29 C
Colombo
Thursday, July 17, 2025

ජාතික රෝහලේ රුධිර පරික්ෂණ ඇන සිටීමෙන් රෝගින් දැඩි අපහසුතාවයට

- Advertisement -

කොළඹ ජාතික රෝහලේ බාහිර රෝගී අංශයේ රුධිර පරීක්‍ෂ දින තුනක් තිස්සේ නතර වී තිබීමෙන් රෝගීන් දැඩි අපහසුතාවට පත්ව ඇති බව සෞඛ්‍ය වෘත්තිය සමිති පවසනවා.

වෘත්තිය සමිති සඳහන් කරන්නේ, මෙම තත්වය හේතුවෙන් රෝගීන්ට පෞද්ගලික පරීක්‍ෂණාගාරවලින් මුදල් ගෙවා රුධිර පරීක්‍ෂණ වාර්තා ගෙන ඒමට සිදුව ඇති බවත්, රුධිර පරීක්‍ෂණ නතර වීමෙන් ඩෙංගු රෝගීන්ට ප්‍රතිකාර කිරීම දැඩි අර්බුදයක් බවට පත්ව ඇති බවයි.

රුධිර පරීක්‍ෂණ නැවත ආරම්භ කරන දිනයක් අදාල බලධාරීන් ප්‍රකාශ නොකරන අතර, මෙම තත්වය හේතුවෙන් අසරණ රෝගීන් දැඩි අපහසුතාවට පත්ව සිටින බවද සඳහන් කළා.

කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ වෛද්‍ය රුක්‍ෂාන් බෙල්ලන මහතා පැවසුවේ, බාහිර රෝගී අංශය ස්ථාපිත නව ගොඩනැගිල්ලේ වායු සමීකරණ පද්ධතිය බිඳ වැටීම හේතුවෙන් එම තත්වය උද්ගත වී ඇති බවත්, එය එසේ වුවද ප්‍රධාන රුධිර පරීක්‍ෂණ ඒකකය හරහා රුධිර පරීක්‍ෂාවන් කරන බවයි.

RECENT ARTICLES - SINHALA

කහවත්ත තරුණයා ඝාතනය : තවත් දෙදෙනෙක් රිමාන්ඩ්

කහවත්ත තරුණයන් දෙදෙනෙකු පැහැර ගෙන ගොස් එක් තරුණයකු වෙඩි තබා ඝාතනය කර අනෙක් තරුණයාට තුවාල සිදු කළ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් තවත් තරුණයන් දෙදෙනකු...

ඉතිහාසය සහ සෞන්දර්ය විෂයන් හැලිලද? හරිනිගෙන් පැහැදිලි කිරීමක්

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට ඉතිහාසය හා සෞන්දර්ය විෂයන් ඇතුළත් නොවන බවට ඇතැම් පිරිස් දේශපාලන අරමුණින් යුතුව සාවද්‍ය ප්‍රකාශ සිදුකරන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය...

කුරුලු උයනේ හිමිකරු රිමාන්ඩ්

නීතිවිරෝධීව මෙරටට ආනයනය කරන ලද යතුරුපැදි සඟවා තිබූ හම්බන්තොට, නාගරවැව කුරුලු උයනේ හිමිකරුව එළඹෙන 25 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. සැකකරුව අද (17)...

POPULAR ARTICLES