29 C
Colombo
Saturday, July 27, 2024

විදුලි බිල ගෙවීමේදී සහන ලැබෙන කණ්ඩායම ගැන අවධානය

- Advertisement -

විදුලි බිල සඳහා සහන ලැබිය යුතු කණ්ඩායම්වලට සහන ලබා දීමට රජයේ අවධානය යොමු වී ඇතැයි සභා නායක අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත පවසනවා.

ඔහු මේ බව ප්‍රකාශ කළේ, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඇසූ ප්‍රශ්නයකට පෙරේදා (12) පිළිතුරු දෙමින්.

එහිදී අමාත්‍යවරයා සඳහන් කළේ, විදුලි ගාස්තු වැඩි කිරීම සම්බන්ධයෙන් විවාදයක් ලබන 29 වන දා ලබා දීමට තීරණය කර ඇති බවත් ඊට අමතරව සංශෝධන අය වැය ද න්‍යාය පත්‍රයට ඇතුළත් කිරීමට කටයුතු කරගෙන බවත් ය.

එම යෝජනාව ලබන 30, 31,1 සහා 2 දිනවල සාකච්ඡා කිරීමට නියමිත බව ත් එහිදී සහන ලැබිය යුතු කණ්ඩායම් සම්බන්ධයෙන් සාකච්ඡා කර තීරණයක් ගන්නා බව ත් ඔහු වැඩිදුරටත් පවසනවා.

“විදුලි බිලේ වැඩි වීම සම්බන්ධයෙන්, ඒ පිළිබඳව අපි 29 වන දා දිනක විවාදයක් ලබා දීලා තියෙනවා. ඊට අමතරව රිවයිස් බජට් එක අපි න්‍යාය පත්‍රයට ඇතුළත් කරන්න අවශ්‍ය කටයුතු කරගෙන යනවා.

එතකොට 30,31,01,02 බොහෝ දුරට ඒ රිවයිස් බජට් එකේදී සහන ලැබියයුතු කණ්ඩායම්වලට සහන ලබා දීමේ වැඩපිළිවෙලකුත් දැනට සාකච්ඡා කෙරෙමින් පවතිනවා. මම හිතන්නේ එතකොට පුළුවන් විශේෂයෙන් අඩු ආදායම් ලාභීන්ට මේ විදුලි බිල සම්බන්ධයෙන් ගතයුතු පියවර ගැන යම් පියවරක් ගන්න කටයුතු කරමින් පවතිනවා.”

RECENT ARTICLES - SINHALA

නිට්ටඹුවේ බිහිසුණු අනතුරක්. අයෙක් මරුට

නිට්ටඹුව - තිහාරිය ප්‍රදේශයේදී අද (27) උදෑසන නුවර සිට කොළඹ දෙසට ධාවනය වූ ජීප් රථයක් මාර්ගය අයිනේ ගමන් කරමින් සිටි පුද්ගලයෙකුගේ ගැටී අනතුරක් සිදුව...

මිල ප්‍රදර්ශනය නොකළොත් වැඩ වරදී

ග්‍රෑම් 450ක පාන් ගෙඩියක මිල රුපියල් 10කින් අඩු කිරීමට පියවර ගැනීමත් සමඟ මිල ප්‍රදර්ශනය නොකරන වෙළෙඳසැල් හිමියන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට පියවර ගන්නා බව...

විකල්ප ඡන්ද මධ්‍යස්ථානවලදී ඡන්දය භාවිත කිරීමට අවසර

ජනාධිපතිවරණයේදී නියමිත ඡන්ද මධ්‍යස්ථානය හැර වෙනත් ස්ථානයකදී ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා ඉල්ලුම් කළ හැකි බව ජාතික මැතිවරණ කොමිෂන් සභාව පවසනවා. අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරමින්...

POPULAR ARTICLES

අසාදු ලේඛනයට යන වාහන

පරිසරයට අහිතකර දුම් පිටවන වාහන 93ක් පමණ මේ වසර තුළ අසාදු ලේඛන ගත කර ඇති බව වායු විමෝචන භාරකාර අරමුදල පවසනවා. එහි අධ්‍යක්ෂ දසුන් ගමගේ...

අනුරගේ ප්‍රකාශයට හරින්ගෙන් පිළිතුරු ලිපියක්

පසුගිය දිනක ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා විසින් හරීන් ප්‍රනාන්දු සහ මනූෂ නානයක්කාර මහතාගේ විදෙස් ගමන් සදහා මුදල් වැය වූ ආකාරය...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව ඩොලරයේ අගයෙහි සුළු වෙනසක් සිදුව තිබෙනවා. ඒ අනුව ඩොලරයේ...