැවේ ඉංජිනේරුවා මුහුදට වැටී මරුට

ගාල්ල ධීවර වරායේ නැංගුරම්ලා තිබූ අබුඩාබි රාජ්‍යයට අයත් භාණ්ඩ ප්‍රවාහන නෞකාවක ප්‍රධාන ඉංජිනේරුවරයා එම නෞකාවේ ඉහළ මහලේ සිටියදී අද(01) අළුයම මුහුදට ඇද...

RECENT ARTICLES - ENGLISH

“Don’t panic, there is no fuel shortage”: Kanchana

0
Power and Energy Minister, Kanchana Wijesekara, has issued a reassuring message to the public regarding concerns about fuel shortages. He urges everyone...

Several state institutions gazetted under Finance Ministry

A gazette notification has been issued bringing several state-owned institutions including the Colombo Lotus Tower Management Company, Sri Lanka Cement Corporation, State...

Breaking: SLVlog owner arrested by CID

0
Owner of the SLVlog Bruno Diwakara was arrested by the CID a short while ago. Diwakara was summoned to...