28 C
Colombo
Tuesday, May 21, 2024

පාඨලී CID යට

- Advertisement -

එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා මීට සුළුවෙලාවකට පෙර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට පැමිණ තිබෙනවා.

රත්නපුර ප්‍රදේශයේ පැවති පක්ෂ රැස්වීමක දී සිදුකරන ලද කතාවක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා ඔහුව අද (30) දිනයේ  අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට කැඳවා තිබුණා.

එම ප්‍රකාශය ලබා දීමට පෙර මාධ්‍ය වෙත අදහස් දැක්වූ රණවක මහතා,

“අද දිනයේ රහස් පොලිසියේ පරිගණක අංශයෙන් මට ලියුමක් ලැබුණා 24 වෙනිදා. නමුත් 24 වෙනිදා පාර්ලිමේන්තුව අවසන් වුණා. අපි දැනුම් දුන්නා අපිට මේ රත්නපුර ප්‍රදේශයේ මා විසින් කරන ලද ප්‍රකාශයක් සම්බන්ධයෙන්. ඒ ප්‍රකාශය මොකක්ද? ඒකෙන් සිද්ධ වෙච්ච අපරාධමය වරද මොකක්ද කියන එක අපට දැනුම් දෙන්න කියලා. ඒක අදටත් අපට දැනුම් දීලා නෑ. ඉතින් අපි හිතනවා ඒ රත්නපුර ප්‍රදේශයේ දි මම කිව්වා. මේ රටේ බදු වංචාකාරයෝ ගැන. මේ රටේ බදු වංචාකාරයෝ කෝටි ලක්ෂයක් බදු වංචා කරලා තියෙනවා. එහෙම තිබියදී තමයි මේ දුගී දුප්පත් මිනිස්සුන්ට සීනි වලට කිරිපිටි වලට, ඩීසල් වලට, පෙට්‍රල් වලට, විදුලි බිලට බදු ගහලා තියෙන්නෙ. ඉතින් සමහරවිට ඒ බදු වංචාකාරයෝ ගැන මගෙන් විමසන්න වෙන්න ඕනේ,    

මොකද යුක්ති සහගත නීතිගරුක සමාජයක් වෙනුවෙන් පෙනී සිටින, අපේ පොලිසිය මේක කරනවා ඇත්තේ. ඒ වගේම මම නිතරම ප්‍රකාශ කරපු දෙයක් තමයි, මේ බැංකුවලට, පොලු තියපු අය. මේ ළඟදි වාර්තා වුණා බැංකුවලින් විශේෂයෙන්ම එහි තැන්පත් කරුවන්ගෙන් සියයට හැටක්ම, ඉතාම දුගී දුප්පත් තැන්පත්කරුවෝ රුපියල් වගේ තැන්පත් තමයි තියෙන්නේ කියලා. නමුත් මිලියන ගණන්, බිලියන ගණන් පොලු තියපු අය ඉන්නවා. ඇමතිවරුත් ඉන්නවා. ඒ පොලු තියපු අය අතරේ. ඉතින් සමහර විට ඒ ලැයිස්තුව අපි ඉල්ලලා තිබුණා. ඒ ලැයිස්තුව දීලා නැහැ තාම. පාර්ලිමේන්තුවටවත් කොහෙටවත්. ඒක ගැන මගෙන් විමසන්නද කියන්න බැහැ.

ඒ වගේම අපි දැක්කා මේ මෑතදී විශේෂයෙන්ම අවුරුදු සමයේ ලොකු ළූණු, හාල්මැස්සෝ, කිරිපිටි, පාන් පිටි, මේ හැම එකකින්ම ඉතාමත්ම භයානක ලාභ උපයනවා. පසුගිය වසරේ පමණක් කෝටි අටදාහක් ලොකු ළූණු වලින් ලාභ උපයලා තියෙනවා කියලා රේගුවම කියනවා. ඒ හින්දා ඒ කවුද කියලා ඒ ලයිස්තුව කවුද කියලා ඔවුන්ගෙන් ආදායම් බදු දෙපාර්තමේන්තුවට ආදායම් බදු අය කරගන්න කියලා අපි නියෝගයක් දීලා තියෙනවා. සමහරවිට ඒ ලයිස්තුව හොයා ගැනීමේ පරමාර්ථයෙන් දන්නෑ මේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මට එන්න කියලා තියෙනවා. ඉතින් කොහොම වුණත් එකක් ඉතා පැහැදිලියි. මේ රටේ ව්‍යවස්ථාවේ මානව හිමිකම, මූලික අයිතිවාසිකම ස්ථාපිත කරලා තියෙනවා දහතුන්වෙනි වගන්තියෙන්. නඩු විභාගයකින් තොරව කිසිම කෙනෙකුට මරණ දණ්ඩනය නියම කරන්න අයිතියක් නැහැ.

නමුත් මේ රටේ නීතිය, සාමය ඇමතිවරයා, නීතිය අතට අරගෙන, මරණ දණ්ඩනය ලබා දෙන්න කියලා පොලිසියට කියනවා.

නීතීඥ සංගමය තමන්ගේ මතය ප්‍රකාශ කරලා ඔහුට වහාම ඉල්ලා අස්වෙන්න කියලා තියෙනවා. මේ රටේ නීතිගරුක පුරවැසියන්ගෙන් අපි ඉල්ලා සිටිනවා අවිනීතික ක්‍රියාවලීන්ට එරෙහිව, විශේෂයෙන්ම මේ නීතිය, සාමය පිළිබඳ ඇමතිවරයාගේ අවිනීතික ක්‍රියාවලීන්වලට එරෙහිව, නීතිය අතට අරගෙන, ඔහුගේ පුද්ගලික හමුදාවක් බවට මේ පොලීසිය පත්කිරීමට එරෙහිව, නිත්‍යානුකූලව කටයුතු කිරීමට, අප හා එක්වන ලෙස. සමහරු ඇතැම් අය මේවට පැකිලෙනවා වෙන්න පුළුවන්. නමුත් අපි ඒ ගැන කිසිම පැකිලීමක් නැහැ. තරාතිරම නොබලා ඔවුන්ට ක්‍රියා කරන්න අපි ක්‍රියා කරනවා. එය ඊළඟ මැතිවරණය දක්වාම අපි ඒ අරගලය ගෙනයනවා.

RECENT ARTICLES - SINHALA

ගසක් කඩා වැටීමෙන් කොළඹ පාරක් අවහිර වෙයි

බොරැල්ල දේවි බාලිකා විද්‍යාලය අසල තිබූ විශාල ගසක් කඩා වැටීමෙන් මාර්ගය අවහිර වී තිබෙනවා. අද (21) උදෑසන මෙම ගස කඩා වැටී ඇති අතර, ඒත් සමග...

Breaking: ඩයනාට ඇප

අධිකරණයට ඉදිරිපත් වු හිටපු රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ ඇප මත මුදාහරින ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කළා. සියලු පාර්ශව ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව...

ආයෝජන මණ්ඩල සේවකයින් ආණ්ඩුවට එරෙහිව පාරට බැහැලා

'ආර්ථික පරිවර්තන මුවාවෙන් ආයෝජන කලාප ගජ මිතුරන්ට විකිණීම නවතනු’ යන මැයෙන් ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩල සේවකයින් විරෝධතාවයක් ආරම්භ කර තිබෙනවා. අද (21) දහවල් 12 ට...

POPULAR ARTICLES

ඩයනා අතුරුදන්

ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කර, විදෙස් ගමන් බලපත්‍රයක් ලබා ගැනීම සම්බන්ධ නඩුවේ සැකකාරියක් වශයෙන් හිටපු රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ නම් කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයෙන්...

ඉරාන ජනපති තවමත් අතුරුදහන්. හෙලිකොප්ටරයේ සුන්බුන් බවට සැක කෙරෙන තාප ප්‍රභවයක් හඳුනාගෙන

Update:ඉරාන ජනාධිපති ඊබ්‍රහිම් රයිසි ගමන් ගත් හෙලිකොප්ටර් යානය කඩා වැටුණු ස්ථානය ගවේෂණ කණ්ඩායම් විසින් සොයාගෙන තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ තවත් නොබෝ වෙලාවකින් එම කණ්ඩායම...

කෞෂල්‍ය නවරත්න බාර් කවුන්සිලයෙන් ඉවතට

ශ්‍රී ලංකා නීතිඥ සංගම⁣යේ සභාපති ජනාධිපති නීතිඥ කෞෂල්‍ය නවරත්න මහතාගේ මූලිකත්වයෙන් ඊයේ (18) රැස්වූ එම සංගමයේ සාමාජිකයන් දහසකට ආසන්න පිරිසකගෙන් සමන්විත බාර් කවුන්සිලය එම...